තාපනය නරකය

බෞද්ධයා නාලිකාවේ අභිධර්ම නිම්තෙර වැඩසටහනින් දැන ගතිමි. අටමහ නරකය අතරින් හයවෙනි නරකය තාපනය නම් වේ.

පරුෂ වචනයෙන් අනුන්ව වෙහෙසන්නෝද කේලාම් කියන්නෝද යුතුකම් ඉටු නොකරන පුද්ගලයෝද සේවා ස්ථානයේ වැඩ නොකර බොරු කරමින් සිටින්නෝද සේවකයන්ට නොසළකන්නෝද “කැපිල්ල කපාගෙන යෑම” කරන්නෝද මෙම තාපනය නරකයෙහි උපදිති.

ගිනි ගෙන දැවෙන යකඩ උල් වලින් පීඩා විඳිමින් යකඩ පොළොව මත සෙලවෙන්න පෙරෙලෙන්න බැරිව නිශ්චලව සිටිමින්  තැවෙමින් පීඩා විඳිමින් දුකට පත් වෙන තැන තාපනය නරකය වේ.

මහා රෞරවය නරකයේ සිට යොදුන් පහළොස්දහසක් යටින් තාපනය නරකය පිහිටා ඇත. තාපනය නරකයේ ආයු කාලය නිරය වර්ෂ දහසයදහසකි.