මජ්ජිම නිකාය - මූල පරියාය වග්ගය - සම්මා දිට්ඨි සූත්‍රය

එක්  කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථපිණ්ඩික සිටුහුගේ ජේතවනාරාමයෙහි, වැඩ වාසය කරන සේක.

එකල්හි ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේ විසින් භික්ෂූන්ට දේශනා කරන ලද සූත්‍රයකි.

ශාරිපුත්‍රයන් වහන්සේ භික්ෂූන්ගෙන් මෙසේ ප්‍රශ්න කළේය.

සම්මා දිට්ඨි සම්මාදිට්ඨි කියනු ලැබුවද, ආර්ය ශ්‍රාවක තෙමේ කොපමණකින් සම්මා දෘෂ්ටික වේද?

ඔහුගේ දෘෂ්ටිය සෘජු වේද?

ධර්මයෙහි ගුණ දැන පැහැදෙයිද?

මේ නිර්වාණ ධර්මයට පැමිණියේ වේද?

භික්ෂූන්වහන්සේලා සැරියුත් මහරහතන් වහන්සේගෙන්ම පිළිතුරු බලාපොරොත්තු වෙන බව කීවෝය.

එවිට, සැරියුත් මහරහතන්වහන්සේ මෙසේ දේශනා කළ සේක.

හොඳින් අසා ගන්න.  හොඳින් සිතේ තබා ගන්න.  මම කියන්නෙමියි වදාළහ.

භික්ෂූන්වහන්සේලා එහෙමයි කියා පිළිතුරු දීමෙන් පසු සැරියුත් මහරහතන්වහන්සේ විසින් මෙම සම්මා දිට්ඨි සූත්‍රය දේශනාකරන ලදී.