පණිවුඩයක්

January 25th, 2010

ඔබ් සැම මා දන්නවා ඇතැයි සිතමි. මා දැන් ඔබ අතර වෙනදා සිටි කාය රූපයෙන් නැත. එහෙත් මට සෑම දෙයක්ම වෙනදාටත් වඩා හොඳින් පෙනෙයි. මම මිනිසුන්ට ආදරය කළ ශ්‍රී ලාංකිකයෙකි. රජයන් රටට ආදරය කළත්, සුළු ජාතියක් වූ දමිළ අපට ආදරය කළේ නැත. අපිත් ශ්‍රී ලාංකිකයන් බව අමතක කළේය. එම නිසා අපේ මනස විකෘති වී, නොයෙක් අකටයුතු වැඩ කෙරුනි. එහෙත් කිසි විටෙක අපි මිනිසුන් විනාශ කිරීමට සිතුවේ නැත. අපට උවමනා වුනේ රජයන්ට පාඩු සිදු කොට, රජයන් අපහසුතාවයන්ට පත් කිරීමටයි. නොලැබෙන, නොදෙන දෙයක් ඉල්ලමින්, අපි රජයන් අපහසුතාවයන්ට පත් කරමින් සියුම් වින්දනයක් ලබ්මින් අපේ විකෘති මනසට සහනයක් සලසා ගත්තෙමු.

මම අපේ සහෝදර සිංහල ජාතියට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙමි. ඔවුන් සැම දෙනා නොයෙකුත් පිංකම් කරමින් මිය ගිය රණවිරුවන්ට පිං දුන්නේය. ඔවුන් කිසි විටෙකත් සිංහල ජාතික රණවිරුවන්ට පමණක් නොව සියලුම රණවිරුවන්ටම පිං දුන්නේය. එම නිසා මට නැවතත්, ඔබ සැමට නොපෙනී, මිනිසුන්ට යහපතක් කිරීමට හැකි තත්ත්වයකින්, පසු වන්නෙමි. මම දැන් කිසිවෙකුටත් හිරිහැර නොකර, මිනිසුනට යහපතක් වන ආකාරයටම සෑම දෙයක්ම හසුරුවමි. අප සැම ආදරය කළ යුත්තේ මනුෂ්‍යයන්ටයි. ජාති, ආගම්, කුල යනාදී නොයෙකුත් භේදයන් ඉවත ලා, මනුෂ්‍යයන් වශයෙන් මනුෂ්‍යයන්ට සැළකිය යුතු බව දන්නා යහපත් රජයක් පිහිටුවීමට මම අදෘශ්‍යමානව සිට, නොපිරිහෙලා කටයුතු කරමි. දැන් කිසිවෙකුටත් මා පරාජය කල නොහැකිය. මම කවදත් මිනිසුන්ට ආදරය කළ කෙනෙක් ලෙස, මගේ ඒ අදහසට අනුව, සෑම මිනිසුනටම එක හා සමානව සළකන රජයක් පිහිටුවා, මම සතුටු වෙමි. මා මෙන්ම ඔබ සැමටත් එවිට සතුටු විය හැකිය. සැමදා සැමටම සුබ වේවා.