සම්මා දිට්ඨි සූත්‍රය
සම්මා දිට්ඨි සූත්‍රය දේශනා කළ ස්ථානය: සැවැත්නුවර අනාථපිණ්ඩික සිටුහුගේ ජේතවනාරාමයේදී,
සම්මා දිට්ඨි සූත්‍රය දේශනා කළේ: ශාරිපුත්‍ර ස්ථවිරයන්වහන්සේ, විසිනි.
සම්මා දිට්ඨි සූත්‍රය භික්ෂූන් වහන්සේලා උදෙසා දේශනා කරන ලදී.
වාර 16 ක් යටතේ සම්මා දිට්ඨි සූත්‍රය දේශනා කොට ඇත.
-
කම්ම පථ වාරය.
-
ආහාර වාරය.
3.සච්ච වාරය.
4.ජරා මරණ වාරය.
-
ජාති වාරය.
-
භව වාරය.
-
උපාදාන වාරය.
-
තණ්හා වාරය.
-
වේදනා වාරය.
-
ඵස්ස වාරය.
-
සළායතන වාරය.
-
නාම රූප වාරය.
-
විඤ්ඤාණ වාරය.
-
සංඛාර වාරය.
-
අවිජ්ජා වාරය.
-
ආසව වාරය.
සම්මා දිට්ඨි සූත්‍රය අසා සතුටු වූ භික්ෂූන් වහන්සේලා, ශාරිපුත්‍ර මහරහතන්වහන්සේගේ දේශනාව මැනැවැයි පිළිගත්හ.
දුක්ඛං , ජරාමරණං, උපාදානං, සළායතනං, නාමරූපං, විඤ්ඤාණං, යන පද හයෙහි “කතමං පනාවුසෝ” යි පවසන වචනය වෙයි.
ජාති, තණ්හා, වේදනා, අවිජ්ජා, විසින් චතුෂ්ක්‍රම වූ පද හතරෙහි “ කතමා පනාවුසෝ “ යි පවසන වචනය වෙයි.
ආහාරෝ, භවෝ, ඵස්සෝ, සංඛාරෝ, පස්වන ආසවෝ, යන පද පසෙහි “ කතමො පනාවුසො” යි පවසන වචනය වෙයි.
” කතමං” යි කියූ පද සය වැදෑරුම් ය. “ කතමා” කියූ පද සිවු වැදෑරුම් ය. “ කතමො” කියූ පද පස් වැදෑරුම් ය. සියලු සංඛ්‍යාවන්ගේ පදයෝ පසළොස් දෙනෙකි. යි භාණක තෙරුන්ගේ උද්දාන ගාථා වේ.