මහා රෞරවය නරකය
බෞද්ධයා නාලිකාවේ අභිධර්ම නිම්තෙර වැඩසටහනින් දැන ගතිමි. අටමහ නරකය අතරින් පස්වෙනි නරකය වෙන්නේ මහා රෞරවය නරකයයි.
තුණුරුවන් සතු දේවල් විනාශ කරන්නෝද බුද්ධ ශාසනයට අයිති වස්තූන් පැහැර ගැනීම් විනාශ කිරීම් කරන්නෝද මහා සංඝ රත්නය සතු දේවල් අයථා ලෙස පරිහරණය කරන්නෝද විවිද නිලතල දරණ දායක සභාව සඝ සතු දෑ අයථා ලෙස පරිහරණය කිරීමෙන්ද මෙම මහා රෞරවය නරකයෙහි උපදිති.
ගුගුර ගුගුර පිළිස්සෙන දරුණු ගිනිදැල් වලින් පිරුණු මහා රෞරවය නරකයේදී නිර සතුන් පැහෙමින් දුකට පත් වෙමින් සිටිති.
රෞරවය නරකයේ සිට යොදුන් පහළොස්දහසක් යටින් මහා රෞරවය පිහිටා ඇත. මහා රෞරවයේ ආයු කාලය නිරය වර්ෂ අටදහසකි.