Zecumate ZX-T6T ඇඟිළි සලකුණු කාලය සටහන් කරණ උපකරණය

September 20th, 2011

ඇඟිළි සලකුණු වලින් කාලය සටහන් කර ගැනීමට හැකි උපකරණයකි. මේ සඳහා සිංහල අත් පොත්ද බාගත හැකිය.  මෙම උපකරණය ආයතන වල සේවකයන්ගේ රාජකාරිය සඳහා පැමිණීම, රාජකාරි අවසන් වී පිට වී යාම, අතිකාල සේවා පිළිබඳ සටහන් තැබීම, වැඩ කරන කාලයේදී පිට වීම සහ ඇතුල් වීම, ආදී දෑ සටහන් කර ගැනීමට හැකියි.

තේ වතු රබර් වතු ආදී තැන් වලට ගෙන යා හැකි ලෙස සකස් කල උපකරණද ඇත.  වතු සේවකයන්ගේ දිනක වැටුප වැඩි කල පසු වතු පාලකයන්ට සේවකයන්ගේ පැමිණීම සටහන් කර ගැනීම ඉතාමත්ම වටිනා කරුණක් වේ. නැතිනම් වතු ක්ෂේත්‍රයේ  ආදායම කඩා වැටී රටේ ආර්ථිකයටද බලපෑම් ඇති වේ.

ඇඟිළි සලකුණ මගින් කාලය සටහන් කිරීමේදී පුද්ගලයන් වෙනුවෙන්  වෙනත් පුද්ගලයන්ට පෙනී සිටීමේ අවස්ථාව නැති වෙයි. ගුරු විදුහල් වල ගුරු සිසුන් සඳහා, පාසැල්, උපකාරක පන්ති වල සිසුන් සඳහා(උපකාරක පන්ති වලට යන ලෙස ගොස්  වෙනත් තැන් වලට යන සිසුන් හඳුනා ගැනීම සඳහා) කර්මාන්තශාලාවන්හි වැඩ කරන සේවකයන් සඳහා, ආදී තව නොයෙක් ක්ෂේත්‍ර සඳහා මෙම උපකරණය මගින් විශාල සේවයක් සපයා ගත හැකියි.

Zecumate Fingerprint Time Recorder පිළිබඳව විස්තර ලබා ගැනීම සඳහා zecumate.com වෙබ් අඩවියට යන්න.

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin