සම්මා දිට්ඨි සූත්‍රය – සළායතන වාරය

January 13th, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ සළායතන  දනීද, සළායතන සමුදය දනීද, සළායතන නිරෝධය දනීද, සළායතන නිරෝධගාමිනී පටිපදාව දනීද, ආර්ය ශ්‍රාවක තෙමේ මෙතෙකිනිදු සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. දහමෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

සළායතන  කවරේද?

සළායතන සමුදය කවරේද?

සළායතන නිරෝධය කවරේද?

සළායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?

 

1. චක්ඛායතනය

2. සෝතායතනය

3. ඝානායතනය

4. ජිව්හායතනය

5. කායායතනය

6. මනායතනය

යයි ආයතන හයෙකි.

 

නාම රූප සමුදයෙන් සළායතන සමුදය වෙයි.

 

නාම රූප නිරෝධයෙන්  සළායතන නිරෝධය වෙයි.

 

මේ අරි අටඟි මඟම සළායතන නිරෝධගාමිනී පටිපදාව වෙයි.

එනම්: 1.  සම්මා දිට්ඨි   2. සම්මා සංකප්ප   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6. සම්මා වායාම    7. සම්මා සති   8. සම්මා සමාධි

යම කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සළායතන දනීද, සළායතන සමුදය දනීද, සළායතන නිරෝධය දනීද, සළායතන නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද, හෙතෙම සර්ව ප්‍රකාරයෙන්ම රාගානුශය දුරු කොට, පටිඝානුශය නැති කොට, “අස්මි” “මම” යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා දුක් කෙළවර කරන්නෙක් වෙයි. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.