මරුවා කොහේද?
රිය අනතුරු බොහෝය. රිය අනතුරක් සිදු වූ පසු එය සිදු වූයේ කෙසේදැයි සොයති. ඒ පිළිබදව අනාවැකි ද පල කරති. රිය අනතුරු බොහෝ විට සිදු වන්නේ යැයි බොහෝ දෙනා සිතන්නේ, ඉතා වේගයෙන් රිය පැද වීම, බීමත්ව රිය පැදවීම, නිදි මතෙන් රිය පැදවීම, යනාදී වශයෙනි. සමහර විට අධික වෙහෙසකර ව සිට රිය පැදවීමද අනතුරු දායක වේ. රථයේ දෝෂද අනතුරු සදහා හේතු වෙයි. එහෙත් බොහෝ දෙනෙක් නොසිතන තවත් කරුණක් ඇත. මාර්ගයේ දෝෂ. වැසි දිනකදී සිදු වන මාර්ගයේ ලිස්සීම නොව , සැමදා පවතින මාර්ග සකස් කිරීමේදී ඇති දෝෂයි. ඉන්ජිනේරු පරික්ෂාවක් නොමැතිව කම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් පමණක් විසින් සැදූ මාර්ගදැයි විටෙක සිතේ. ඉන්ජිනේරු උපදෙස් මත නිවැරදි වේග සීමාවන් රියැදුරන්ට ප්‍රදර්ශනය වන පරිදි තිබිය යුතුයි.දැන් රිය අනතුරක් සිදු වූ විට එයට බලපැ හේතුව මාර්ග සකස් කිරීමේදී සිදු වූ දෝෂයක්දැයි සොයා බැලිය යුතුයි.
Filed under නොතේරු | Comment (0)ඇයි මෙහෙම වුනේ?
විශ්ව විද්‍යාල සිසුන් මෙතරම් කළහකාරී පිරිසක් වුනේ ඇයි? විශ්ව විද්‍යාලයන්හි ඉගෙනුම ලබන්නේ ඉහලම ලකුණු ලබා ගත් ළමයින්මද? දිස්ත්‍රික් මට්ටම් අනුව ගැනීමේ ක්‍රමය මත අඩු ලකුණු ගත් අයද විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙයි.පහසුකම් අඩු නිසා දෙන මෙම වරප්‍රසාදය නිසාම දැන් කබලෙන් ලිපට වැටීමක් සිදු වී ඇත. පහසුකම් අඩු වූ විට මානසික පීඩනයටද ලක් වෙයි. මානසික පීඩනයට ලක් වූවන් ඉතාමත්ම පහසුවෙන් ඕනෑම දෙයකට හසු කර ගත හැකියි. වැඩි ලකුණු ලබා ගත් එහෙත් දිස්ත්‍රික් ක්‍රමය නිසා විශ්ව විද්‍යාලයන්ට ඇතුලත් වීමට නොහැකි වූවෝ පිට රට ගොස් එහි දී උසස් අධ්‍යාපනය ලබා පිටරට වලටම ඔවුන්ගේ දැනුම ලබා දෙති.එම රට වල ඵලදායීතාවයත් දියුණුවත් වැඩි කිරීමට ඔවුන් වැඩ කරති.අපේ රටේ බුද්ධිමතුන් පිට රැටියන් කෙසේ හෝ අයිති කර ගෙන ඔවුන්ගේ රටවල් දියුණු කර ගනී. එහෙත් අපේ රටේ අය කරන්නේ බුද්ධිමතුන් කපා හැරෙන විදියේ ඉතා බොළද ක්‍රම අනුගමනය කිරීමයි.
දැන්වත් නිවැරැදි වෙන්න. විශ්ව විද්‍යාල වලට බුද්ධිමතුන් ඇතුලත් කර ගන්න. හැගීම් වලට නොව බුද්ධියට තැන දෙන්න. බොළද ක්‍රම ඉවතට දමන්න කාලය ඇවිත්. ඉහලම ලකුණු ගන්න බුද්ධිමත් පිරිස ඇතුලත් කර ගන්න. ඔඩු දුවපු තුවාලයක් සුව කරන්න අමාරුයි. එහෙත් ඒ කොටස ඉවත් කර හෝ ඉතිරි කොටස ඔඩු දිවීමෙන් ගලවා ගන්න.නැත්නම් අකාලයේ මියැදේවී.
වේදනාව
දොඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේගෙන් ඇසූ බණක් ඇසුරෙනි.
වේදනාව දැනීම් මාත්‍රයක්. ෂඩ් ආයතන ලෙස හදුන්වන්නේ සිත, ඇස, කණ, නාසය, දිව, ශරීරය. වේ.
සිතෙන් —> සිතුවිලි
ඇසෙන් —> රූප
කණෙන් —> ශබ්ද
නාසයෙන් —> ගඳ සුවඳ
දිවෙන් —> රසය
ශරීරයෙන් —> ස්පර්ශය
වේදනාව ප්‍රධාන කොටස් තුනක් ලෙස දැක්විය හැකියි.
සුඛ වේදනා —> සතුට ඇති කරවන සුලු
දුක්ඛ වේදනා —> දුක ඇති කරවන සුලු
උපේක්ඛා වේද්නා —> සැපත් දුකත් දෙකම ඉක්මවා ගිය
මේ අනුව වේදනාව කොටස් 18 ට බෙදා දැක්විය හැකියි.
ශඩ් ආයතන වේදනාවේ ප්‍රධාන කොටස් 3 ක් සමග ගත් විට 18 ආකාරයට පෙන්විය හැකියි.
උදාහරණයක් ;
- සිත
- සුඛ සිතුවිලි
- දුක්ඛ සිතුවිලි
- උපේක්ඛා සිතුවිලි
