උළුක්කුවට

January 15th, 2009

අමු කහ

බැල තණ

පොල්

ලුනු

සමඟ කොටා මලවා බඳින්න.

ඊටම

ඔලිඳ කොළ කොටා එරඬු තෙලින් මලවා බඳින්න.

ගින්නෙන් පිළිස්සුනාම

January 15th, 2009

අන්නාසි ගොබ කොටා මිරිකා රෙදි කඩකින් පෙරා පිළිස්සුනු තැන ගල්වන්න.

කැරපොත්තා ලෙවකා හෝ මුත්‍රා කල විෂට

January 15th, 2009

අළු හුණු ටිකක් උණු වතුරට දමා දිය කර ඒ දුම් අල්වන්න. [එම ගෑවුනු තැනට ]

පණු ගායට

January 15th, 2009

වලගසාල් කුඩු කර මී පැණි සමඟ ගුලි කර වරකට බුළු ගෙඩියක් පමණ උදේට දින 3 ක් හෝ  4 ක් දෙන්න.

ගෝනුසු විෂට

January 15th, 2009

තෝර මුල් දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

ඊටම

වරා දළු, අමු කහ, ලුනු කැටයක් සමඟ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.

පත්තෑ විෂට

January 15th, 2009

දෂ්ඨ මුඛය දෙහි කටුවකින් පාරා අරලිය කිරි තබා බඳින්න.

ඊටම

මල් ගස් ලබු මුලක් දෙහි ඇඹුලෙන් අඹරා කෑ මුඛයේ තබන්න.

අත පය හංදි පැනීමට

January 15th, 2009

ලුනු වරණ පොතු

අට්ටික්කා පොතු

අමු කහ

ලුනු ටිකක්

එකට දමා කොටා මලවා බඳින්න.

ඒ සමඟම හාල් හුණ්ඩුවක් පමණ ගෙන සෑහෙන පමණ වතුර දමා ලිප තබා බත උතුරන විට අර බේත ලිහා දමන්න.

ඊටම

කොතල හිඹුටු කොළ, පොතු,

අමු කහ

දිය ලුනු

පොල් බෑවක පොල්

දමා කොටා මලවා හවස තරු පායන වෙලාවට ඒ දෙස බලා බේත් බැඳ තිස් පැයෙන් ලිහා දමන්න.

හංදි පූට්ටු වී සුව වේ.

තැල්මට

January 15th, 2009

ලුනු දියර මැටි ඇතිලියක දමා ලොකු රෙදි පටියක් ඊට දමා හොඳට පොඟවා ලිප තබා රත් කර යාන්තමට තෙතමනය තිබියදී මඳ රස්නය ඇතිව තැලුනු තැනට තබා බැඳ ලුනු දියරෙන් තෙමන්න. වේලෙන විට වරින් වර තෙමන්න.

උලුක්කුවට

January 15th, 2009

උලුක්කු හංදිය ඇද තලතෙල් ගාන්න.

බේත් එඬරු කොළ, පොතු, ගෙඩි, මල්, අමු කහ සමඟ කොටා මලවා බඳින්න.

විෂ කටු ඇනී ඇත්නම් ඇදීමට

January 15th, 2009

අන්නාසි ගොබ, අමු කහ, පෙරුංකායම් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.

ඊටම

කෝමාරිකා මද පෙරුංකායම් පොල් කිරෙන් තම්බා අඹරා බඳින්න.

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin