භාරකරුද? සේවකයාද?
දරුවන්ගේ භාරකරු මා පියන් ද, තවත් කලකදී මා පියන්ගේ භාරකරුවන් දරුවෝද වේ. රට වැසියන්ගේ භාරකරු රජ්ජුරුවෝ ද වේ. භාරකරුවන් ඉවත් කිරීම අපහසු දෙයකි. එහෙත් පත් කර ගන්නා සේවකයෙක් ඉවත් කිරීම පහසු දෙයකි. ජනතාව විසින් පත් කර ගන්නා මහජන නියෝජිතයන්, ඉවත් කර ගැනීම, ජනතාවට පහසු දෙයකි. ඒ අනුව මහජන නියෝජිතයින්, ජනතාවගේ සේවකයින් වේ. කිසි දිනක මහජන නියෝජිතයන්ට ජනතාවගේ භාරකරුවන් විය නොහැකිය. එම නිසා මහජන නියෝජිතයින් “මා ඔබේ රජ්ජුරුවෝ හෝ මා ඔබේ භාරකරු හෝ” කීම අසාධාරණය.