කම්මුල් ගායට

January 24th, 2009

අරළු

නෙල්ලි

පෙති පුවක්

සියඹලා දළු

මේවා එක පමණ ගෙන කොටා ලුනු වතුරෙන් අඹරා මී පැණියෙන් අනා ගාන්න.

ඊටම

අලි හක්ක දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.

[පිලිහුඩු වර්ග ගෙට නොගන්න]

ඊටම– බීමට බේත ;

කොත්ත මල්ලි

පත්පාඩගම්

බිංකොහොඹ

වෙන වෙනම කබලේ රත් කර එකට දමා කුඩු කර කෝපි මෙන් වත් කර දවසට 3 න් වරක් ටික ටික වයසේ හැටියට බලා පොවන්න.

ඊටම — උණ ඉතාම වැඩි නම්

වෙනිවැල් ගැට

ඉරිවේරිය

කටු කරෝසන

කටු වැල් බටු

දුම් මැල්ල

කොහොඹ පොතු

වියලි කහ

අරළු

බුළු

නෙල්ලි

මේවා කලං 1 යි මංචාඩි 4 බැගින් ගෙන වතුර පත 8 / 1 ට සිඳ පෙරා වරකට පත 1/2 බැගින් උදේ හවස බොන්න.

බෙල්ල වටේට හුලං නොවදින සේ සතියක් ආරක්ෂා කරන්න.

නෑම ප්‍රමාද කල තරමට හොඳයි.

අනිත් අයගේ ආරක්ෂාවට — කහ දියර ඉස ගේ  පිරිසිදු කර සාම්බ්‍රානි දුම් අල්ලන්න.