සිත අනුව බලමින් කටයුතු කරමුද?

June 19th, 2013

1. රාග සිතක් ඇති වූ විට එය රාග සිතක් බව දැන ගැනීම.

රාගයෙන් තොර සිතක් ඇති වූ විට එය රාගයෙන් තොර සිතක් බව දැන ගැනීම.( වීත රාගී)

2. ද්වේෂ සහගත සිතක් ඇති වූ විට එය ද්වේෂ සහගත බව දැන ගැනීම.

ද්වේෂයෙන් තොර සිතක් ඇති වූ විට එය ද්වේෂයෙන් තොර බව දැන ගැනීම. ( වීත දෝෂී)

3. මෝහ සහගත සිතක් ඇති වූ විට  එය මෝහ සහගත  සිතක් බව දැන ගැනීම.

මෝහයෙන් තොර සිතක් ඇති වූ විට එය මෝහයෙන් තොර බව දැන ගැනීම. (වීත මෝහී)

4. හැකිළුණු සිතක් ඇති වූ විට එය හැකිළුණු සිතක් බව දැන ගැනීම.

විසිරුණු සිතක් ඇති වූ විට එය විසිරුණු සිතක් බව දැන ගැනීම. (අතීතයට සහ අනාගතයට යන සිත)

5. දියුණුවට පත් වූ සිතක් ඇති වූ විට ඒ බව දැන  ගැනීම. (මහග්ගත සිත – රූප අරූප ධ්‍යාන සිත)

දියුණුවට පත් නොවූ සිතක් ඇති විට ඒ බව දැන ගැනීම. (අමහග්ගත සිත)

උත්තර සිත, කාමාවචර සිත, අනත්ත සිත, ධ්‍යාන ආදී සමාධි, සමාහිත සිත, අසමාහිත සිත, විමුක්ත සිත,( නිදහස් වූ) අවිමුක්ත සිත, (නිදහස් නොවූ)

( මෙල්ල කරන්නට බැරි කුළුහරකෙක් වගේ ඇති මේ සිත ගැන සිත විසින්ම බලන්න හැකි වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ඒ ධර්ම මාර්ගයටම පිවිසුනොත් පමණි.  බුදුරජාණන්වහන්සේගේ ධර්ම මාර්ගයට පිවිසෙන  අයුරු බෞද්ධයා නාලිකාව ඇසුරු කරන්නන්ට නිරතුරුවම ලැබෙනවා. අප සැවොම එයින් උපරිම  ප්‍රයෝජනය ලබා ගනිමු.)