අනේ මෙහෙම විදුලියක්……..?

June 18th, 2013

බොහෝ දෙනාගේම එකම අදහස වෙන්නේ  විදුලිබිල වැඩි කිරීම නුසුදුසු බවයි.

සූර්යබල ශක්තියෙන් විදුලිය නිපදවිය නොහැකිද?

සුළංබල ශක්තියෙන් විදුලිය නිපදවිය නොහැකිද?

මළමුත්‍ර වැනි අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවිය නොහැකිද?

 

1. ගෘහස්ථ විදුලි ඒකකයක මිල වර්ග කිරීමෙන් තොරව එකම මුදලකට ලබා දීම.

2. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු සියළුම ඇමතිවරුන්ගේ නිල නිවාස වල විදුලි ඒකකයක මිල, විදුලිය නිසා ඇතිවන පාඩුව වළක්වා ගැනීමට, හැකි වෙන ලෙස ඉහලම මුදලකට ලබාදීම.

3. රාජ්‍ය අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල විදුලි ඒකකයක මිල, අංක 2 හි සඳහන්  මිලෙන් භාගයක මිලට ලබාදීම.

4. කර්මාන්තශාලා සඳහා  විදුලි ඒකකයක මිල රුපියල් 10 ක් වැනි  සුළු මුදලකට ලබාදීම.

5. ආහාර වර්ග නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා විදුලි ඒකකයක මිල රුපියල 5 ක් වැනි ඉතා කුඩා මුදලකට ලබාදීම.

 

ගාස්තු වැඩි කිරීමේ විදුලි මිසයිලයෙන් මහජනතාව ගැලවේවා.