අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද?

February 20th, 2010

ශ්‍රී  ලංකාවට  කොටි  ත්‍රස්තවාදීන්  ආවේ  කොහෙන්ද?  හේතුව  සොයා  එයට  පිළියමක්  නොකර,  ප්‍රතිඵලයට  දඬුවම්  කර  තාවකාලික  සතුටක්  විඳමින්  සිටින,  අයගේ  දැන ගැනීම  පිණිසයි. පුංචි  ප්‍රභාගේ  මනස  කැළඹුනේ,  ඔහුගේ  සීයාට  දුන්  වඳ  හිංසා හැංගී  බලා  සිටි  නිසාවෙනි. එහි  ප්‍රතිඵලය  ලෙස,  පීඩා  වින්දේ  සීයාගේ  පරම්පරාවේ  තැනැත්තන්  නොව, දරු  මුණුපුරන්, මුණුපුරන්ගේ  දරුවන්  බව නොරහසකි. මනුෂ්‍යන්ට  හිංසා  පීඩා  කරමින්  සිටින  තැනැත්තන්ට,  පසු  කාලයකදී  තම  දරු මුණුපුරන්ට  මේවායේ  වන්දි  ගෙවීමට  සිදු වන  බව  වැටහෙන්නේ  නැත්තේ  ඇයිදැයි  කියා  සිතෙනව. බුදු දහම  අනුව නම්  සංසාරේ  කවදා  හෝ විපාක  ලැබෙනවා. එක්  දමිළ  කැළඹුනු  මනසක්  නිසා  සිදු  වූ  විනාශය  කොපමණද? එය  ඉවර යැයි  සිතීම පවා, තම  තමන් රවටා ගෙන  තාවකාලික  සතුටක්  ලබා ගැනීමක් ලෙස  පෙනෙයි. දැන්  මොකද කරන්නේ?  මනුෂ්‍යයෝ  බොහොමයකටම  හිංසා  පීඩා  කෙරෙති. මොවුන්  බොහෝ  විට  සිංහල ශ්‍රී ලාංකිකයන්  වීම,  නිසා  පසුවට  ඇති  විය  හැකි  විනාශයන්  පිළිබඳව  කුමන  කතාද?  මෙවැනි  කැළඹුන  මනස්  ඇති  මනුෂ්‍යයන්   තව තවත් වැඩි වීමට  පළමු, බුදු දහම  අනුව  මේ  සැම ගේ  සිත්  සතන්  පිරිසිදු  කල  හැකි  වෙන්නේ  බුද්ධ පුත්‍රයන් වහන්සේලාටමයි. ඔබ වහන්සේලාගේ  දෙපා  නැමැද ඉල්ලා  සිටින්නේ, සතර  අපායට  පාර  කපන  මනුෂ්‍යයන්   මුදවාලන්න  කියාය. මනුෂ්‍යයන්  ගේ  වටිනාකම  නොදැන, රටේ වටිනාකම  පමණක් දැන  කුමටද? මනුෂ්‍යයෝ  නැති  නම්  රටක්  කුමටද?  එම නිසා  පළමුවත්,  දෙවනුවත්,  තුන්වෙනුවත්  වඩා  වටින්නේ  මනුෂ්‍යය න්  බව  සැමටම  වැටහේවා.