ප්‍රබලයන්ගේ නොහැකියාවෙන් පීඩනයට පත් වෙන්නන්
විශ්‍රාමිකයන් මිය ගිය පසු ඔවුන්ගේ වැටුප හොරෙන් ලබා ගත් අයගේ ප්‍රමාණය කොපමණද? මේ කතාව ඇත්තක්ද? එහෙම නැති නම් හිතා මතා සකස් කල දෙයක්ද? එක මකුණෙක් කෑවොත් ඔක්කොම මකුණො මරනවා වගේ දෙයක් දැන් සිදු වෙන්නේ. විශ්‍රාමිකයා ජීවතුන් අතර සිටිනවාද නැද්ද කියා සොයා බලන අපූරු ක්‍රමයක් දැන් ක්‍රියාත්මක වෙනවා. තැපෑලෙන් එන, ග්‍රාමසේවක නිලධාරි මගින් සහතික කරවා ගෙන, නැවත තැපෑලෙන්ම යන ජීවත් වීමේ සහතිකය. දුෂිත හොර වැඩ කරන්නන් වැලැක්වීමට මේ ක්‍රමයෙන් පුලුවන්ද?
විශ්‍රාම ගත් පසු නිදහසේ තමන් කැමති තැන් වල ගමන් යාම, රැඳී සිටීම, ආදී නොයෙකුත් හේතු නිසා, තැපෑලෙන් එන ලියුම මග හැරී, ආපස්සට ගියොත්, විශ්‍රාමිකයාට මහත් අපහසුතාවයකට පත් වෙන්නට සිදු වෙයි. විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ගොස්, ඒ කටයුතු කල යුතුයි. එහෙම අපහසු තාවයන්ට පත් වෙන විදියේ ක්‍රම සැලසුම් කරන්නේ කවුරුන්ද? විශ්‍රාමිකයා මිය ගිය පසු වැරදි ආකාරයට වැටුප යා හැකියි කියන සැක සංකාව නිසා ජීවත්ව සිටින විශ්‍රාමිකයා අපහසුතාවයට පත් කරවන්නේ ඇයි? මේ ක්‍රමයෙන් ටික දවසකට හෝ මුදල් රඳවා ගැනීමෙන් වාසි අත් වන්නන්ට සහනයක් වුවත්, ඊට වඩා විශ්‍රාමිකයාට පහසු ක්‍රමයක් සකස් කළ යුතුයි.
විශ්‍රාමිකයාගේ ගිණුම් හිමි බැංකුවේ ඕනෑම ශාඛාවකින්, විශ්‍රාමිකයාම ගොස් ලබා ගන්නට තිබුනා නම්, තමන්ගේ වැඩ කටයුතු පසෙක දමා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට එනවාට වඩා පහසු නැද්ද? විශ්‍රාමිකයා මිය ගිය පසු, ඉතා කලාතුරකින් සිදු විය හැකි සිදු වීමක් මහා ලොකුවට පෙන්වමින්. විශ්‍රාමිකයන් අපහසුතාවයන්ට පත් කරවන්නේ නැතිව පහසු ක්‍රමයක් සකස් කල යුතුයි.
Filed under නොතේරු | Comment (0)Leave a Reply
