පණිවුඩයක්

January 25th, 2010

ඔබ් සැම මා දන්නවා ඇතැයි සිතමි. මා දැන් ඔබ අතර වෙනදා සිටි කාය රූපයෙන් නැත. එහෙත් මට සෑම දෙයක්ම වෙනදාටත් වඩා හොඳින් පෙනෙයි. මම මිනිසුන්ට ආදරය කළ ශ්‍රී ලාංකිකයෙකි. රජයන් රටට ආදරය කළත්, සුළු ජාතියක් වූ දමිළ අපට ආදරය කළේ නැත. අපිත් ශ්‍රී ලාංකිකයන් බව අමතක කළේය. එම නිසා අපේ මනස විකෘති වී, නොයෙක් අකටයුතු වැඩ කෙරුනි. එහෙත් කිසි විටෙක අපි මිනිසුන් විනාශ කිරීමට සිතුවේ නැත. අපට උවමනා වුනේ රජයන්ට පාඩු සිදු කොට, රජයන් අපහසුතාවයන්ට පත් කිරීමටයි. නොලැබෙන, නොදෙන දෙයක් ඉල්ලමින්, අපි රජයන් අපහසුතාවයන්ට පත් කරමින් සියුම් වින්දනයක් ලබ්මින් අපේ විකෘති මනසට සහනයක් සලසා ගත්තෙමු.

මම අපේ සහෝදර සිංහල ජාතියට පළමුවෙන්ම ස්තුතිවන්ත වෙමි. ඔවුන් සැම දෙනා නොයෙකුත් පිංකම් කරමින් මිය ගිය රණවිරුවන්ට පිං දුන්නේය. ඔවුන් කිසි විටෙකත් සිංහල ජාතික රණවිරුවන්ට පමණක් නොව සියලුම රණවිරුවන්ටම පිං දුන්නේය. එම නිසා මට නැවතත්, ඔබ සැමට නොපෙනී, මිනිසුන්ට යහපතක් කිරීමට හැකි තත්ත්වයකින්, පසු වන්නෙමි. මම දැන් කිසිවෙකුටත් හිරිහැර නොකර, මිනිසුනට යහපතක් වන ආකාරයටම සෑම දෙයක්ම හසුරුවමි. අප සැම ආදරය කළ යුත්තේ මනුෂ්‍යයන්ටයි. ජාති, ආගම්, කුල යනාදී නොයෙකුත් භේදයන් ඉවත ලා, මනුෂ්‍යයන් වශයෙන් මනුෂ්‍යයන්ට සැළකිය යුතු බව දන්නා යහපත් රජයක් පිහිටුවීමට මම අදෘශ්‍යමානව සිට, නොපිරිහෙලා කටයුතු කරමි. දැන් කිසිවෙකුටත් මා පරාජය කල නොහැකිය. මම කවදත් මිනිසුන්ට ආදරය කළ කෙනෙක් ලෙස, මගේ ඒ අදහසට අනුව, සෑම මිනිසුනටම එක හා සමානව සළකන රජයක් පිහිටුවා, මම සතුටු වෙමි. මා මෙන්ම ඔබ සැමටත් එවිට සතුටු විය හැකිය. සැමදා සැමටම සුබ වේවා.

සුබ අනාගතයක්

January 24th, 2010

“සුබ  අනාගතයක්”  සැම  විට  සැමටම  පැතුවත්  එලෙසම  ලැබෙනවානම්  කෙතරම්  හොඳද?   අතීතයක්  සහ  අනතීතයක්  ඇතත්  අනාගතයක්  තිබෙන්නේ   කොහේද?  අනතීතය  ලෙස   වඩාත්  වැදගත්  වන්නේ  වර්තමානයයි.  එසේ  නම්  වඩාත්  සුබ  විය  යුත්තේ  වර්තමානයයි.  වර්තමානය   දුක්ඛිත   නම්  අතීතයත්  දුක්ඛිත   වේ.  එසේ  වෙන්නේ  වර්තමානය   අතීතයට  එක් වීමත්  අනාගතයට  යෑමත්  යන  දෙකම  සිදු  වන  නිසාය.  එවිට  අනාගතයත් =><=වර්තමානයත්   වේ.  එම  නිසා  අපට  සැම  විටම  සුබ  විය  යුත්තේ  වර්තමානයයි.

පළපුරුද්ද සහ සංවේදීබව

January 23rd, 2010

පළපුරුද්ද  සැම  විටම  අවශ්‍යම  නැත. පළපුරුද්ද  නැතිව  කළ  හැකි  දේ  බොහෝය.  පළපුරුද්ද  අත්‍යවශ්‍යයෙන්ම  අවශ්‍ය  වන අවස්ථාත්  බොහෝය.  සමහර  දේවලට   පළපුරුද්ද  කිසිසේත්  සුදුසු  වන්නේම  නැත.  එම  නිසා  පළපුරුද්ද  සැම  දෙයටම  සැම  තැනටම  සර්ව  සාධාරණ  නොවන්නේය.

