මාරයා
මාරයා යනු කවරේද?
යහපත, දියුණුව, අභිවෘද්ධිය නසන යම්කිසි බලවේගයක් ස්වභාවයක් හැඳින්විය හැක්කේ මාර ලෙසයි.
මාරයෝ හඳුනා ගනිමු.
-
ක්ලේශ මාර.
-
අභිසංඛාර මාර.
-
ස්කන්ධ මාර.
-
මච්චු මාර.
-
දේවපුත්ත මාර.
-
ක්ලේශ මාර - කෙලෙස් ( හිතේ ඇතිවෙන නරක සිතිවිලි)
ක්ලේශ මාරයා අපේ සිත ආක්‍රමණය කරයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාම අරමුණු නිසා ඇලීම, ගැටීම, මුලාවීම නිසා කෙලෙස් ඇවිස්සෙයි.
- අභිසංඛාර මාර - සංඛාර (රැස්කරනවා)
සසර පැවැත්ම සඳහා කර්ම රැස් කිරීම.
අධ්‍යාත්මික ජීවිතය හෙවත් ලෝකෝත්තර නිවන බලා යන ගමන බාධා කරන කර්ම රැස් කිරීම.(සංඛාර)
- ස්කන්ධ මාර - පංචස්කන්ධය
පංචස්කන්ධයම දුක් බොහෝය.
රූපය තිබෙන තැන මාරයා ඇත. රූපය තිබෙන තැන මරවන්නෙක් සිටී.
- මච්චු මාර - සාමාන්‍ය මරණය.
ආයුෂ, කර්ම ආදිය ගෙවී යාමෙන් සම්මුති මරණය වේ.
- දේවපුත්ත මාර - වසවර්ති මාරයා.
ලෝකෝත්තර මඟ හෙවත් නිවන සාක්ෂාත් කරගැනීම සඳහා භාවනා ආදී කුසලයෙන් ඈත් කරවීමටත්, පින් පව් කරමින් සංසාරගතව ගමන් කරනවටත් කැමැත්තක් දක්වයි.
( බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ බණක් ඇසුරෙන් උපුටාගෙන, පසුකලෙකදී මතකය අවදි කරවා ගැනීම සඳහා ලියා තබමි.)