වීසති ආකාර පටිච්ච සමුප්පාදය

March 18th, 2015

අතීත කර්ම චක්‍රය

 

1, අවිද්‍යාව.

2.සංස්ඛාර.

3. තණ්හා.

4. උපාදාන.

5. භව

 

වර්තමාන විපාක චක්‍රය

 

1. විඤ්ඤාණ.

2. නාම – රූප.

3. සලායතන.

4. ඵස්ස.

5. වේදනා.

 

වර්තමාන කර්ම චක්‍රය

 

1. තණ්හා.

2. උපාදාන.

3. භව.

4. අවිද්‍යාව.

5. සංස්ඛාර.

 

අනාගත විපාක චක්‍රය

 

1. විඤ්ඤාණ.

2. නාම – රූප.

3. සලායතන.

4. ඵස්ස.

5. වේදනා.

පටිච්ච සමුප්පාදයේ සන්ධි 3

March 18th, 2015

1. පෙර ජීවිතයේ සංස්ඛාර සහ මේ ජිවිතයේ විඤ්ඤාණ අතර එක සන්ධියකි.

 

2. අනාගත ජීවිතයට අවශ්‍ය කර්ම රැස් කිරීමේ ආරම්භය වන වේදනා සහ තණ්හා අතර එක සන්ධියකි.

 

3. මේ ජිවිතයේ භවය සහ අනාගත ජීවිතයේ ජාතිය අතර එක සන්ධියකි.

පටිච්ච සමුප්පාදයේ කාලත්‍රය

March 18th, 2015

පළමුවෙනි සංක්ශේපය  ( අවිද්‍යාව, සංස්ඛාර) අතීතකාලයට අයත්‍ ය.

 

දෙවෙනි සංක්ශේපය සහ තුන්වෙනි සංක්ශේපය (විඥාන, නාම – රූප, සලායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව) වර්තමාන කාලයට අයත්ය.

 

හතර වෙනි සංක්ශේපය (ජාති, ජරා, මරණ) අනාගත කාලයට අයත් ය.

පටිච්ච සමුප්පාදයේ සංක්ශේප 4

March 18th, 2015

 

 

පළමු වෙනි සංක්ශේපය     අවිද්‍යාව  සහ සංස්ඛාර

 

දෙවෙනි සංක්ශේපය        විඥාන ,  නාම – රූප,  සලායතන,  ඵස්ස,  වේදනා.

 

තුන් වෙනි සංක්ශේපය     තණ්හා,  උපාදාන,  භව.

 

හතර වෙනි සංක්ශේපය   ජාති,  ජරා මරණ .

මානය සහ මිනිසා

September 23rd, 2014

ගරුතර පූජ්‍ය රේරුකානේ  චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේගේ පොත්පත් අසුරෙන් මානය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකියි.

සැවොම එම අවබෝධය ලබාගත යුතුයි යන්නයි මගේ හැඟීම.

 

මානය පිළිබඳව මට ඇති වූ සිතුවිලි  මෙසේ සටහන් තබන්නට යෙදුනෙමි.

මානය රහත් බවට පත් වනතුරුම කාලඟත් තිබෙන්නෙකි. එහෙත් ඒවා අඩුකර ගත හැකියි.

අනතිමානී ගුණය ඇතිකර ගත යුතුයි.එය රහත් බවට පත් වීමට කලින් ඇති කර ගත යුතු වූ උතුම් ධර්මයකි.

කෙනෙකුට තවත් කෙනෙකුගේ හැසිරීම් රටාව හෝ ක්‍රියාවන් දෙස බලා ඔහු හෝ ඇය හෝ යන පුද්ගලයන්ගේ මානය වර්ග කල හැකිද?මානය ප්‍රමාණවත් කල හැකිද?

එසේ කලහැකි වෙන්නේ අනුන්ගේ සිත් දැක ගැනීමට හැකි ආර්ය පුද්ගලයෙකුට හෝ පරචිත්ත විජානන ඥානය ඇත්තෙකුට පමණි යි මගේ හැඟීම.

මානය යනු කුමක්ද?  මානය කුමක් වැනිද? යන්නවත් හරිහැටි නොදැන එක් එක් පුද්ගලයන්ගේ මානය පිළිබඳව මිනුම් ඇති කර ගන්නෝද බොහෝයි. උදාහරණයක් ලෙස ගතහොත් මීටර කෝදුවකින් දියරයක ප්‍රමාණය මනින්න හදනවා වගේය.

කෙනෙක් තවත් කෙනෙක් මහත් වූ මානයෙන් සිටින කෙනෙක් ලෙස දකීද, එම පුද්ගලයාම තවත් කෙනෙකුට ඉතාමත් අනතිමානී කෙනෙක් ලෙසද පෙනෙයි.

