සර්පයෙක් දෂ්ට කල විට

December 27th, 2008

තුවාලයට ඉහලින් රෙදි පටියකින් බැඳදෙහි කටුවකින් කෑ මුඛය තුවාල කර ලේ මිරිකා අරින්න.

කොට කිඹුලා ගහේ පට්ටයක් ගෙන කෙස් ගස් කීපයක් සමඟ කැව තැනට ඉහලින් බඳින්න.

කෑ මුඛයට නැවුම් වලන්කටු කැබෙල්ලක් තබා විෂ ඉරවීමට සලස් වන්න.

උණු වතුර, බෝතලයකට දමා නැවත හිස් කර කෑ මුඛයට තබා විෂ උරවන්න. විනාඩි 10 කින් පමණ තව බෝතලයක් තබන්න.

සෑම සර්ප විෂටම

කුඩා පිරිමි ළමයෙකුගේ මුත්‍රා පත බාගයක් ගෙන දෙහි ඇඹුල් පත බාගයක් දමා පෙරා පොවන්න.

කුප්ප මේනිය මුල් කොටා මිරිකා දෙහි ඇඹුල් දමා දෙන්න.

වැල් පෙනෙල කොළකොටා ඉස්මට දෙහි ඇඹුල් දමා දෙන්න.

පිරිමි ළමයෙකුගේ මුත්‍රා පතක් ගෙන ලිප මැද හාරා රතු පස් සමඟ මිශ්‍ර කර කීප විටක් පෙරා පොවන්න.

මී පැණි අවුන්ස 4ක් බොන්න දෙනවා.

තිප්පිලි

වියලි ඉඟුරු

අසමෝදගම්

කළු දුරු

වද කහ

සුදු ළූනු

ගම්මිරිස්

අබ

මේවා ටික ටික ගෙන අඹරා දෙහි ඇඹුල් දමා දෙන්න.

හැකි තරම් ඉක්මනින් බේත් කරන්න.