විභාග දෙපාර්තමේන්තුවේ අභාගය

January 22nd, 2008

බහුවරණ පිළිතුරු බලනමැසිමේ දෝශයක් නිසා සිදු වූ දේ මතකයෙන් මැකී නොයයි. කිසිම වගකීමක් නැති විදියට කටයුතු කරන ළමයින්ගේ මානසිකත්වයත් සමග සෙල්ලම් කරන මෙම දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු පිළිබදව මීට වඩා නීතිමය ලෙසට සකස් විය යුතුයි. ප්‍රශ්න පත්‍ර වලට අදාල පිළිතුරු විභාගයෙන් පසුව අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කර ලකුණු දුන් ක්‍රමයද දැක්විය යුතුයි. නොසැලකිලිමත් කම නිසා දෙපාර්තමේන්තුව මගින් ළමයින්ට සිදු වන අසාධාරණ කම් වෙනුවෙන් කටයුතු කිරීම සදහා මධ්‍යස්තව ක්‍රියා කරන කමිටුවක් තිබිය යුතුයි එම කමිටුවට අනිවාර්යෙන්ම ළමයින්ගේ හද ගැස්ම හදුනන ගුරුවරුන්ද ඇතුලත් විය යුතුයි.

විභාග සම්බන්දව ඇති විනිවිද භාවයද මීට වඩා තිබිය යුතුයි. සාමාර්ථ සංකේතයට අයත් වන ලකුණු පරාසයවත් ළමයාට දැන ගැනීමට අයිතියක් නැතුවා සේය. ළමයින්ගේ පිළිතුරු පත්‍ර ළමයි ඉදිරියේදීම කවර වල බහා සීල් කර ඒ මත ළමයි දෙන්නෙකුගෙන්වත් අත්සන් තබා ගැනීම මගින් විභාග ශාලාව තුලදී සිදු වන අක්‍රමිකතා නැති කර ගත හැකියි. විභාග ක්‍රම නිවැරැදි විය යුතුමයි. නැතිනම් සිදු වන්නේ නොසුදුසු පුද්ගලයන් වැරදි ලෙසඉදිරියට ගෙන, රටේ ඵලදායීතාවය අඩු කිරීමට උදව් දීමකි.

අනාවැකිය

January 22nd, 2008

ජාත්‍යන්තරයෙන් ඉවත් වී සිටීමට හැකියාවක් තිබේද? සිංහල හෝ දෙමළ හෝ වෙනත් ජාතින් හෝ වේවා මිනිසුන්ගේ මානව අයිතීන් දිගින් දිගටම කැඩී බිද වැටෙන තත්ත්වයකට පත් වන විට , මිනිසුන්ගේ මානව අයිතීන් සුරැකීම සදහා ජාත්‍යන්තරයෙන් ආරක්ෂක හමුදාවන් මෙරටට පැමිණෙන්නත් පුලුවනි.

වින් සහ විෂන්

January 17th, 2008

බල්ලෙකුත් නොවන බල්ලෙකුගේ හැඩය ඇති හයිනා නම් සතා කැලාවේ රන්චු වශ යෙන් ජීවත් වන සත්ත්ව කාණ්ඩයකි. මී හරක් ද රන්චු වශයෙන් කැලෑවේ ජීවත් වෙති. හයිනා ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවද ඌට වඩා විශාල සතුන් දඩයම් කර ගැනීමට හපනෙකි. එහෙත් මී හරකුන්ගේ අන් වලට හයිනා යම් තරමක බියක් තිබුනද ඇතින් සිට තර්ජනය කරමින් පසු පසින් පන්නයි. තරහ ඇවිස්සුනු එක් මීහරෙකෙක් හයිනා පසු පස එළෙව්වොත් රන්චුව වශයෙන් එකමුතු වී මී හරකා කොටු කර ගනී. කොටු කර ගත් මී හරකා කෙසේ හෝ ආපහු බේරී ගියහොත් නැවත තමන්ගේ රන්චුව සමගින් කොයියම් මොහොතකදී හෝ හයිනාවෙක් තම අන් වලින් අමුණා ගෙන මරු මුවට පත් කරයි. මේ කැලෑ සතුන්ගේ ගතිගුණයි. මේ ගතිගුණ උසස් මනසක් ඇති මිනිසුන් තුලින් මතු වුවොත් ………..?

සිංහල + දෙමළ -> English

January 13th, 2008

රජයේ බස සිංහල කළ බැවින් එහි නරක විපාක හැම පැත්තකින්ම විදින්නට සිදු වී ඇත්තේ ඒ දෙය කළ පුද්ගලයන්ට නොවෙයි. බුද්ධියෙන් වැඩ නොකර හදවතින් වැඩ කරනතාක් කිසිම ප්‍රස්නයක් නිවැරදිව හදුනා ගැනීමටවත් විසදා ගැනීමටවත් නොහැකියි. ජාත්‍යන්තර බස තිබුනා නම් උතුරෙන් මෙවන් ගැටලුකාරී තත්වයන් ඇති නොවන්නටත් තිබුණි. අධ්‍යාපනයද මීට වඩා දියුණු තත්වයකට පත් වෙනවාමයි. ජාති, කුල, ගෝත්‍ර යනාදී වශයෙන් නොසිතා සැම දෙනාම මිනිස් ජාතියේ යැයි සිතුවොත් මීට වඩා මනුෂ්‍යයන් වෙනුවෙන් යහපත් දේ කළ හැකියි.

බින්දුවෙන් පටන්ගන්න…

January 12th, 2008

පලමුවෙන්ම ඉලක්කම් ඉගෙන ගන්න දරුවාට බින්දුව ඉගැන්විය හැකියි. එහෙත් මූලික ඉලක්කම් දහය ලෙස කුඩා දරුවාට 1 සිට 10 දක්වා උගන්වන්න පටන් ගන්නේ ඇයි? 0 සිට 9 දක්වා ඇති මූලික ඉලක්කම් දහය පිළිබදව නිවැරදි ආකල්පය කුඩා දරුවාට දිය හැකියි. බොහෝදේ පහසුවෙන් නිරායාසයෙන් ඉගැන ගැනීමේ හැකියාව ඇති කුඩා අවදියේදී පලමුවෙන්ම දෙන දේ නිවැරදිවම දිය යුතුමයි.

Mom is blogging

January 11th, 2008

This the first post on my mother’s blog. I managed to convince my mom to start blogging and just finished installing flashy new WordPress instance on my server for my mom. Check here for her posts from tomorrow.