මෙසේ වෙන්නේ එය මනින මිනුම ගැනවත් මානය ගැනවත් තවම හරිහැටි අවබෝධයකින් නොදැකපු නිසාබව, අප වටහා ගත යුතුයි.

අප සැවොම උත්සහ කල යුත්තේ මායාකාරී අපේ සිත තුලින්ම මෙම මායාකාරී බවට අසු නොවී තම තමන්ගේම මානය දෙස බලා අනතිමානී ගුණය ඇති කර ගැනීමටයි.

තමන් තුල ඇති මානය පිළිබඳවත් හරිහැටි අවබෝධයෙන් නොදකිනකොට  අන් අයගේ මානයක් ගැන කෙසේ අවබෝධ වන්නේද?

බුදුරජාණන්වහන්සේගේ ධර්මය දැකිය යුත්තේ තමා තුලින්ම බවයි උන්වහන්සේ දේශනා කළේ.

 

පොත පත ඇසුරෙන් සහ ධර්මදේශනාවන්ට සවන් දීමෙන් මානය පිළිබඳව  දැනගත් කරුණු  මෙසේ සඳහන් කරමි.

මානය

1. මද මාන    (සිතේ හටගන්නා වූ මත්වන ස්වාභාවයෙන් යුතු මානය)

2. ත්‍රිභේදගත දොළොස් මාන.

3. සප්ත කේවල මාන.

 

1. මද මාන   27 කි.

2. ත්‍රිභේදගත දොළොස්මාන යථාව   12 යි.  අයථාව  12 යි. (යථාව සහ අයථාව භේදයෙන් 24 යි.)

3. සප්ත කේවල මාන  07 කි.

මාන සියල්ලම 27+ 24+07=58

මද මාන

1.  ජාති මදෝ

2.  ගොත්ත මදෝ

3.  ආරෝග්‍ය මදෝ

4.  යොබ්බන මදෝ

5.  ජීවිත මදෝ

6.  ලාභ මදෝ

7.  සක්කාර මදෝ

8.  ගරුකාර මදෝ

9.  පූරෙක්ඛාර මදෝ (අන්‍යන් විසින් තමන් පෙරටු කර ගැනීම, ප්‍රධානත්වයේ තබා ගැනීම නිසා මත් වීම.)

10. පරිවාර මදෝ

11. භෝග මදෝ

12. වණ්ණ මදෝ

13. සුත මදෝ

14. පටිභාන මදෝ

15. රත්තඤ්ඤූ මදෝ (අතීතය පිළිබඳව දන්නා මදය)

16. පිණ්ඩපාතික මදෝ

17. අනවඤ්ඤාත මදෝ  (අවමන් නොලැබීම නිසා මත්වන ආකාරය)

18. ඉරියාපත මදෝ

19. ඉද්ධි මදෝ

20. යස මදෝ

21. සීල මදෝ

22. ක්ධාන මදෝ

23. සිප්ප මදෝ

24. ආරෝහ මදෝ

25. පරිණාහ මදෝ

26. සණ්ඨාන මදෝ ( දුටුවන් සිත් ගන්නා සුළු වෙමියි මදය)

27. පරිපූරි මදෝ (අනෙක් අයගේ ශරීරයේ අවයව වල දෝස ඇත. මම එසේ නොවේ)

ත්‍රිභේදගත දොළොස් මාන

1.  මම උසස් වෙමි  යි යන මානය. (සෙය්‍ය මානය)

2.  මම සමාන වෙමි යි  යන මානය. (සදිස මානය)

3.  මම හීන වෙමි යි  යන මානය. (හීන මානය)

4.  උසස් වූවන්ගෙන් මම උසස් වෙමි  යි යන මානය.

5.  උසස් වූවන්ගෙන් මම සමාන වෙමි යි  යන මානය.

6.  උසස් වූවන්ගෙන් මම හීන වෙමි යි යන මානය.

7.  සමාන වූවන්ගෙන් මම උසස්  වෙමි යි යන මානය.

8.  සමාන වූවන්ගෙන් මම සමාන වෙමි යි යන මානය.

9.  සමාන වූවන්ගෙන් මම හීන වෙමි යි යන මානය.

10. හීන වූවන්ගෙන් මම උසස් වෙමි යි යන මානය.

11. හීන වූවන්ගෙන් මම සමාන වෙමි යි යන මානය.

12. හීන වූවන්ගෙන් මම හීන වෙමි යි යන මානය.

( යථාව = ඇත්ත ඇති සැටියෙන් ඇති බව )

( අයථාව = ඇත්ත ඇති සැටියෙන් නැති බව )

ත්‍රිභේදගත දොළොස්මාන යථාව සහ අයථාව භේදයෙන් 24 ක් වේ.

