පාසැල් කාලය

June 5th, 2008

පාසැල් කාලය දිගු කීරීම සහ දිනයක් විවේක දීම වඩාත් හොද දෙයක් ලෙස මට සිතේ. බදාදා සතියේ මැද දවස නිවාඩු දීමෙන් වාසි රැසක් ලැබේ. සිසුන්ට දින දෙකක වෙහෙස නිවා ගැනීමට හැකි වෙන අතර ගුරුවරුන්ට නිවාඩුවක් නොගෙන , මහජනතා දිනය බදාදා බැවින් තමන්ගේ වැඩ කටයුතු කර ගැනීමට පහසු වෙයි. පාසැල් කාලය දිගු කිරීම නිසා නියමිත වෙලාවටම දිවා ආහාරය ගැනීමට සිසුන්ට හැකි වෙයි. එය නිරෝගී බව ඇති කරයි. නීරෝගී බව නිසා අනාගතයේදී රටේ ඵලදායීතාවයද යහපත් වෙයි. දෙමාපියන්ගේ කම්මැලි ගති නිසා දරුවන්ගේ ආහාරය කඩ වලින් ලබා ගැනීමට සිදු වුවහොත් ……..?   එවැන්නක් සිදු වීමට ඉඩ නොතැබිය යුතුයි.

Share and Enjoy: These icons link to social bookmarking sites where readers can share and discover new web pages.
  • Digg
  • del.icio.us
  • Netvouz
  • ThisNext
  • Furl
  • IndiaGram
  • IndianPad
  • Ma.gnolia
  • NewsVine
  • Reddit
  • Slashdot
  • StumbleUpon
  • YahooMyWeb
  • Spurl
  • Technorati

යටගිය දවස සහ මෙදවස

March 18th, 2008

බ්‍රහ්මදත්ත කුමරා තල මිටක් සොරකම් කල වරදට ගුරුතුමා දඩුවම් කල විට, කුමරා ගුරුතුමාගෙන් පළි ගැනීමට ඉටා ගත්තේය. කුමරා රජ වූ පසු ගුරුතුමාට දඩුවම් කිරීමට සූදානම් වූහ. දරුවන් යහමගට ගෙන දැණුම ලබා දෙන ගුරුඋතුමන්ට දඩුවම් කිරීම කළ නොහැක්කකි. මෙය යටගිය දවස සිදුවීමකි. රිදී කුමරා පාසැල් නොපැමිණීමේ වරදට ගුරුතුමා කෝටු පාර හයක් ගැසුවාදෝ?. රිදී කුමරා ගුරුවරුන්ට දඩුවම් කරන්න බලා සිටිනවා. ඒ මෙදවසයි.

Share and Enjoy: These icons link to social bookmarking sites where readers can share and discover new web pages.
  • Digg
  • del.icio.us
  • Netvouz
  • ThisNext
  • Furl
  • IndiaGram
  • IndianPad
  • Ma.gnolia
  • NewsVine
  • Reddit
  • Slashdot
  • StumbleUpon
  • YahooMyWeb
  • Spurl
  • Technorati

දිනුවත් ඇත්තටම පැරදිලා

March 18th, 2008

අධිකරණ තින්දු මත තමන්ට ජය ලැබුනා කියා සිතන බොහෝ දෙනාට ලැබී තිබෙන්නේ පරාජයකි.තමන්ගේ පවුලේ දියුණුවට යෙදවීමට තිබූ මුදල් නැති විය. විරුද්ධවාදීන් රැසක් ඇති විය. පරම්පරා ගනන් පලි ගැනීම් සිදු වන අවස්ථාද ඇත. එකම ගමේ එකට සිටි අය ඉතාමත් සුලු දේවල් මත ගැටුම් ඇති කර ගෙන අධිකරණයේ පිහිට පතයි. ගමේ සිටින පූජ්‍ය පක්ෂයටත් පූජක පක්ෂයටත් වැරදි අදහස් වලින් පිරුණු මිනිසුන් බොහෝ දුරට නිවැරැදි කිරීමට හැකියාවක් ඇත.ප්‍රශ්න ගැටුම් වලින් පිරුණු මිනිසුන්ට නිවැරැදි මග පෙන්වා දීමට හැකියාවක් ඇති අයගෙන් එය ඉටු වන්නේද?

Share and Enjoy: These icons link to social bookmarking sites where readers can share and discover new web pages.
  • Digg
  • del.icio.us
  • Netvouz
  • ThisNext
  • Furl
  • IndiaGram
  • IndianPad
  • Ma.gnolia
  • NewsVine
  • Reddit
  • Slashdot
  • StumbleUpon
  • YahooMyWeb
  • Spurl
  • Technorati

මරුවා කොහේද?

