උපන්දින තෑග්ග
රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ආගමික අංශයෙන් දියත් කර ඇති උතුම් පිංකමෙන් අප සැම උපරිමයෙන්ම ප්‍රයෝජන ගනිමු. යහපත් නිවැරැදි ජීවිතයක් සතුටින් ගත කිරීමට උපදෙස් දුන් ශ්‍රේෂ්ඨතම මනෝ විද්‍යාඥයා වන, සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක්, මගේ උපන් දිනය වෙනුවෙන් සැමටම ධර්ම දානයක් ලෙස බෙදා දීමට ඉඩ සලසා දුන්, රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කරන සැමටම මගේ ස්තුතිය පුද කරමි. භයංකර වූ මේ සසර ගමනින් එතර වීමටත්, මෙලොව යහපත් ලෙස දියුණු වීමටත්, මඟ පෙන්වන, රන්ගිරි ශ්‍රී ලංකා ගුවන් විදුලිය දිනෙන් දිනම දියුණු වේවායි ප්‍රාර්ථනා කරමි.