අනේ මෙහෙම විදුලියක්........?
බොහෝ දෙනාගේම එකම අදහස වෙන්නේ විදුලිබිල වැඩි කිරීම නුසුදුසු බවයි.
සූර්යබල ශක්තියෙන් විදුලිය නිපදවිය නොහැකිද?
සුළංබල ශක්තියෙන් විදුලිය නිපදවිය නොහැකිද?
මළමුත්‍ර වැනි අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවිය නොහැකිද?
-
ගෘහස්ථ විදුලි ඒකකයක මිල වර්ග කිරීමෙන් තොරව එකම මුදලකට ලබා දීම.
-
ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු සියළුම ඇමතිවරුන්ගේ නිල නිවාස වල විදුලි ඒකකයක මිල, විදුලිය නිසා ඇතිවන පාඩුව වළක්වා ගැනීමට, හැකි වෙන ලෙස ඉහලම මුදලකට ලබාදීම.
-
රාජ්‍ය අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල විදුලි ඒකකයක මිල, අංක 2 හි සඳහන් මිලෙන් භාගයක මිලට ලබාදීම.
-
කර්මාන්තශාලා සඳහා විදුලි ඒකකයක මිල රුපියල් 10 ක් වැනි සුළු මුදලකට ලබාදීම.
-
ආහාර වර්ග නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා විදුලි ඒකකයක මිල රුපියල 5 ක් වැනි ඉතා කුඩා මුදලකට ලබාදීම.
ගාස්තු වැඩි කිරීමේ විදුලි මිසයිලයෙන් මහජනතාව ගැලවේවා.