සම්මා දිට්ඨි සූත්‍රය – විඤ්ඤාණ වාරය

January 11th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ විඤ්ඤාණයත් දනීද, විඤ්ඤාණ සමුදයත් දනීද, විඤ්ඤාණ නිරෝධයත් දනීද, විඤ්ඤාණ නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුදු  ආර්ය ශ්‍රාවක තෙමේ සම්ම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

විඤ්ඤාණය කවරේද?

විඤ්ඤාණ සමුදය කවරේද?

විඤ්ඤාණ නිරෝධය කවරේද?

විඤ්ඤාණ නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?

 

මේ විඤ්ඤාණ කායයෝ සයෙකි.

1. චක්ඛු විඤ්ඤාණය.

2. සෝත විඤ්ඤාණය.

3. ඝාන විඤ්ඤාණය.

4. ජිව්හා විඤ්ඤාණය.

5. කාය විඤ්ඤාණය.

6. මනෝ විඤ්ඤාණය.

 

සංඛාර සමුදයෙන් විඤ්ඤාණ සමුදය වෙයි.

 

සංඛාර නිරෝධයෙන් විඤ්ඤාණ නිරෝධය වෙයි.

 

මේ අරි අටඟිමඟම විඤ්ඤාණ නිරෝධගාමිනී ප්‍රතිපදාව වෙයි.

එනම්: 1. සම්මා දිට්ඨි   2. සම්මා සංකප්ප   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6. සම්මා වායාම   7. සම්මා සති    8. සම්මා සමාධි.

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ විඤ්ඤාණයත් දනීද, විඤ්ඤාණ සමුදයත් දනීද, විඤ්ඤාණ නිරෝධයත් දනීද, විඤ්ඤාණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් දනීද, හෙතෙම සර්වප්‍රකාරයෙන්ම රාගානුශය දුරු කොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අස්මි” “මම” යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව හැර විද්‍යාව උපදවා ඉහාත්මයේදීම දුක් කෙළවර කරන්නෙක් වෙයි.

මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්ම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්තවෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.