අනුත්තරෝ පුරිසදම්ම සාරථී

February 2nd, 2013

පංච අනුත්තර ධර්ම

අනුත්තරෝ – තථාගතයන් වහන්සේට වඩා වෙන උතුම් කෙනෙක් නැත. ගුණයෙන්, ශ්‍රේෂ්ඨ විශිෂ්ඨ අග්‍ර කෙනෙකි.

ගුණධර්ම පහක්

1. ශීල ගුණය  –  ශීල ගුණය අතින් සියළු සිල්වතුන් අතර ලෝකය යට කරන්නේය. දෙවියන්, බ්‍රහ්මයන්, මනුෂ්‍යන්, වෙන කිසිම සත්වයෙක්වත් නැත.

2. සමාධි ගුණය  –  සමාධිලාභීන් අතර බුදුරජාණන්වහන්සේ අග්‍රයි.

3. ප්‍රඥා ගුණය  –  සර්වඥතා ප්‍රඥාවෙන් අග්‍රයි.  සර්වඥතා ඤාණයෙන් හිත අහිත වූ  සෑම දෙයක්ම පෙනෙන නිසා, සර්වඥතා ඤාණයට පස්සෙ මහා කරුණා සමාපත්තිමය ඤාණයෙන් බලා කටයුතු කරයි.

4. විමුක්ති ගුණය  –  ගුරු උපදේශයකින් තොරව තමන් වහන්සේ විසින්ම දුකින් නිදහස් වූ බැවින් බුදුරජාණන් වහන්සේ අග්‍රයි.

5. විමුක්ති ඥාන දර්ශන ගුණය  –  විමුක්තිය පිළිබඳව දැන ගැනීමේ ඥානයෙන්ද අග්‍රයි.

පුරිස  – පුරුෂයෝ  තුන් ආකාරයි.

1. මනුෂ්‍ය පුරිස  – අංගුලිමාල, සච්ච්ක වැනි පුරුෂයෝ දමනය කළහ.

2. අමනුෂ්‍ය පුරිස  –  තිරිසන් නොවන, මනුෂ්‍ය නොවන, පුරුෂයෝ – දෙවියන්, බඹුන්, යක්ෂයන්. ආදීන්.  – (බක බ්‍රහ්මයා, සක්‍රය, සුචිසෝම )

3. තිරස්චීන පුරිස  –  නාලාගිරි ඇතා

දම්ම  –  දමනය කිරීම. ශාන්ත, සිල්වත්, ගුණවත් විදියට දමනය කිරීම.

දමිත දමනය  –  දමනය වූ පුද්ගලයන් ට ඉදිරියට යාමට කියා දුන්නා.

අදමිත දමනය  –  දමනය නොවූ අයද දමනය කළා.

සාරථී  –  රථයක් පදවන රියැදුරෙක්  නියමිත තැනට විපතක් නොවී, ගෙන යනවා වාගේ නිවන් මාර්ගයෙන් නිවනටම යෑම.

තථාගතයන් වහන්සේ,

1. අප්පටිමෝ  – තථාගතයන්  වහන්සේගේ සමාධි ගුණය, ශීල ගුණය, ප්‍රඥා ගුණය, විමුක්ති ගුණය, විමික්ති ඤාණ  දර්ශන ගුණය, ඇතුලත් වන ලෙස  බුද්ධ  ප්‍රතිමා පිළියෙල  කළ නොහැකියි.

2. අසම – තථාගතයන් වහන්සේ කිසිවෙකුටත් සම කළ නොහැකියි.

3. අසමසම -අසමයන්ට පමණක් සමාන වන නිසා  තථාගතයන් වහන්සේ අසමසම වේ. කිසිවෙකුටත් සම කළ නොහැකි අසම වන්නේ බුදුවරුන්   පමණක් නිසා තථාගතයන් වහන්සේ  බුදුවරුන්ට පමණක්  සමානයි.

4. අප්පටිභාගො – ධර්ම කරුණු වැරදි යයි කියා අභියෝග කළ නොහැකියි.

5. අප්පටි පුග්ගලො  – සම්මා සම්බුද්ධ නොවෙයි කියා අභියෝග කළ නොහැකියි.

අනුත්තරෝ පුරිසදම්ම සාරථී ගුණයට මාගේ නමස්කාරය වේවා.