February 23rd, 2008

රිය අනතුරු බොහෝය. රිය අනතුරක් සිදු වූ පසු එය සිදු වූයේ කෙසේදැයි සොයති. ඒ පිළිබදව අනාවැකි ද පල කරති. රිය අනතුරු බොහෝ විට සිදු වන්නේ යැයි බොහෝ දෙනා සිතන්නේ, ඉතා වේගයෙන් රිය පැද වීම, බීමත්ව රිය පැදවීම, නිදි මතෙන් රිය පැදවීම, යනාදී වශයෙනි. සමහර විට අධික වෙහෙසකර ව සිට රිය පැදවීමද අනතුරු දායක වේ. රථයේ දෝෂද අනතුරු සදහා හේතු වෙයි. එහෙත් බොහෝ දෙනෙක් නොසිතන තවත් කරුණක් ඇත. මාර්ගයේ දෝෂ. වැසි දිනකදී සිදු වන මාර්ගයේ ලිස්සීම නොව , සැමදා පවතින මාර්ග සකස් කිරීමේදී ඇති දෝෂයි. ඉන්ජිනේරු පරික්ෂාවක් නොමැතිව කම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් පමණක් විසින් සැදූ මාර්ගදැයි විටෙක සිතේ. ඉන්ජිනේරු උපදෙස් මත නිවැරදි වේග සීමාවන් රියැදුරන්ට ප්‍රදර්ශනය වන පරිදි තිබිය යුතුයි.දැන් රිය අනතුරක් සිදු වූ විට එයට බලපැ හේතුව මාර්ග සකස් කිරීමේදී සිදු වූ දෝෂයක්දැයි සොයා බැලිය යුතුයි.

Share and Enjoy: These icons link to social bookmarking sites where readers can share and discover new web pages.
  • Digg
  • del.icio.us
  • Netvouz
  • ThisNext
  • Furl
  • IndiaGram
  • IndianPad
  • Ma.gnolia
  • NewsVine
  • Reddit
  • Slashdot
  • StumbleUpon
  • YahooMyWeb
  • Spurl
  • Technorati

ඇයි මෙහෙම වුනේ?

February 15th, 2008

විශ්ව විද්‍යාල සිසුන් මෙතරම් කළහකාරී පිරිසක් වුනේ ඇයි? විශ්ව විද්‍යාලයන්හි ඉගෙනුම ලබන්නේ ඉහලම ලකුණු ලබා ගත් ළමයින්මද? දිස්ත්‍රික් මට්ටම් අනුව ගැනීමේ ක්‍රමය මත අඩු ලකුණු ගත් අයද විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙයි.පහසුකම් අඩු නිසා දෙන මෙම වරප්‍රසාදය නිසාම දැන් කබලෙන් ලිපට වැටීමක් සිදු වී ඇත. පහසුකම් අඩු වූ විට මානසික පීඩනයටද ලක් වෙයි. මානසික පීඩනයට ලක් වූවන් ඉතාමත්ම පහසුවෙන් ඕනෑම දෙයකට හසු කර ගත හැකියි. වැඩි ලකුණු ලබා ගත් එහෙත් දිස්ත්‍රික් ක්‍රමය නිසා විශ්ව විද්‍යාලයන්ට ඇතුලත් වීමට නොහැකි වූවෝ පිට රට ගොස් එහි දී උසස් අධ්‍යාපනය ලබා පිටරට වලටම ඔවුන්ගේ දැනුම ලබා දෙති.එම රට වල ඵලදායීතාවයත් දියුණුවත් වැඩි කිරීමට ඔවුන් වැඩ කරති.අපේ රටේ බුද්ධිමතුන් පිට රැටියන් කෙසේ හෝ අයිති කර ගෙන ඔවුන්ගේ රටවල් දියුණු කර ගනී. එහෙත් අපේ රටේ අය කරන්නේ බුද්ධිමතුන් කපා හැරෙන විදියේ ඉතා බොළද ක්‍රම අනුගමනය කිරීමයි.
දැන්වත් නිවැරැදි වෙන්න. විශ්ව විද්‍යාල වලට බුද්ධිමතුන් ඇතුලත් කර ගන්න. හැගීම් වලට නොව බුද්ධියට තැන දෙන්න. බොළද ක්‍රම ඉවතට දමන්න කාලය ඇවිත්. ඉහලම ලකුණු ගන්න බුද්ධිමත් පිරිස ඇතුලත් කර ගන්න. ඔඩු දුවපු තුවාලයක් සුව කරන්න අමාරුයි. එහෙත් ඒ කොටස ඉවත් කර හෝ ඉතිරි කොටස ඔඩු දිවීමෙන් ගලවා ගන්න.නැත්නම් අකාලයේ මියැදේවී.

