යටගිය දවස සහ මෙදවස
බ්‍රහ්මදත්ත කුමරා තල මිටක් සොරකම් කල වරදට ගුරුතුමා දඩුවම් කල විට, කුමරා ගුරුතුමාගෙන් පළි ගැනීමට ඉටා ගත්තේය. කුමරා රජ වූ පසු ගුරුතුමාට දඩුවම් කිරීමට සූදානම් වූහ. දරුවන් යහමගට ගෙන දැණුම ලබා දෙන ගුරුඋතුමන්ට දඩුවම් කිරීම කළ නොහැක්කකි. මෙය යටගිය දවස සිදුවීමකි. රිදී කුමරා පාසැල් නොපැමිණීමේ වරදට ගුරුතුමා කෝටු පාර හයක් ගැසුවාදෝ?. රිදී කුමරා ගුරුවරුන්ට දඩුවම් කරන්න බලා සිටිනවා. ඒ මෙදවසයි.
Filed under නොතේරු | Comment (1)දිනුවත් ඇත්තටම පැරදිලා
අධිකරණ තින්දු මත තමන්ට ජය ලැබුනා කියා සිතන බොහෝ දෙනාට ලැබී තිබෙන්නේ පරාජයකි.තමන්ගේ පවුලේ දියුණුවට යෙදවීමට තිබූ මුදල් නැති විය. විරුද්ධවාදීන් රැසක් ඇති විය. පරම්පරා ගනන් පලි ගැනීම් සිදු වන අවස්ථාද ඇත. එකම ගමේ එකට සිටි අය ඉතාමත් සුලු දේවල් මත ගැටුම් ඇති කර ගෙන අධිකරණයේ පිහිට පතයි. ගමේ සිටින පූජ්‍ය පක්ෂයටත් පූජක පක්ෂයටත් වැරදි අදහස් වලින් පිරුණු මිනිසුන් බොහෝ දුරට නිවැරැදි කිරීමට හැකියාවක් ඇත.ප්‍රශ්න ගැටුම් වලින් පිරුණු මිනිසුන්ට නිවැරැදි මග පෙන්වා දීමට හැකියාවක් ඇති අයගෙන් එය ඉටු වන්නේද?
Filed under නොතේරු | Comment (0)