නාග විසට
නෙලුම් රේණු
නා මල් රේණු
ඉඟුරු පියලි අල
ඉදි බඩ
කෙකටිය අල
එක පමණ ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගුලි කර තැඹිලි වතුරෙන් දිය කර කැඳ පිස දෙනු.
ඊටම
කහඹිලිය
නිදි කුම්බ
මගුල් කරද කොළ
එක පමණ ගෙන කොටා තම්බා දුම් අල්ලන්න. ඉදිමුමට එම රොඩු බඳින්න.
විෂ ඉක්කාවට
මොණර පිහාටු අළු
උක් හකුරු
මී පැණි සමඟ කන්න දෙනවා.