සප්ත කේවල මාන

1. මානය

2. අතිමානය

3. මානාතිමානය

4. ඔමානය

5. අධිමානය

6. අස්මිමානය

7. මිථ්‍යාමානය  ( විවිධ ආගමික භක්තිකයන් තමන්ගේ ආගම නිවැරැදි යි කියා සිතීම.)

 

 

 

 

 

අප රට දේ

August 21st, 2014

අප රට               දේ

සිරි සැප             දේ

වස විස නැති    දේ

දීඝායු ලැබ        දේ

 

අපේම රටේ               පලතුරු

අපටම කියාපු            පලතුරු

නිරෝගි සුවය ලබන පලතුරු

පූජා කර දන් දෙන    පලතුරු

 

මොනවද ඒ                පලතුරු

දෙන්න ඕන                පලතුරු

ගන්නට හොඳ            පලතුරු

දුන් ගත් සැමටම සුව  නිරතුරු

 

පැණි          නාරං

කොණ්ඩ  නාරං

මේස          නාරං

හීන්           නාරං

 

මාදං හිඹුටු කෝන් පලු                  වීර

අනෙ ඇත්තට රස බැලුවද චීන පේර

නම ඇසුවත්                             පින්තර

මුතුන් මිත්තන් කෑ                   පලතුර

 

ලොවි උගුරැස්ස                          වෙරළු

කෑවොත් බොන්න ඕන නැහැ    අරළු

 

නිතර කෑමට හොඳ     පේර

සුදු පේර රතු                 පේර

පොඩි පේර ලොකු     පේර

නිතර එපා අලිගැට     පේර

 

දෙළුම්   මැංගුස්                 ද

පැණි කොමඩු වරකා     ද

බෙලි   දිවුල්                      ද

ගුණ දෙන සුදු ජම්බු         ද

 

සීනි කැකිරි  කජු පුහුලන්      ද

වැලි අනෝද  කටු අනෝද    ද

නමිනං   ස්ට්‍රෝබෙරි               ද

සැපතිල්ලා    ලාවුළු               ද

 

අඹ  අනනාසි                නම්

දූරියන්  රඹුටන්             නම්

නිතර  කෑමට                නම්

හොඳ  නැති බව කියන්නම්

 

කළු  උක්ගස්     ද

සුදු  උක්ගස්       ද

පැෂන්පෘට්        ද

ඩ්‍රැගන්පෘට්        ද

 

අමු නෙල්ලි   ඉඳුණු ජම්බෝල

කොහු ලාවුළු                 කිරල

රටේ තියෙන රස              ඵල

තබා පුදමු බුදු                පාමුල

 

රස  ගුණ  පලතුරු  පුදමු  අප           බුදු පියාණන්ට

රස  ගුණ  පලතුරු  පුදමු       මෙත් බෝසතාණන්ට

රස  ගුණ  පලතුරු  පුදමු  අප          බුදු පුතණුවන්ට

රස  ගුණ පලතුරු පිදූ පින් අප                         සැමට

 

සැමටම  නීරෝගී සුවය ලැබේවා.

 

මතට . ද? අන්තිම .ටම මත්ද?

February 24th, 2014

මතට . තියන්න  ඕන නිසා ඒ සම්බන්දව අලුතෙන් බලපත්‍ර නිකුත් නොකරන බවයි  දසතින් දැනගන්නට ලැබෙන්නේ

එනමුත් අන්තිම .ටම මත් වෙන්න ඕන අයට පහසුකම් සැලසී ඇති බවද දැනගන්නට ලැබී ඇත

සුරා සැල් වලට යාමට නොහැකි අයටද ඉතා පහසුවෙන් සහ ඉතා හොඳ තත්වයකින් ගොස් ලබා ගැනීමේ පහසුකම් ඇත

ගෙදරට අවශ්‍ය ආහාරපාන ගැනීමට සුපර්මාකට් එකට යන ඔබ සැමට එම වහල යටතේම අන්තිම .ටම මත් වෙන දේවලුත් ගැනීමේ පහසුකම ඇත

පුරාණයේ අන්දරේ සීනි කෑව කතාව දන්නවද?

නවීන අන්දරේලාගේ මතට  .ත්  ඒ වගේද කියා සිතෙනවා

නුඹ නාඩන් ! නුඹ නාඩන්  ! අපි ඔක්කොටොම මේව තමයි හොඳ පාඩම්………….!

සිත අනුව බලමින් කටයුතු කරමුද?

June 19th, 2013

1. රාග සිතක් ඇති වූ විට එය රාග සිතක් බව දැන ගැනීම.

