කම්මුල් ගායට
January 24th, 2009
අරළු
නෙල්ලි
පෙති පුවක්
සියඹලා දළු
මේවා එක පමණ ගෙන කොටා ලුනු වතුරෙන් අඹරා මී පැණියෙන් අනා ගාන්න.
ඊටම
අලි හක්ක දෙහි ඇඹුලෙන් ගලගා ගාන්න.
[පිලිහුඩු වර්ග ගෙට නොගන්න]
ඊටම– බීමට බේත ;
කොත්ත මල්ලි
පත්පාඩගම්
බිංකොහොඹ
වෙන වෙනම කබලේ රත් කර එකට දමා කුඩු කර කෝපි මෙන් වත් කර දවසට 3 න් වරක් ටික ටික වයසේ හැටියට බලා පොවන්න.
ඊටම — උණ ඉතාම වැඩි නම්
වෙනිවැල් ගැට
ඉරිවේරිය
කටු කරෝසන
කටු වැල් බටු
දුම් මැල්ල
කොහොඹ පොතු
වියලි කහ
අරළු
බුළු
නෙල්ලි
මේවා කලං 1 යි මංචාඩි 4 බැගින් ගෙන වතුර පත 8 / 1 ට සිඳ පෙරා වරකට පත 1/2 බැගින් උදේ හවස බොන්න.
බෙල්ල වටේට හුලං නොවදින සේ සතියක් ආරක්ෂා කරන්න.
නෑම ප්‍රමාද කල තරමට හොඳයි.
අනිත් අයගේ ආරක්ෂාවට — කහ දියර ඉස ගේ පිරිසිදු කර සාම්බ්‍රානි දුම් අල්ලන්න.