සම්මා දිට්ඨි සූත්‍රය – ආසව වාරය
ආර්ය ශ්‍රාවක තෙමේ ආස්‍රවයත් දනීද, ආස්‍රව සමුදයත් දනීද, ආස්‍රව නිරෝධයත් දනීද, ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක්දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණෙයි.
ආස්‍රව කවරේද? ආස්‍රව සමුදය කවරේද? ආස්‍රව නිරෝධය කවරේද? ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?
1. කාමාස්‍රව 2. භවාස්‍රව 3. අවිද්‍යාස්‍රව යයි ආස්‍රව තුනෙකි.
අවිද්‍යා සමුදයෙන් ආස්‍රව සමුදය වෙයි.
අවිද්‍යා නිරෝධයෙන් ආස්‍රව නිරෝධය වෙයි.
මේ අරි අටගිමගම ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.
එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මෙයයි.
යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ ආස්රවත් දනීද, ආස්‍රව සමුදයත් දනීද, ආස්‍රව නිරෝධයත් දනීද, ආස්‍රව නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය දුරු කොට, පටිඝානුශය දුරු කොට, මානානුශය (මම, අසමි, යන දෘෂ්ටිය බඳු වූ) මුලිනුපුටා අවිද්‍යාව පහ කොට විද්‍යාව උපදවා දුක් කෙළවර කරන්නෙක් වෙයි.
මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.
Filed under නොතේරු | Comment (0)