සඝ ගුණ

May 20th, 2009

නමාමි සංඝං මුණිරාජ සාවකං - සත්තා සදා හොන්තු සුකී අවේරා

කායෝ ජිගුච්චෝ සකලෝ දුගන්දෝ - ගච්චන්ති සබ්බේ මරණං අහංච

සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ

උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ

ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ

සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ

යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා

ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අඤ්ජලිකරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති

1. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධි ප්‍රඥාවකින්ද යුක්තව නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ යහපත් මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් සුපටිපන්න නම් වන සේක.

2. උජුපටිපන්නෝ භවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධිප්‍රඥාවකින්ද යුක්තව නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඍජු මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් උජුපටිපන්න නම් වන සේක.

3. ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධි ප්‍රඥාවකින්ද යුක්තව් නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සත්‍ය මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් ඤායපටිපන්න නම් වන සේක.

4. සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ - අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා අධි ශීලයකින්ද අධි සමාධියකින්ද අධි ප්‍රඥාවකින්ද යුක්තව නිවන අවබෝධය පිණිස සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිවැරැදි මාවත වූ මැද මාවත මනාව අනුගමනය කරමින් නුවණැති සිවුවනක් පිරිසම එමගට යොමු කරන හෙයින් සාමීචිපටිපන්න නම් වන සේක.

යදිදං චත්තාරි පුරිස යුගානි සෝතාපන්න පැවිදි ශ්‍රාවක සකදාගාමී පැවිදි ශ්‍රාවක අනාගාමී පැවිදි ශ්‍රාවක අරිහත් පැවිදි ශ්‍රාවක යැයි පුරිස යුගල වශයෙන් සිව් නමක් වන හෙයින් යදිදං චත්තාරි පුරිස යුගානි නම් වන සේක.

අට්ඨ පුරිස පුග්ගලා සෝතාපන්න මගෙහි පැවිදි ශ්‍රාවක, සෝතාපන්න ඵලයෙහි පැවිදි ශ්‍රාවක, සකදාගාමී මගෙහි පැවිදි ශ්‍රාවක, සකදාගාමී ඵලයෙහි පැවිදි ශ්‍රාවක, අනාගාමී මගෙහි පැවිදි ශ්‍රාවක, අනාගාමී ඵලයෙහි පැවිදි ශ්‍රාවක, අරිහත් මගෙහි පැවිදි ශ්‍රාවක, අරිහත් ඵලයෙහි පැවිදි ශ්‍රාවක, යැයි පුරිස පුද්ගල වශයෙන් අට නමක් වන හෙයින් අට්ඨ පුරිස පුග්ගල නම් වන සේක.

5. ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙය්‍යෝ - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා සැදැහැවතුන්ගේ පූජාවන් පිළිගැන්වීමට ද, පිළිගැනීමටද අතිශයින්ම සුදුසු වන හෙයින් ආහුනෙය්‍ය නම් වන සේක.

6. ඒස භගවතෝ සාවක සංඝෝ පාහුනෙය්‍යෝ - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන්ගේ ආගන්තුක සත්කාර පිළිගැන්වීමටද, පිළිගැනීමටද අතිශයින්ම් සුදුසු වන හෙයින් පාහුනෙය්‍ය නම් වන සේක.

7. ඒස භගවතෝ සාවක සංඝෝ දක්ඛිනෙය්‍යෝ - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන්ගේ උතුම්ම පූජාවන් පිළිගැන්වීමට ද, පිළිගැනීමටද අතිශයින්ම සුදුසු වන හෙයින් දක්ඛිනෙය්‍ය නම් වන සේක.

8. ඒස භගවතෝ සාවක සංඝෝ අඤ්ජලිකරණියෝ - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන් දොහොත් මුදුන් තබා කරන වන්දනාවන්ට අතිශයින්ම සුදුසු වන හෙයින් අඤ්ජලි කරණීය නම් වන සේක.

9. ඒස භගවතෝ සාවක සංඝෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති - පුරිස යුගල වශයෙන් සිව් නමක් වූ පුරිස පුද්ගල වශයෙන් අට නමක් වූ අප භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේලා, සැදැහැවතුන්ට පිං උපදවන උතුම් පිං කෙතක් වන හෙයින් අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති නම් වන සේක.

