පළපුරුද්ද සහ සංවේදීබව

පළපුරුද්ද  සැම  විටම  අවශ්‍යම  නැත. පළපුරුද්ද  නැතිව  කළ  හැකි  දේ  බොහෝය.  පළපුරුද්ද  අත්‍යවශ්‍යයෙන්ම  අවශ්‍ය  වන අවස්ථාත්  බොහෝය.  සමහර  දේවලට   පළපුරුද්ද  කිසිසේත්  සුදුසු  වන්නේම  නැත.  එම  නිසා  පළපුරුද්ද  සැම  දෙයටම  සැම  තැනටම  සර්ව  සාධාරණ  නොවන්නේය.

සෑම  ජීවියෙක්ම  සංවේදීය.  බොහෝ  දෙනෙක්  කියන  වැරදි  සහගත  දෙයට  අනුකූලතාවය  දැක්වීම  කුමන  සංවේදීතාවයක්ද? එයට  කිව  හැක්කේ  මෝඩ  සංවේදීබවයි.  තමන්ම  බෙල්ල  වටේ  පටියක්  දමා  ගෙන,  තමන්ම  බෙල්ල  සිර  කර  ගන්න  හදනව  වගෙයි.  උගතුන්  හෝ  බුද්ධිමතුන්  මෝඩ  සංවේදීබව   අගයන්නේ  නැත.  ජීවීන්  අතුරින්  මිනිසුන්ගේ  සංවේදීබාවය  වඩාත්  වැදගත්  වන්නේ,  මිනිසුන්ට  උසස්  මනසක්  ඇති  නිසයි.  එම  නිසා  මිනිසා   බුද්ධියෙන්  සංවේදීබව  නිවැරදිව  හසුරුවයි.