මාරයා

March 4th, 2013

මාරයා යනු කවරේද?

යහපත, දියුණුව, අභිවෘද්ධිය නසන යම්කිසි බලවේගයක් ස්වභාවයක් හැඳින්විය හැක්කේ මාර ලෙසයි.

මාරයෝ හඳුනා ගනිමු.

1. ක්ලේශ මාර.

2. අභිසංඛාර මාර.

3. ස්කන්ධ මාර.

4. මච්චු මාර.

5. දේවපුත්ත මාර.

1. ක්ලේශ මාර   –   කෙලෙස් ( හිතේ ඇතිවෙන නරක සිතිවිලි)

ක්ලේශ මාරයා අපේ සිත ආක්‍රමණය කරයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාම අරමුණු නිසා ඇලීම, ගැටීම, මුලාවීම නිසා කෙලෙස් ඇවිස්සෙයි.

2. අභිසංඛාර මාර   –   සංඛාර (රැස්කරනවා)

සසර පැවැත්ම සඳහා කර්ම රැස් කිරීම.

අධ්‍යාත්මික ජීවිතය හෙවත් ලෝකෝත්තර නිවන බලා යන ගමන බාධා කරන කර්ම රැස් කිරීම.(සංඛාර)

3. ස්කන්ධ මාර   –   පංචස්කන්ධය

පංචස්කන්ධයම දුක් බොහෝය.

රූපය තිබෙන තැන මාරයා ඇත. රූපය තිබෙන තැන මරවන්නෙක් සිටී.

4. මච්චු මාර   –  සාමාන්‍ය මරණය.

ආයුෂ, කර්ම ආදිය ගෙවී යාමෙන් සම්මුති මරණය වේ.

5. දේවපුත්ත මාර   –   වසවර්ති මාරයා.

ලෝකෝත්තර මඟ හෙවත් නිවන සාක්ෂාත් කරගැනීම සඳහා භාවනා ආදී කුසලයෙන් ඈත් කරවීමටත්, පින් පව් කරමින් සංසාරගතව ගමන් කරනවටත් කැමැත්තක් දක්වයි.

( බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ බණක් ඇසුරෙන්  උපුටාගෙන, පසුකලෙකදී මතකය අවදි කරවා ගැනීම සඳහා ලියා තබමි.)


One Response to “මාරයා”

  1. Beetle on March 27, 2013 19:11

    ඔබ බ්ලොග් අඩවිය අහම්බෙන් ඇසගැටුනි… හුදෙක් පුද්ගලික ප්‍රයෝජනයට තැබූ සටහන් වුවද ඒවා කිහිපයක්ම කියවා දැනුමක් ලදිමි, රසවින්දෙමි…
    වසර පහක් අඛණ්ඩව බ්ලොග් ලිවීම අගය නොකර පිටවිය නොහැකි හෙයිනි මේ කමෙන්ටුව…