කවුදැයි කවුදැයි රංඩු කරන්නේ

May 11th, 2009

කවුදැයි කවුදැයි රංඩු කරන්නේ

අය්ය යි මල්ලි යි රංඩු කරන්නේ

මොකටද මොකටද රංඩු කරන්නේ

බිම් කොටසකට යි රංඩු කරන්නේ

මල්ලි මොකද කියන්නේ

කෑල්ලක් කඩල ඕන කියන්නේ

අය් ය මොකද කියන්නේ

නොකඩ කමුයි කියන්නේ

මුත්ත එලොව ගියා

අප්පච්චිට බිම් කෑල්ල තියා

අප්පච්චි එලොව  ගියා

බිම් කෑල්ල මෙලොව තියා

අපි දෙන්නත් එලොව යාවි

බිම් කෑල්ල මෙලොව තියා

ඒක නිසා සමගි වෙලා

සිටිමු මගේ මලේ