රාගයෙන් තොර සිතක් ඇති වූ විට එය රාගයෙන් තොර සිතක් බව දැන ගැනීම.( වීත රාගී)

2. ද්වේෂ සහගත සිතක් ඇති වූ විට එය ද්වේෂ සහගත බව දැන ගැනීම.

ද්වේෂයෙන් තොර සිතක් ඇති වූ විට එය ද්වේෂයෙන් තොර බව දැන ගැනීම. ( වීත දෝෂී)

3. මෝහ සහගත සිතක් ඇති වූ විට  එය මෝහ සහගත  සිතක් බව දැන ගැනීම.

මෝහයෙන් තොර සිතක් ඇති වූ විට එය මෝහයෙන් තොර බව දැන ගැනීම. (වීත මෝහී)

4. හැකිළුණු සිතක් ඇති වූ විට එය හැකිළුණු සිතක් බව දැන ගැනීම.

විසිරුණු සිතක් ඇති වූ විට එය විසිරුණු සිතක් බව දැන ගැනීම. (අතීතයට සහ අනාගතයට යන සිත)

5. දියුණුවට පත් වූ සිතක් ඇති වූ විට ඒ බව දැන  ගැනීම. (මහග්ගත සිත – රූප අරූප ධ්‍යාන සිත)

දියුණුවට පත් නොවූ සිතක් ඇති විට ඒ බව දැන ගැනීම. (අමහග්ගත සිත)

උත්තර සිත, කාමාවචර සිත, අනත්ත සිත, ධ්‍යාන ආදී සමාධි, සමාහිත සිත, අසමාහිත සිත, විමුක්ත සිත,( නිදහස් වූ) අවිමුක්ත සිත, (නිදහස් නොවූ)

( මෙල්ල කරන්නට බැරි කුළුහරකෙක් වගේ ඇති මේ සිත ගැන සිත විසින්ම බලන්න හැකි වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ඒ ධර්ම මාර්ගයටම පිවිසුනොත් පමණි.  බුදුරජාණන්වහන්සේගේ ධර්ම මාර්ගයට පිවිසෙන  අයුරු බෞද්ධයා නාලිකාව ඇසුරු කරන්නන්ට නිරතුරුවම ලැබෙනවා. අප සැවොම එයින් උපරිම  ප්‍රයෝජනය ලබා ගනිමු.)

අනේ මෙහෙම විදුලියක්……..?

June 18th, 2013

බොහෝ දෙනාගේම එකම අදහස වෙන්නේ  විදුලිබිල වැඩි කිරීම නුසුදුසු බවයි.

සූර්යබල ශක්තියෙන් විදුලිය නිපදවිය නොහැකිද?

සුළංබල ශක්තියෙන් විදුලිය නිපදවිය නොහැකිද?

මළමුත්‍ර වැනි අපද්‍රව්‍ය වලින් විදුලිය නිපදවිය නොහැකිද?

 

1. ගෘහස්ථ විදුලි ඒකකයක මිල වර්ග කිරීමෙන් තොරව එකම මුදලකට ලබා දීම.

2. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය ඇතුළු සියළුම ඇමතිවරුන්ගේ නිල නිවාස වල විදුලි ඒකකයක මිල, විදුලිය නිසා ඇතිවන පාඩුව වළක්වා ගැනීමට, හැකි වෙන ලෙස ඉහලම මුදලකට ලබාදීම.

3. රාජ්‍ය අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල විදුලි ඒකකයක මිල, අංක 2 හි සඳහන්  මිලෙන් භාගයක මිලට ලබාදීම.

4. කර්මාන්තශාලා සඳහා  විදුලි ඒකකයක මිල රුපියල් 10 ක් වැනි  සුළු මුදලකට ලබාදීම.

5. ආහාර වර්ග නිෂ්පාදන කර්මාන්තශාලා සඳහා විදුලි ඒකකයක මිල රුපියල 5 ක් වැනි ඉතා කුඩා මුදලකට ලබාදීම.

 

ගාස්තු වැඩි කිරීමේ විදුලි මිසයිලයෙන් මහජනතාව ගැලවේවා.

මෙම සංඥා ගැන සිතුවද?

June 18th, 2013

1. අසුභ සංඥාව

2. මරණ සංඥාව

3. ආහාරයේ පටික්කූල සංඥාව

4. සබ්බ  ලෝකේ අනභිරත සංඥාව  ( හැඟීම්, ඇලීම්, ගැටීම් නොමැතිව කාම, රූප, අරූප යන සියළු ලෝක අත්හැර නිවනම අදහස් කිරීම.)

5. අනිච්ච සංඥාව

6. අනිච්චේ දුක්ඛ සංඥාව

7. දුක්ඛේ අනත්ත සංඥාව

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin