අප රට දේ

August 21st, 2014

අප රට               දේ

සිරි සැප             දේ

වස විස නැති    දේ

දීඝායු ලැබ        දේ

 

අපේම රටේ               පලතුරු

අපටම කියාපු            පලතුරු

නිරෝගි සුවය ලබන පලතුරු

පූජා කර දන් දෙන    පලතුරු

 

මොනවද ඒ                පලතුරු

දෙන්න ඕන                පලතුරු

ගන්නට හොඳ            පලතුරු

දුන් ගත් සැමටම සුව  නිරතුරු

 

පැණි          නාරං

කොණ්ඩ  නාරං

මේස          නාරං

හීන්           නාරං

 

මාදං හිඹුටු කෝන් පලු                  වීර

අනෙ ඇත්තට රස බැලුවද චීන පේර

නම ඇසුවත්                             පින්තර

මුතුන් මිත්තන් කෑ                   පලතුර

 

ලොවි උගුරැස්ස                          වෙරළු

කෑවොත් බොන්න ඕන නැහැ    අරළු

 

නිතර කෑමට හොඳ     පේර

සුදු පේර රතු                 පේර

පොඩි පේර ලොකු     පේර

නිතර එපා අලිගැට     පේර

 

දෙළුම්   මැංගුස්                 ද

පැණි කොමඩු වරකා     ද

බෙලි   දිවුල්                      ද

ගුණ දෙන සුදු ජම්බු         ද

 

සීනි කැකිරි  කජු පුහුලන්      ද

වැලි අනෝද  කටු අනෝද    ද

නමිනං   ස්ට්‍රෝබෙරි               ද

සැපතිල්ලා    ලාවුළු               ද

 

අඹ  අනනාසි                නම්

දූරියන්  රඹුටන්             නම්

නිතර  කෑමට                නම්

හොඳ  නැති බව කියන්නම්

 

කළු  උක්ගස්     ද

සුදු  උක්ගස්       ද

පැෂන්පෘට්        ද

ඩ්‍රැගන්පෘට්        ද

 

අමු නෙල්ලි   ඉඳුණු ජම්බෝල

කොහු ලාවුළු                 කිරල

රටේ තියෙන රස              ඵල

තබා පුදමු බුදු                පාමුල

 

රස  ගුණ  පලතුරු  පුදමු  අප           බුදු පියාණන්ට

රස  ගුණ  පලතුරු  පුදමු       මෙත් බෝසතාණන්ට

රස  ගුණ  පලතුරු  පුදමු  අප          බුදු පුතණුවන්ට

රස  ගුණ පලතුරු පිදූ පින් අප                         සැමට

 

සැමටම  නීරෝගී සුවය ලැබේවා.

 


One Response to “අප රට දේ”

  1. තිස්ස දොඩන්ගොඩ on August 23, 2014 10:10

    අපූරු කවක්
    මගේ දරුවන්ටත් කියාදෙන්න

WordPress › Error