Share and Enjoy: These icons link to social bookmarking sites where readers can share and discover new web pages.
  • Digg
  • del.icio.us
  • Netvouz
  • ThisNext
  • Furl
  • IndiaGram
  • IndianPad
  • Ma.gnolia
  • NewsVine
  • Reddit
  • Slashdot
  • StumbleUpon
  • YahooMyWeb
  • Spurl
  • Technorati

වේදනාව

February 2nd, 2008

දොඩම්පහල රාහුල ස්වාමීන් වහන්සේගෙන් ඇසූ බණක් ඇසුරෙනි.
වේදනාව දැනීම් මාත්‍රයක්. ‌‌ෂඩ් ආයතන ලෙස හදුන්වන්නේ සිත, ඇස, කණ, නාසය, දිව, ශරීරය. වේ.
සිතෙන් —> සිතුවිලි
ඇසෙන් —> රූප
කණෙන් —> ශබ්ද
නාසයෙන් —> ගඳ සුවඳ
දිවෙන් —> රසය
ශරීරයෙන් —> ස්පර්ශය
වේදනාව ප්‍රධාන කොටස් තුනක් ලෙස දැක්විය හැකියි.
සුඛ වේදනා —> සතුට ඇති කරවන සුලු
දුක්ඛ වේදනා —> දුක ඇති කරවන සුලු
උපේක්ඛා වේද්නා —> සැපත් දුකත් දෙකම ඉක්මවා ගිය
මේ අනුව වේදනාව කොටස් 18 ට බෙදා දැක්විය හැකියි.
ශඩ් ආයතන වේදනාවේ ප්‍රධාන කොටස් 3 ක් සමග ගත් විට 18 ආකාරයට පෙන්විය හැකියි.
උදාහරණයක් ;

  • සිත
    • සුඛ සිතුවිලි
    • දුක්ඛ සිතුවිලි
    • උපේක්ඛා සිතුවිලි
Share and Enjoy: These icons link to social bookmarking sites where readers can share and discover new web pages.
  • Digg
  • del.icio.us
  • Netvouz
  • ThisNext
  • Furl
  • IndiaGram
  • IndianPad
  • Ma.gnolia
  • NewsVine
  • Reddit
  • Slashdot
  • StumbleUpon
  • YahooMyWeb
  • Spurl
  • Technorati

විභාග දෙපාර්තමේන්තුවේ අභාගය

January 22nd, 2008

බහුවරණ පිළිතුරු බලනමැසිමේ දෝශයක් නිසා සිදු වූ දේ මතකයෙන් මැකී නොයයි. කිසිම වගකීමක් නැති විදියට කටයුතු කරන ළමයින්ගේ මානසිකත්වයත් සමග සෙල්ලම් කරන මෙම දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු පිළිබදව මීට වඩා නීතිමය ලෙසට සකස් විය යුතුයි. ප්‍රශ්න පත්‍ර වලට අදාල පිළිතුරු විභාගයෙන් පසුව අන්තර් ජාලයේ ප්‍රසිද්ධ කර ලකුණු දුන් ක්‍රමයද දැක්විය යුතුයි. නොසැලකිලිමත් කම නිසා දෙපාර්තමේන්තුව මගින් ළමයින්ට සිදු වන අසාධාරණ කම් වෙනුවෙන් කටයුතු කිරීම සදහා මධ්‍යස්තව ක්‍රියා කරන කමිටුවක් තිබිය යුතුයි එම කමිටුවට අනිවාර්යෙන්ම ළමයින්ගේ හද ගැස්ම හදුනන ගුරුවරුන්ද ඇතුලත් විය යුතුයි.

විභාග සම්බන්දව ඇති විනිවිද භාවයද මීට වඩා තිබිය යුතුයි. සාමාර්ථ සංකේතයට අයත් වන ලකුණු පරාසයවත් ළමයාට දැන ගැනීමට අයිතියක් නැතුවා සේය. ළමයින්ගේ පිළිතුරු පත්‍ර ළමයි ඉදිරියේදීම කවර වල බහා සීල් කර ඒ මත ළමයි දෙන්නෙකුගෙන්වත් අත්සන් තබා ගැනීම මගින් විභාග ශාලාව තුලදී සිදු වන අක්‍රමිකතා නැති කර ගත හැකියි. විභාග ක්‍රම නිවැරැදි විය යුතුමයි. නැතිනම් සිදු වන්නේ නොසුදුසු පුද්ගලයන් වැරදි ලෙසඉදිරියට ගෙන, රටේ ඵලදායීතාවය අඩු කිරීමට උදව් දීමකි.