සෑම  ජීවියෙක්ම  සංවේදීය.  බොහෝ  දෙනෙක්  කියන  වැරදි  සහගත  දෙයට  අනුකූලතාවය  දැක්වීම  කුමන  සංවේදීතාවයක්ද? එයට  කිව  හැක්කේ  මෝඩ  සංවේදීබවයි.  තමන්ම  බෙල්ල  වටේ  පටියක්  දමා  ගෙන,  තමන්ම  බෙල්ල  සිර  කර  ගන්න  හදනව  වගෙයි.  උගතුන්  හෝ  බුද්ධිමතුන්  මෝඩ  සංවේදීබව   අගයන්නේ  නැත.  ජීවීන්  අතුරින්  මිනිසුන්ගේ  සංවේදීබාවය  වඩාත්  වැදගත්  වන්නේ,  මිනිසුන්ට  උසස්  මනසක්  ඇති  නිසයි.  එම  නිසා  මිනිසා   බුද්ධියෙන්  සංවේදීබව  නිවැරදිව  හසුරුවයි.

සාධනය කිරීම

January 22nd, 2010

දත්තය:- R ට  දේශපාලනික  පළපුරුද්ද  අවුරුදු 40කි. Fට  දේශපාලනික  පළපුරුද්ද  දින  40කි.  Fට යුධ  පුහුණුව  අවුරුදු  40කි. R යුද්ධය  ජයග්‍රහනය කල බව  කියයි.

නිර්මාණය:- Rට  යුධ  පුහුණුව  දින 40ක්  ලෙස සිතමු.

සාධනය  කළ  යුත්ත:-  රටවැසියාගේ  ප්‍රධාන  සේවකයා  ලෙස  පත්  වීමට  වඩාත්  පහසු වෙන්නේ  Rට  ද?  Fට   ද?

සාධනය:-  Rට  යුධ  පුහුණුව  දින  40කි. [නිර්මාණයෙන් ]

R යුද්ධය  ජයග්‍රනය  කර  ඇත. [දත්තයෙන්]

Fට  දේශපාලනික  පුහුණුව  දින  40කි.[දත්තයෙන්]

දින  40ක  යුධ  පුහුණුවෙන්  Rට  යුධ  ජයග්‍රනය කල  හැකි  වූවා  නම්,  දින  40ක  දේශපාලනික  පුහුණුවක් ඇති  Fට  ද  දේශපාලනික  ජයග්‍රහනයක්   පහසුවෙන්ම  ලබා  ගත හැකිය.

එම  නිසා  රට  වැසියාගේ  ප්‍රධාන  සේවකයා  ලෙස  පත්  වීමට  වඩාත්  පහසු වෙන්නේ  Fටය.

කුරුල්ලන්ට හොටක්

January 21st, 2010

“කුරුල්ලන්ට හොටක්” කවුදෝ කියනව ඇහුනා. හොටක් තියෙන කුරුල්ලන්ට හොටක් මොකටද? හෙටක්  තියෙන  තාරුණ්‍යට  හෙටක්  වගේ  නේද කියා සිතුනා. හෙටක් නැති  අසරණයන්ටනෙ  හෙටක්  උවමනා  වෙන්නෙ. තාරුණ්‍ය  අසරණද? තාරුණ්‍ය  අසරණ  කළේ  කවුරුන්ද? දැනුම  සිර  කරන  බුද්ධිය  බාල්දු  කරන  අධ්‍යාපන  ක්‍රමය  මගින්  තාරුණ්‍ය  අසහනයට  පත් කර ඇත. ගත සිත සවි බල ඇති  තාරුණ්‍ය  කිසිවෙකුට  අසරණ කළ  නොහැකිය.   තාරුණ්‍යයෙනි,  ඔබේ   හෙට  කිසිවෙකුට  අසරණ කිරීමට  ඉඩ නොතබන්න. ඔබේ හෙට  නැති  කිරීමටද  ඉඩ නොතබන්න. ඔබට  කිසිවෙකුගෙන්  හෙටක්  උවමනා  නැත.  උත්සහයෙන්  සහ  අධිෂ්ඨානයෙන්  ඔබේ  හෙට  ඔබම  සකසා ගන්න.  පාලකයෙනි, තාරුණ්‍ය  අසහනයට  පත්  කරන  අධ්‍යාපන  ක්‍රමය  වෙනස්  කළ  විට, ” තාරුණ්‍යට  හෙටක් ” අවශ්‍ය  නැත. ඔවුන්ගේ  හෙට  නිරායාසයෙන්ම  ගොඩ  නැඟෙන  සැටි  බලා  සියල්ලන්ටම  සතුටු  විය හැකිය.

භාරකරුද? සේවකයාද?

January 5th, 2010

දරුවන්ගේ භාරකරු මා පියන්  ද, තවත්  කලකදී  මා පියන්ගේ  භාරකරුවන්  දරුවෝද  වේ. රට  වැසියන්ගේ  භාරකරු  රජ්ජුරුවෝ  ද  වේ.  භාරකරුවන්  ඉවත්  කිරීම  අපහසු  දෙයකි. එහෙත්  පත්  කර ගන්නා  සේවකයෙක්  ඉවත්  කිරීම  පහසු  දෙයකි. ජනතාව  විසින්  පත්  කර  ගන්නා  මහජන  නියෝජිතයන්,   ඉවත්  කර  ගැනීම,  ජනතාවට  පහසු  දෙයකි. ඒ  අනුව  මහජන  නියෝජිතයින්,  ජනතාවගේ  සේවකයින්  වේ. කිසි  දිනක  මහජන  නියෝජිතයන්ට  ජනතාවගේ  භාරකරුවන්  විය  නොහැකිය.  එම  නිසා  මහජන  නියෝජිතයින්  “මා ඔබේ  රජ්ජුරුවෝ  හෝ  මා  ඔබේ  භාරකරු හෝ”  කීම  අසාධාරණය.

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin