ලේ යන අර්ශස් වලට

මේරූ කොහිල අල කෑල්ලක් ගෙන සෝදා පෙති ගසා දින 2 ක් පවනේ වේලා, පොල් පැණි බෝතල් 1/2 ක් ගෙන වලඳක දමා උනු කර කොහිල එයට දමා තම්බා පසු දින සිට උදේ හවස කෑමට ගන්න.

ඊටම

ඉරිවේරිය දළු

කොහිල දළු

රතු ළූනු

කරල් හැබ දළු   කොටා වතුර දමා තම්බා පෙරා උදේ හවස පත බැගින් බොන්න.

හීංබෝමියා කැඳ උයා බොන්න.

කොහිල කැඳ උයා බොන්න.

මඩු දළු, කොහිල දළු, කූර දළු, ඕලු දළු උයා කෑම ගුණයි.