යේච සංඝා අතීතාච – යේච සංඝා අනාගතා

පච්චුප්පන්නාච යේ සංඝා - අහං වන්දාමි සබ්බදා

නත්ථි මේ සරණං අඤ්ඤං - සංඝෝ මේ සරණං වරං

ඒතේන සච්ච වජ්ජේන – පඤ්ඤා වඩ්ඩන්තු මේ සබ්බදා

Bookmark and Share

කවුදැයි කවුදැයි රංඩු කරන්නේ

May 11th, 2009

කවුදැයි කවුදැයි රංඩු කරන්නේ

අය්ය යි මල්ලි යි රංඩු කරන්නේ

මොකටද මොකටද රංඩු කරන්නේ

බිම් කොටසකට යි රංඩු කරන්නේ

මල්ලි මොකද කියන්නේ

කෑල්ලක් කඩල ඕන කියන්නේ

අය් ය මොකද කියන්නේ

නොකඩ කමුයි කියන්නේ

මුත්ත එලොව ගියා

අප්පච්චිට බිම් කෑල්ල තියා

අප්පච්චි එලොව  ගියා

බිම් කෑල්ල මෙලොව තියා

අපි දෙන්නත් එලොව යාවි

බිම් කෑල්ල මෙලොව තියා

ඒක නිසා සමගි වෙලා

සිටිමු මගේ මලේ

Bookmark and Share

පපුවේ සෙමට කැස්සට

January 24th, 2009

ඉඟුරු

කොත්තමල්ලි

කටුවැල්බටු

වැල්මී

තිප්පිලි

මුද්දරස්ප්ලම්

කලං 2 බැගින් වතුර 8 පත 1 සිඳ පෙරා සූකිරි කුඩු දමා උදේ සවස වඩි 3 ක් 4 ක් බොන්න.

Bookmark and Share

පත්තෑයා කෑ විට

January 24th, 2009

පරණ කොහු ලනු කැබැල්ලක් පුලුස්සා අළු ගෙන පොල් තෙලෙන් අනා ගුලි කර  කෑ තැන තබන්න.

Bookmark and Share

වමනයට

January 24th, 2009

ඉරිවේරිය දඬු හාල් පානු දියෙන් අඹරා මිරිකා පෙරා බීමට දෙන්න. සුව වේ.

Bookmark and Share

බඩ ගිනි ඇති වීමට

January 24th, 2009

සියඹලා නැටි කරපිංචා නැටි එක පමණ ගෙන තම්බා පෙරා සතියකට වරක් උදේට බොන්න.

Bookmark and Share

කම්මුල් ගායට

January 24th, 2009

අරළු

නෙල්ලි

පෙති පුවක්

සියඹලා දළු

මේවා එක පමණ ගෙන කොටා ලුනු වතුරෙන් අඹරා මී පැණියෙන් අනා ගාන්න.

ඊටම

අලි හක්ක දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.

[පිලිහුඩු වර්ග ගෙට නොගන්න]

ඊටම– බීමට බේත ;

කොත්ත මල්ලි

පත්පාඩගම්

බිංකොහොඹ

වෙන වෙනම කබලේ රත් කර එකට දමා කුඩු කර කෝපි මෙන් වත් කර දවසට 3 න් වරක් ටික ටික වයසේ හැටියට බලා පොවන්න.

ඊටම — උණ ඉතාම වැඩි නම්

වෙනිවැල් ගැට

ඉරිවේරිය

කටු කරෝසන

කටු වැල් බටු

දුම් මැල්ල

කොහොඹ පොතු

වියලි කහ

අරළු

බුළු

නෙල්ලි

මේවා කලං 1 යි මංචාඩි 4 බැගින් ගෙන වතුර පත 8 / 1 ට සිඳ පෙරා වරකට පත 1/2 බැගින් උදේ හවස බොන්න.

බෙල්ල වටේට හුලං නොවදින සේ සතියක් ආරක්ෂා කරන්න.

නෑම ප්‍රමාද කල තරමට හොඳයි.

අනිත් අයගේ ආරක්ෂාවට — කහ දියර ඉස ගේ  පිරිසිදු කර සාම්බ්‍රානි දුම් අල්ලන්න.


Bookmark and Share

මඤ්ඤොක්කා මතට

January 24th, 2009

පේර කොළ කොටා මිරිකා ඉස්මට පොල් කිරි සහ දෙහි ඇඹුල් මිශ්‍ර කර පොවන්න.

Bookmark and Share

බඩේ අජීර්ණයට

January 24th, 2009

අරළු, සුදු ළූනු කලං 6 බැගින් ගෙන වතුර පත 8 / 1 ට සිඳ සහිඳ ලුනු දමා බොන්න.

Bookmark and Share

ඉන්නන් ගැලවී යාමට

January 24th, 2009

බාර්සෝප් සබන් හුණු සමඟ අඹරා ඉන්නට පමණක් ගාන්න. ගැලවී යාවි.

Bookmark and Share
  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin