කුරුල්ලන්ට හොටක්

January 21st, 2010

“කුරුල්ලන්ට හොටක්” කවුදෝ කියනව ඇහුනා. හොටක් තියෙන කුරුල්ලන්ට හොටක් මොකටද? හෙටක්  තියෙන  තාරුණ්‍යට  හෙටක්  වගේ  නේද කියා සිතුනා. හෙටක් නැති  අසරණයන්ටනෙ  හෙටක්  උවමනා  වෙන්නෙ. තාරුණ්‍ය  අසරණද? තාරුණ්‍ය  අසරණ  කළේ  කවුරුන්ද? දැනුම  සිර  කරන  බුද්ධිය  බාල්දු  කරන  අධ්‍යාපන  ක්‍රමය  මගින්  තාරුණ්‍ය  අසහනයට  පත් කර ඇත. ගත සිත සවි බල ඇති  තාරුණ්‍ය  කිසිවෙකුට  අසරණ කළ  නොහැකිය.   තාරුණ්‍යයෙනි,  ඔබේ   හෙට  කිසිවෙකුට  අසරණ කිරීමට  ඉඩ නොතබන්න. ඔබේ හෙට  නැති  කිරීමටද  ඉඩ නොතබන්න. ඔබට  කිසිවෙකුගෙන්  හෙටක්  උවමනා  නැත.  උත්සහයෙන්  සහ  අධිෂ්ඨානයෙන්  ඔබේ  හෙට  ඔබම  සකසා ගන්න.  පාලකයෙනි, තාරුණ්‍ය  අසහනයට  පත්  කරන  අධ්‍යාපන  ක්‍රමය  වෙනස්  කළ  විට, ” තාරුණ්‍යට  හෙටක් ” අවශ්‍ය  නැත. ඔවුන්ගේ  හෙට  නිරායාසයෙන්ම  ගොඩ  නැඟෙන  සැටි  බලා  සියල්ලන්ටම  සතුටු  විය හැකිය.