සම්මා දිට්ඨි සූත්‍රය – ඵස්ස වාරය

January 14th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ඵස්සය දනීද, ඵස්ස සමුදය දනීද, ඵස්ස නිරෝධය දනීද, ඵ්ස්ස නිරෝධගාමිනී පටිපදාව දනීද, මෙතෙකිනුත් සම්‍යක් දෘෂ්ටික වෙයි.  ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණයට පැමිණියේ වෙයි.

ඵ්ස්සය කවරේද?

ඵස්ස සමුදය කවරේද?

ඵස්ස නිරෝධය කවරේද?

ඵස්ස නිරෝධගාමිනී පටිපදාව කවරේද?

 

චක්ඛු සම්ඵස්සය,

සෝත සම්ඵස්සය,

ඝානසම්ඵස්සය,

ජිව්හාසම්ඵස්සය,

කායසම්ඵස්සය,

මනෝසම්ඵස්සය,

යයි ස්පර්ශ සයකි.

 

සළායතන සමුදයෙන් ඵස්ස සමුදය වෙයි.

 

සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වෙයි.

 

මේ අරි අටඟි මඟම ඵස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.

එනම්:  1. සම්මා දිට්ඨි   2. සම්ම සංකප්ප   3. සම්ම වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6. සම්මා වායාම   7. සම්මා සති   8. සම්මා සමාධි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ ඵස්සය දනීද, ඵස්ස සමුදය දනීද, ඵස්ස නිරෝධය දනීද, ඵස්ස නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය නැති කොට, පටිඝානුශය නැති කර, “අස්මි” “මම” යන බඳු වූ මානානුශය නසා අවිද්‍යාව  හැර විද්‍යාව උපදවා මේ ආත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.