නාග විසට

December 27th, 2008

නෙලුම් රේණු

නා මල් රේණු

ඉඟුරු පියලි අල

ඉදි බඩ

කෙකටිය අල

එක පමණ ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගුලි කර තැඹිලි වතුරෙන් දිය කර කැඳ පිස දෙනු.

ඊටම

කහඹිලිය

නිදි කුම්බ

මගුල් කරද කොළ

එක පමණ ගෙන කොටා තම්බා දුම් අල්ලන්න. ඉදිමුමට එම රොඩු බඳින්න.

විෂ ඉක්කාවට

මොණර පිහාටු අළු

උක් හකුරු

මී පැණි සමඟ කන්න දෙනවා.

පොලොන් විෂට

December 27th, 2008

අළු කෙසෙල් අල යුස පොවන්න.

කොට කිඹුලා පොතු කොටා ඉස්ම දොඩම් ඇඹුලෙන් පොවන්න.

පිරිමි ළමයෙකුගේ මුත්‍රා පතක් ගෙන දෙහි ඇඹුල් දමා කිතුල් හකුරු සමඟ දෙන්න.

කෑර කොළ කොටා දොඩම් ඇඹුල් සමඟ පොවන්න

හීන් අරත්ත සහමුලින් ගෙන කොටා මිරිකා ඉස්මට ලිප මැද රතු පස් දමා දිය කර කීප විටක් පෙරා පොවන්න.

පොලොන් විෂ ඉක්කාවට

ඉත්තෑකූරු අළු

එලඟි තෙල්

උක් හකුරු

කලවම් කර කන්න දෙනවා.

සර්පයෙක් දෂ්ට කල විට

December 27th, 2008

තුවාලයට ඉහලින් රෙදි පටියකින් බැඳදෙහි කටුවකින් කෑ මුඛය තුවාල කර ලේ මිරිකා අරින්න.

කොට කිඹුලා ගහේ පට්ටයක් ගෙන කෙස් ගස් කීපයක් සමඟ කැව තැනට ඉහලින් බඳින්න.

කෑ මුඛයට නැවුම් වලන්කටු කැබෙල්ලක් තබා විෂ ඉරවීමට සලස් වන්න.

උණු වතුර, බෝතලයකට දමා නැවත හිස් කර කෑ මුඛයට තබා විෂ උරවන්න. විනාඩි 10 කින් පමණ තව බෝතලයක් තබන්න.

සෑම සර්ප විෂටම

කුඩා පිරිමි ළමයෙකුගේ මුත්‍රා පත බාගයක් ගෙන දෙහි ඇඹුල් පත බාගයක් දමා පෙරා පොවන්න.

කුප්ප මේනිය මුල් කොටා මිරිකා දෙහි ඇඹුල් දමා දෙන්න.

වැල් පෙනෙල කොළකොටා ඉස්මට දෙහි ඇඹුල් දමා දෙන්න.

පිරිමි ළමයෙකුගේ මුත්‍රා පතක් ගෙන ලිප මැද හාරා රතු පස් සමඟ මිශ්‍ර කර කීප විටක් පෙරා පොවන්න.

මී පැණි අවුන්ස 4ක් බොන්න දෙනවා.

තිප්පිලි

වියලි ඉඟුරු

අසමෝදගම්

කළු දුරු

වද කහ

සුදු ළූනු

ගම්මිරිස්

අබ

මේවා ටික ටික ගෙන අඹරා දෙහි ඇඹුල් දමා දෙන්න.

හැකි තරම් ඉක්මනින් බේත් කරන්න.

සර්පයින් දස්ට කල විට

December 24th, 2008

එලඟිතෙල් දෙහි ඇඹුල් දමා පොවන්න.

හී” උඳුපියලි කොටා මිරිකා ඉස්මට දෙහි ඇඹුල් දමා පොවන්න.

අළු කෙසෙල් අල කොටා මිරිකා ඉස්ම පොවන්න.

හීන් අරත්ත අල කොටා මිරිකා ඉස්මට දෙහි ඇඹුල් දමා පොවන්න.

පොලොන් විශට

December 24th, 2008

පෝටා කොළ,  පොල් පලා,  කොටා  මිරිකා ඉස්ම කෑ මුඛයේ ගාන්න. එම රොඩු ටික කබලේ රත් කර කෑ මුඛයට තබා බඳින්න.

නස්නයට
මඟුල් කරද පොතු

කුඹුරු ඇට මද

කොටා මිරිකා කුඩා ළමයෙකුගේ මුත්‍රා සමඟ නස්න කරන්න.

ඊටම

ගොඩ කදුරු කොළ පොතු කහ,  ලුනු දමා මලවා බඳින්න.

ගරුඩා කෑවාම

December 20th, 2008

මිරිස් කොළ කොටා මිරිකා ඉස්මට තල තෙල් එක පමණට මිශ්‍ර කර පොවනු. එම රොඩු ලුනු දියර මිශ්‍ර කර ඇඟ ගානු.

ඕනෑම සර්පයෙක් කෑව විට

December 20th, 2008

ගොඩ කදුරු කොළ පොතු කහ ලුනු දමා කොටා මලවා බඳින්න.

හීනැටි හාල් කැඳට එළකටුරොඩු කොටා ඉස්ම දමා එලඟිතෙල් දෙහි ඇඹුල් දමා බොන්න දෙන්න.

සර්පයින් දෂ්ඨ කල විට ඇති වන අත පය රුදාවට

December 20th, 2008

නවසි ගහේ පස් පංගුව ගෙන හීනැටි හාල් සමග නවසි වතුරෙන් තම්බා එලගිතෙල් දෙහි ඇඹුල් දමා බොන්න දෙන්න.

පනු කැවිලි දද වලට

December 20th, 2008

ඇත් තෝර කොළ මිටක් ගෙන මිටිය බැඳ කපා තුවාලය මදිනු.

වස විෂ කැවුනාම

December 20th, 2008

අළු පුහුල් මිරිකා ඉස්ම පොවනු.

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin