අනුත්තරෝ පුරිසදම්ම සාරථී
පංච අනුත්තර ධර්ම
අනුත්තරෝ – තථාගතයන් වහන්සේට වඩා වෙන උතුම් කෙනෙක් නැත. ගුණයෙන්, ශ්‍රේෂ්ඨ විශිෂ්ඨ අග්‍ර කෙනෙකි.
ගුණධර්ම පහක්
1. ශීල ගුණය – ශීල ගුණය අතින් සියළු සිල්වතුන් අතර ලෝකය යට කරන්නේය. දෙවියන්, බ්‍රහ්මයන්, මනුෂ්‍යන්, වෙන කිසිම සත්වයෙක්වත් නැත.
2. සමාධි ගුණය – සමාධිලාභීන් අතර බුදුරජාණන්වහන්සේ අග්‍රයි.
3. ප්‍රඥා ගුණය – සර්වඥතා ප්‍රඥාවෙන් අග්‍රයි. සර්වඥතා ඤාණයෙන් හිත අහිත වූ සෑම දෙයක්ම පෙනෙන නිසා, සර්වඥතා ඤාණයට පස්සෙ මහා කරුණා සමාපත්තිමය ඤාණයෙන් බලා කටයුතු කරයි.
4. විමුක්ති ගුණය – ගුරු උපදේශයකින් තොරව තමන් වහන්සේ විසින්ම දුකින් නිදහස් වූ බැවින් බුදුරජාණන් වහන්සේ අග්‍රයි.
5. විමුක්ති ඥාන දර්ශන ගුණය – විමුක්තිය පිළිබඳව දැන ගැනීමේ ඥානයෙන්ද අග්‍රයි.
පුරිස – පුරුෂයෝ තුන් ආකාරයි.
1. මනුෂ්‍ය පුරිස – අංගුලිමාල, සච්ච්ක වැනි පුරුෂයෝ දමනය කළහ.
2. අමනුෂ්‍ය පුරිස – තිරිසන් නොවන, මනුෂ්‍ය නොවන, පුරුෂයෝ – දෙවියන්, බඹුන්, යක්ෂයන්. ආදීන්. – (බක බ්‍රහ්මයා, සක්‍රය, සුචිසෝම )
3. තිරස්චීන පුරිස – නාලාගිරි ඇතා
දම්ම – දමනය කිරීම. ශාන්ත, සිල්වත්, ගුණවත් විදියට දමනය කිරීම.
දමිත දමනය – දමනය වූ පුද්ගලයන් ට ඉදිරියට යාමට කියා දුන්නා.
අදමිත දමනය – දමනය නොවූ අයද දමනය කළා.
සාරථී – රථයක් පදවන රියැදුරෙක් නියමිත තැනට විපතක් නොවී, ගෙන යනවා වාගේ නිවන් මාර්ගයෙන් නිවනටම යෑම.
තථාගතයන් වහන්සේ,
1. අප්පටිමෝ – තථාගතයන් වහන්සේගේ සමාධි ගුණය, ශීල ගුණය, ප්‍රඥා ගුණය, විමුක්ති ගුණය, විමික්ති ඤාණ දර්ශන ගුණය, ඇතුලත් වන ලෙස බුද්ධ ප්‍රතිමා පිළියෙල කළ නොහැකියි.
2. අසම – තථාගතයන් වහන්සේ කිසිවෙකුටත් සම කළ නොහැකියි.
3. අසමසම -අසමයන්ට පමණක් සමාන වන නිසා තථාගතයන් වහන්සේ අසමසම වේ. කිසිවෙකුටත් සම කළ නොහැකි අසම වන්නේ බුදුවරුන් පමණක් නිසා තථාගතයන් වහන්සේ බුදුවරුන්ට පමණක් සමානයි.
4. අප්පටිභාගො – ධර්ම කරුණු වැරදි යයි කියා අභියෝග කළ නොහැකියි.
5. අප්පටි පුග්ගලො – සම්මා සම්බුද්ධ නොවෙයි කියා අභියෝග කළ නොහැකියි.
අනුත්තරෝ පුරිසදම්ම සාරථී ගුණයට මාගේ නමස්කාරය වේවා.
Filed under නොතේරු | Comment (0)