සම්මා දිට්ඨි සූත්‍රය – භව වාරය

January 21st, 2013

යම් කලෙක පටන් ආර්ය ශ්‍රාවක තෙමේ භවයන් දනීද, භව සමුදයත් දනීද, භව නිරෝධයත් දනීද, භව නිරෝධගාමිනී ප්‍රතිපදාවත් දනීද, මෙතෙකිනුත් ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.

භවය කවරේද?

භව සමුදය කවරේද?

භව නිරෝධය කවරේද?

භව නිරෝධගාමිනී ප්‍රතිපදාව කවරේද?

 

1. කාම භවය

2. රූප භවය

3. අරූප භවය   යයි තිදෙනෙකි.

 

උපාදාන හේතුවෙන් භව සමුදය වෙයි.

 

උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වෙයි.

 

මේ අරි අටඟි මඟම භව නිරෝධගාමිනී ප්‍රතිපදාවයි.

එනම්: 1. සම්මා දිට්ඨි   2. සම්මා සංකප්ප   3. සම්මා වාචා   4. සම්මා කම්මන්ත   5. සම්මා ආජීව   6. සම්මා වායාම   7. සම්මා සති   8. සම්මා සමාධි.

ආර්ය ශ්‍රාවක තෙමේ යම් කලෙක පටන් මෙසේ භවය දනීද, භව සමුදය දනීද, භව නිරෝධය දනීද, භව නිරෝධගාමිනී ප්‍රතිපදාව දනීද,  හෙතෙම හැම ලෙසින්ම රාගානුශය පහ කොට, ප්‍රතිඝානුශය දුරු කොට, “අස්මි” “මම” යන දෘෂ්ටිය බඳු වූ මානානුශය නසා අවිද්‍යාව දුරු කොට විද්‍යාව උපදවා මේ ජීවිතයේදීම දුක් කෙලවර කරන්නෙක් වෙයි. මෙතෙකිනුදු ආර්ය ශ්‍රාවක තෙමේ සම්‍යක් දෘෂ්ටික වෙයි. ඔහුගේ දෘෂ්ටිය සෘජු වෙයි. ධර්මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුක්ත වෙයි. නිර්වාණ ධර්මයට පැමිණියේ වෙයි.