දහම් ගුණ

June 26th, 2009

නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා

කායෝ ජිගුච්චෝ සකලෝ දුගන්දෝ ගච්චන්ති සබ්බේ මරණං අහංච

ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති.

1. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ අප භාග්‍යවතුන් වහන්සේගේ අති පාරිශුද්ධ වූ මධ්‍යම ප්‍රතිපදාව නැමති චතුරාර්‍ය සත්‍යය ධර්මය, පව සිව් අපායට මග බව පෙන්වන, පින මනු ලොව, සුර ලොව මග බව පෙන්වන, සමාධිය බඹ ලොව මග බව පෙන්වන, රාග, දෝස, මෝහ නසා සසර ගමන වලකාලන, සමථ විදසුන් භාවනා දෙක, නිවනට ඒකායන මග බව පෙන්වන, මුල, මැද, අග තුන් තැන, යහපත් මනාව දේශනා කල, පරමාර්ථ ධර්මයක් වන හෙයින් ස්වාක්ඛාත නම් වන සේක.

2. සන්දිට්ඨිකෝ භගවතා ධම්මෝ අප භාග්‍යවතුන් වහන්සේගේ, අති පාරිශුද්ධ වූ, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, මනාව අනුගමනය කිරීමෙන්, නුවණැති සියලු මිනිසුන්ටද, නුවණැති දෙව්වරුන්ටද, නුවණැති බ්‍රහ්මයන්ටද, වර්තමාන භවයෙහිදිම, නිවන් අවබෝධ කළ හැකි හෙයින්, සන්දිට්ඨික නම් වන සේක.

3. අකාලිකෝ භගවතා ධම්මෝ අප භාග්‍යවතුන් වහන්සේගේ, අති පාරිශුද්ධ වූ, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, අතීතයේදී නිවන් අවබෝධ කළ හෙයින්ද, වර්තමානයේදී නිවන් අවබෝධ කරන හෙයින්ද, අනාගතයේදී නිවන් අවබෝධ කළ හැකි හෙයින්ද, සර්ව කාලීන වූ ධර්මයක් වන හෙයින්ද, අකාලික නම් වන සේක.

4. ඒහිපස්සිකෝ භගවතා ධම්මෝ අප භාග්‍යවතුන් වහන්සේගේ, අති පාරිශුද්ධ වූ, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, එන්න මනා ලෙස අසා, මනා ලෙස කියවා, නිවැරැදිව අනුගමනය කොට බලන්න, නිවන අවබෝධ වෙනවාය කිව හැකි හෙයින්, ඒහිපස්සික නම් වන සේක.

5. ඕපනයිකෝ භගවතා ධම්මෝ අප භාග්‍යවතුන් වහන්සේගේ, අති පාරිශුද්ධ වූ, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, ප්‍රායෝගිකව අනුගමනය කරන්නන්, සත් වසරක කාලයක් තුල, කුමන මොහොතක හෝ, සෝතාපන්න ඵල අවබෝධය, සකදාගාමී ඵල අවබෝධය, අනාගාමී ඵල අවබෝධය, අරිහත් ඵල අවබෝධය යන, ඵලාවබෝධයන්ගෙන්, කුමන හෝ මග ඵලයකට, පමුණුවාලන හෙයින්, ඕපනයික නම් වන සේක.

6. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි භගවතා ධම්මෝ අප භාග්‍යවතුන් වහන්සේගේ, අති පාරිශුද්ධ වූ, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, නුවණැත්තන් තම තමන් විසින්ම, තම තමන්ගෙම ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස නැමති, ඉන්ද්‍රියන් හය ඇතුලතින්ම, අවබෝධ කළ යුතු වන හෙයින්, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නම් වන සේක.

යේච ධම්මා අතීතාච – යේච ධම්මා අනාගතා

පච්චුප්පත්තාච යේ ධම්මා අහං වන්දාමි සබ්බදා

නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං

ඒතේන සච්ච වජ්ජේන – පඤ්ඤා වඩ්ඩන්තු මේ සබ්බදා


One Response to “දහම් ගුණ”

  1. Charitha Diisanayake on January 17, 2010 21:15

    මේ දහම් ගුණ යනු අප භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය මෙබදු ගුණ ඇත්තේය කියා වර්ණනා කළහැකි පෙන්වා දියහැකි ගුණ සමුදායකි..
    මේ පෙන්වා තිබෙන ධර්මයේ ලක්ෂණ පිළිබදව නිවැරදි අවබෝධයක් නොලදහොත් ධර්මාවබෝධය ඉතා දුර වන්නේය. මෙහි කියන ධර්මයේ “අකාලිකො” නම් ධර්මයේ ගුණය බලමු. ලොව කාලික ධර්ම කියා කොටසක් ඇත්තේය. එනම් ඒ ධර්ම අනුගමනය කිරීමෙන්/අනුගතවීමෙන් ඒවායෙ ප්රතිපල ලැබීමට කාලයක් ගතවන ධර්මය.කර්මය කල තැන් පටන් විපාක දීම අතරතුර යම් කාල පරාසයක් දැකිය හැකිය.කර්මයේ ප්රබලතාව මත ඒ කාල අන්තරය අඩු හෝ වැඩි විය හැතිය. නමුත් කරමය කළ අවස්ථාව හා විපාකය අතර කාල පරතරයක් ඇත්තේමය. ඒවා කාලික ධර්මයි… නමුත් භාග්‍යවතුන්වහන්සේගේ ධර්මය අකාලික වෙයි.එය සම්බුද්ධ ශාසනයෙන් පිට ලද හැකි ධර්මයක්නොවේ. අකාලික යන්න අටුවාවේ දක්වා ඇත්තේ කල් නොයවා විපාක දෙන හෙයින් අකාලික යන ලෙසයි. අන් සියලු ධර්ම වර්ධනය කලයුතු/ලබාගතයුතු ධර්ම වෙයි.ඒවා ලබාගත් තැන්සිට ප්රතිපල ගෙනදෙයි.ඒවා සම්පූර්ණ කල තැනිසිට ප්රතිඵල දීමට කාලයක්ද ගතවේ.නිද. පිනක් කල කෙනෙහිම දිව්‍යලොක උප්පත්තියක් නොලද හැකිය.එයට කායක් ගතවේ. නමුත් සද්ධර්මය යනු ඉවත් කිරීමෙන්/මිදීමෙන් ම ගුණ ලැබෙන දහමකි. ඉවත් කළයුත්තේ අකුසල්ය. ඒවා ඉවත් කල කෙනෙහිම ඉවත්වීම නිසාම නිවන පැණවෙන හෙයින්/ඉවත්වීමම නිවන හෙයින් මේ සද්ධර්මයේ ගුණ ලැබීමට කාලයක් ගතනොවේ.අකුසල් ඉවත්වීමත් සමගම නිවන ලැබේ..එබැවින් මේ ධර්මය අකාලිකවේ…
    මෙය ඔබගේ ප්රයත්නය අධෛර්යය කිරීමක් නොවේ.මේ ධර්මයන්ගේ ගුණ කෙළවරක් නොලද හැකිය…