නිවන සාක්ෂාත් කර ගනිමු

January 3rd, 2013

බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් ඇසූ බණක් ඇසුරෙනි.

නිවන සාක්ෂාත් කර ගැනීම උදෙසා පැවිදි වූ භික්ෂුවට නිවන කරා යාමට නොහැකි වෙන අවස්ථාවන් ගඟේ පාවෙන කොටයක් උපමා කර ගෙන බුදුරජාණන්වහන්සේ  විසින් පෙන්වා දෙන ලදී.

ගඟේ පාවෙමින් තිබෙන කොටයකට පාවී යාමට ඇති බාධක මෙසේ දක්වා තිබේ.

එම කොටය පා නොවී

1.  මෙතෙරම රැඳී තිබිය හැකියි.

2. එතෙර රැඳී තිබිය හැකියි.

3. මැද කිඳා බැසිය හැකියි.

4. ගඟ මැද ඇති ගල් තලාවක් මතට ගොඩ ගැසිය හැකියි.

5. මනුෂ්‍යයන් විසින් අල්ලා ගත හැකියි.

6. අමනුෂ්‍යයන්ට අසු විය හැකියි.

7. දිය සුළියකට අසු විය හැකියි.

8. ඇතුළත කුණු විය හැකියි.

 

මෙතෙර වශයෙන් හැදින්වූයේ,

ආධ්‍යාත්මික ආයතන හය

1. ඇස

2. කණ

3. නාසය

4. දිව

5. ශරීරය

6. මනස

 

එතෙර වශයෙන් හැඳින්වූයේ,

බාහිර ආයතන හය

1. රූප

2. ශබ්ද

3. ගන්ධ

4. රස

5. ස්පර්ශ

6. ධම්ම

 

මැද කිඳා බැසීම වශයෙන් හැදින්වූයේ,

නන්දිරාගය හෙවත්  සතුටු වෙමින් අධික ලෙස ඇලීම

 

ගඟ මැද ඇති ගල් තලාවක් මතට  ගොඩ ගහනවා යනුවෙන් හැඳින්වූයේ,

අධිමානයටයි.

 

මනුෂ්‍යයො අල්ලා ගැනීම යනු,

දායකයො සමඟ ඕනෑවට වඩා එකතුවී කටයුතු කිරීම. දායකයො සමඟ එකට සතුටු වීම දුක්වීම නොකළ යුත්තක්.

 

අමනුෂ්‍යයන්ට අහුවීම යනු,

මරණින් මතු දිව්‍ය ලෝකේ යාමට බලාපොරොත්තුවෙන් සිටීම නිසා නිවන් සාක්ෂාත් කර ගැනීමේ උත්සහය අඩුවීම.

 

දිය සුළියකට අසුවීම යනු,

රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ  පංච කාම ගුණයට හසුවීම නිසා.

 

ඇතුළත කුණුවීම යනු,

දුශ්ශීලීව සිටීම. භික්ෂුවක් පාරාජිකා වෙලා භික්ෂුත්වය නැති වෙලා ඒ වුනත් භික්ෂු චරිතයේ සිටීම.

 

(භික්ෂූන් වහන්සේලාට දේශනා කළ මෙය නන්ද ගොපල්ලව අසා සිට නන්ද රහතන් වහන්සේ නමක් බවට පත් විය.)