මානය සහ මිනිසා

September 23rd, 2014

ගරුතර පූජ්‍ය රේරුකානේ  චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේගේ පොත්පත් අසුරෙන් මානය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකියි.

සැවොම එම අවබෝධය ලබාගත යුතුයි යන්නයි මගේ හැඟීම.

 

මානය පිළිබඳව මට ඇති වූ සිතුවිලි  මෙසේ සටහන් තබන්නට යෙදුනෙමි.

මානය රහත් බවට පත් වනතුරුම කාලඟත් තිබෙන්නෙකි. එහෙත් ඒවා අඩුකර ගත හැකියි.

අනතිමානී ගුණය ඇතිකර ගත යුතුයි.එය රහත් බවට පත් වීමට කලින් ඇති කර ගත යුතු වූ උතුම් ධර්මයකි.

කෙනෙකුට තවත් කෙනෙකුගේ හැසිරීම් රටාව හෝ ක්‍රියාවන් දෙස බලා ඔහු හෝ ඇය හෝ යන පුද්ගලයන්ගේ මානය වර්ග කල හැකිද?මානය ප්‍රමාණවත් කල හැකිද?

එසේ කලහැකි වෙන්නේ අනුන්ගේ සිත් දැක ගැනීමට හැකි ආර්ය පුද්ගලයෙකුට හෝ පරචිත්ත විජානන ඥානය ඇත්තෙකුට පමණි යි මගේ හැඟීම.

මානය යනු කුමක්ද?  මානය කුමක් වැනිද? යන්නවත් හරිහැටි නොදැන එක් එක් පුද්ගලයන්ගේ මානය පිළිබඳව මිනුම් ඇති කර ගන්නෝද බොහෝයි. උදාහරණයක් ලෙස ගතහොත් මීටර කෝදුවකින් දියරයක ප්‍රමාණය මනින්න හදනවා වගේය.

කෙනෙක් තවත් කෙනෙක් මහත් වූ මානයෙන් සිටින කෙනෙක් ලෙස දකීද, එම පුද්ගලයාම තවත් කෙනෙකුට ඉතාමත් අනතිමානී කෙනෙක් ලෙසද පෙනෙයි.

මෙසේ වෙන්නේ එය මනින මිනුම ගැනවත් මානය ගැනවත් තවම හරිහැටි අවබෝධයකින් නොදැකපු නිසාබව, අප වටහා ගත යුතුයි.

අප සැවොම උත්සහ කල යුත්තේ මායාකාරී අපේ සිත තුලින්ම මෙම මායාකාරී බවට අසු නොවී තම තමන්ගේම මානය දෙස බලා අනතිමානී ගුණය ඇති කර ගැනීමටයි.

තමන් තුල ඇති මානය පිළිබඳවත් හරිහැටි අවබෝධයෙන් නොදකිනකොට  අන් අයගේ මානයක් ගැන කෙසේ අවබෝධ වන්නේද?

බුදුරජාණන්වහන්සේගේ ධර්මය දැකිය යුත්තේ තමා තුලින්ම බවයි උන්වහන්සේ දේශනා කළේ.

 

පොත පත ඇසුරෙන් සහ ධර්මදේශනාවන්ට සවන් දීමෙන් මානය පිළිබඳව  දැනගත් කරුණු  මෙසේ සඳහන් කරමි.

මානය

1. මද මාන    (සිතේ හටගන්නා වූ මත්වන ස්වාභාවයෙන් යුතු මානය)

2. ත්‍රිභේදගත දොළොස් මාන.

3. සප්ත කේවල මාන.

 

1. මද මාන   27 කි.

2. ත්‍රිභේදගත දොළොස්මාන යථාව   12 යි.  අයථාව  12 යි. (යථාව සහ අයථාව භේදයෙන් 24 යි.)

3. සප්ත කේවල මාන  07 කි.

මාන සියල්ලම 27+ 24+07=58

මද මාන

1.  ජාති මදෝ

2.  ගොත්ත මදෝ

3.  ආරෝග්‍ය මදෝ

4.  යොබ්බන මදෝ

5.  ජීවිත මදෝ

6.  ලාභ මදෝ

7.  සක්කාර මදෝ

8.  ගරුකාර මදෝ

9.  පූරෙක්ඛාර මදෝ (අන්‍යන් විසින් තමන් පෙරටු කර ගැනීම, ප්‍රධානත්වයේ තබා ගැනීම නිසා මත් වීම.)

10. පරිවාර මදෝ

11. භෝග මදෝ

12. වණ්ණ මදෝ

13. සුත මදෝ

14. පටිභාන මදෝ

15. රත්තඤ්ඤූ මදෝ (අතීතය පිළිබඳව දන්නා මදය)

16. පිණ්ඩපාතික මදෝ

17. අනවඤ්ඤාත මදෝ  (අවමන් නොලැබීම නිසා මත්වන ආකාරය)

18. ඉරියාපත මදෝ

19. ඉද්ධි මදෝ

20. යස මදෝ

21. සීල මදෝ

22. ක්ධාන මදෝ

23. සිප්ප මදෝ

24. ආරෝහ මදෝ

25. පරිණාහ මදෝ

26. සණ්ඨාන මදෝ ( දුටුවන් සිත් ගන්නා සුළු වෙමියි මදය)

27. පරිපූරි මදෝ (අනෙක් අයගේ ශරීරයේ අවයව වල දෝස ඇත. මම එසේ නොවේ)

ත්‍රිභේදගත දොළොස් මාන

1.  මම උසස් වෙමි  යි යන මානය. (සෙය්‍ය මානය)

2.  මම සමාන වෙමි යි  යන මානය. (සදිස මානය)

3.  මම හීන වෙමි යි  යන මානය. (හීන මානය)

4.  උසස් වූවන්ගෙන් මම උසස් වෙමි  යි යන මානය.

5.  උසස් වූවන්ගෙන් මම සමාන වෙමි යි  යන මානය.

6.  උසස් වූවන්ගෙන් මම හීන වෙමි යි යන මානය.

7.  සමාන වූවන්ගෙන් මම උසස්  වෙමි යි යන මානය.

8.  සමාන වූවන්ගෙන් මම සමාන වෙමි යි යන මානය.

9.  සමාන වූවන්ගෙන් මම හීන වෙමි යි යන මානය.

10. හීන වූවන්ගෙන් මම උසස් වෙමි යි යන මානය.

11. හීන වූවන්ගෙන් මම සමාන වෙමි යි යන මානය.

12. හීන වූවන්ගෙන් මම හීන වෙමි යි යන මානය.

( යථාව = ඇත්ත ඇති සැටියෙන් ඇති බව )

( අයථාව = ඇත්ත ඇති සැටියෙන් නැති බව )

ත්‍රිභේදගත දොළොස්මාන යථාව සහ අයථාව භේදයෙන් 24 ක් වේ.

සප්ත කේවල මාන

1. මානය

2. අතිමානය

3. මානාතිමානය

4. ඔමානය

5. අධිමානය

6. අස්මිමානය

7. මිථ්‍යාමානය  ( විවිධ ආගමික භක්තිකයන් තමන්ගේ ආගම නිවැරැදි යි කියා සිතීම.)

 

 

 

 

 

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin