සිත අනුව බලමින් කටයුතු කරමුද?
- රාග සිතක් ඇති වූ විට එය රාග සිතක් බව දැන ගැනීම.
රාගයෙන් තොර සිතක් ඇති වූ විට එය රාගයෙන් තොර සිතක් බව දැන ගැනීම.( වීත රාගී)
- ද්වේෂ සහගත සිතක් ඇති වූ විට එය ද්වේෂ සහගත බව දැන ගැනීම.
ද්වේෂයෙන් තොර සිතක් ඇති වූ විට එය ද්වේෂයෙන් තොර බව දැන ගැනීම. ( වීත දෝෂී)
- මෝහ සහගත සිතක් ඇති වූ විට එය මෝහ සහගත සිතක් බව දැන ගැනීම.
මෝහයෙන් තොර සිතක් ඇති වූ විට එය මෝහයෙන් තොර බව දැන ගැනීම. (වීත මෝහී)
- හැකිළුණු සිතක් ඇති වූ විට එය හැකිළුණු සිතක් බව දැන ගැනීම.
විසිරුණු සිතක් ඇති වූ විට එය විසිරුණු සිතක් බව දැන ගැනීම. (අතීතයට සහ අනාගතයට යන සිත)
- දියුණුවට පත් වූ සිතක් ඇති වූ විට ඒ බව දැන ගැනීම. (මහග්ගත සිත - රූප අරූප ධ්‍යාන සිත)
දියුණුවට පත් නොවූ සිතක් ඇති විට ඒ බව දැන ගැනීම. (අමහග්ගත සිත)
උත්තර සිත, කාමාවචර සිත, අනත්ත සිත, ධ්‍යාන ආදී සමාධි, සමාහිත සිත, අසමාහිත සිත, විමුක්ත සිත,( නිදහස් වූ) අවිමුක්ත සිත, (නිදහස් නොවූ)
( මෙල්ල කරන්නට බැරි කුළුහරකෙක් වගේ ඇති මේ සිත ගැන සිත විසින්ම බලන්න හැකි වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ඒ ධර්ම මාර්ගයටම පිවිසුනොත් පමණි. බුදුරජාණන්වහන්සේගේ ධර්ම මාර්ගයට පිවිසෙන අයුරු බෞද්ධයා නාලිකාව ඇසුරු කරන්නන්ට නිරතුරුවම ලැබෙනවා. අප සැවොම එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගනිමු.)