අත පය හංදි පැනීමට

ලුනු වරණ පොතු

අට්ටික්කා පොතු

අමු කහ

ලුනු ටිකක්

එකට දමා කොටා මලවා බඳින්න.

ඒ සමඟම හාල් හුණ්ඩුවක් පමණ ගෙන සෑහෙන පමණ වතුර දමා ලිප තබා බත උතුරන විට අර බේත ලිහා දමන්න.

ඊටම

කොතල හිඹුටු කොළ, පොතු,

අමු කහ

දිය ලුනු

පොල් බෑවක පොල්

දමා කොටා මලවා හවස තරු පායන වෙලාවට ඒ දෙස බලා බේත් බැඳ තිස් පැයෙන් ලිහා දමන්න.

හංදි පූට්ටු වී සුව වේ.