Share and Enjoy: These icons link to social bookmarking sites where readers can share and discover new web pages.
  • Digg
  • del.icio.us
  • Netvouz
  • ThisNext
  • Furl
  • IndiaGram
  • IndianPad
  • Ma.gnolia
  • NewsVine
  • Reddit
  • Slashdot
  • StumbleUpon
  • YahooMyWeb
  • Spurl
  • Technorati

අනාවැකිය

January 22nd, 2008

ජාත්‍යන්තරයෙන් ඉවත් වී සිටීමට හැකියාවක් තිබේද? සිංහල හෝ දෙමළ හෝ වෙනත් ජාතින් හෝ වේවා මිනිසුන්ගේ මානව අයිතීන් දිගින් දිගටම කැඩී බිද වැටෙන තත්ත්වයකට පත් වන විට , මිනිසුන්ගේ මානව අයිතීන් සුරැකීම සදහා ජාත්‍යන්තරයෙන් ආරක්ෂක හමුදාවන් මෙරටට පැමිණෙන්නත් පුලුවනි.

Share and Enjoy: These icons link to social bookmarking sites where readers can share and discover new web pages.
  • Digg
  • del.icio.us
  • Netvouz
  • ThisNext
  • Furl
  • IndiaGram
  • IndianPad
  • Ma.gnolia
  • NewsVine
  • Reddit
  • Slashdot
  • StumbleUpon
  • YahooMyWeb
  • Spurl
  • Technorati

වින් සහ විෂන්

January 17th, 2008

බල්ලෙකුත් නොවන බල්ලෙකුගේ හැඩය ඇති හයිනා නම් සතා කැලාවේ රන්චු වශ යෙන් ජීවත් වන සත්ත්ව කාණ්ඩයකි. මී හරක් ද රන්චු වශයෙන් කැලෑවේ ජීවත් වෙති. හයිනා ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවද ඌට වඩා විශාල සතුන් දඩයම් කර ගැනීමට හපනෙකි. එහෙත් මී හරකුන්ගේ අන් වලට හයිනා යම් තරමක බියක් තිබුනද ඇතින් සිට තර්ජනය කරමින් පසු පසින් පන්නයි. තරහ ඇවිස්සුනු එක් මීහරෙකෙක් හයිනා පසු පස එළෙව්වොත් රන්චුව වශයෙන් එකමුතු වී මී හරකා කොටු කර ගනී. කොටු කර ගත් මී හරකා කෙසේ හෝ ආපහු බේරී ගියහොත් නැවත තමන්ගේ රන්චුව සමගින් කොයියම් මොහොතකදී හෝ හයිනාවෙක් තම අන් වලින් අමුණා ගෙන මරු මුවට පත් කරයි. මේ කැලෑ සතුන්ගේ ගතිගුණයි. මේ ගතිගුණ උසස් මනසක් ඇති මිනිසුන් තුලින් මතු වුවොත් ………..?

Share and Enjoy: These icons link to social bookmarking sites where readers can share and discover new web pages.
  • Digg
  • del.icio.us
  • Netvouz
  • ThisNext
  • Furl
  • IndiaGram
  • IndianPad
  • Ma.gnolia
  • NewsVine
  • Reddit
  • Slashdot
  • StumbleUpon
  • YahooMyWeb
  • Spurl
  • Technorati

සිංහල + දෙමළ -> English

January 13th, 2008

රජයේ බස සිංහල කළ බැවින් එහි නරක විපාක හැම පැත්තකින්ම විදින්නට සිදු වී ඇත්තේ ඒ දෙය කළ පුද්ගලයන්ට නොවෙයි. බුද්ධියෙන් වැඩ නොකර හදවතින් වැඩ කරනතාක් කිසිම ප්‍රස්නයක් නිවැරදිව හදුනා ගැනීමටවත් විසදා ගැනීමටවත් නොහැකියි. ජාත්‍යන්තර බස තිබුනා නම් උතුරෙන් මෙවන් ගැටලුකාරී තත්වයන් ඇති නොවන්නටත් තිබුණි. අධ්‍යාපනයද මීට වඩා දියුණු තත්වයකට පත් වෙනවාමයි. ජාති, කුල, ගෝත්‍ර යනාදී වශයෙන් නොසිතා සැම දෙනාම මිනිස් ජාතියේ යැයි සිතුවොත් මීට වඩා මනුෂ්‍යයන් වෙනුවෙන් යහපත් දේ කළ හැකියි.

Share and Enjoy: These icons link to social bookmarking sites where readers can share and discover new web pages.
  • Digg
  • del.icio.us
  • Netvouz
  • ThisNext
  • Furl
  • IndiaGram
  • IndianPad
  • Ma.gnolia
  • NewsVine
  • Reddit
  • Slashdot
  • StumbleUpon
  • YahooMyWeb
  • Spurl
  • Technorati