ආහාර

June 17th, 2013

                                            (1) කබලින්කාආහාර ——–>රූපකලාප – ආයතන ———-> (2) ඵස්සආහාර ———–>වේදනා – සංඥා

(3) මනෝ සංචේතන ආහාර ( කර්ම)

කාමභවය  – රූප  භවය – අරූප භවය

!

(4) විඤ්ඤාණ ආහාර (ප්‍රතිසන්ධිය) ————> නාමරූප ————> (1) කබලින්කා ආහාර ——–>……

ඔබත් මෙවැනි කෙනෙක්ද?

June 2nd, 2013

1. සද්ධර්මයෙන් යුක්තයි.

ශ්‍රද්ධාවන්තයි.

බුදුරජාණන්වහන්සේගේ නවඅරහාදී බුදුගුණ පිළිබඳව ගැඹුරින් අවබෝධයෙන් පැහැදීම.

ශ්‍රද්ධාවෙන් සද්ධර්මය විශ්වාසයෙන් ඇදහීම.

2. පවට ලැජ්ජාව ඇතිබව. (හිරි)

කයෙන් සිදුවන වැරදි කිරීමට අකමැතිබව.

3. පවට බයයි. (ඔත්තප්පි)

අත්තවාද බයෙන් පව් නොකිරීම.

පරවාද බයෙන් පව් නොකරයි.

4. බහුශ්‍රැත බව.

සූත්‍ර, අභිධර්ම බහුල බහුල වශයෙන් කියවා ධාරණය කර ගැනීම.(මතකය)

ධර්ම ඥානය සිතේ තැන්පත් කර ගැනීම, ගබඩා කර ගැනීම.

5. අරඹන ලද වීර්ය ඇති කෙනෙක් වීම.

බුද්ධ වන්දනාව, පංච ශීලය ආරක්ෂා කිරීම.

භාවනා කිරීම.

ආරම්භකධාතු, නික්කමධාතු, ( බාධකයන්ගෙන් ඉවත් වීම) පරක්කමධාතු (මහත් වූ වීර්ය)

6. එළඹසිටි සිහිය ඇත්තෙක් වෙයි.

පිහිටුවාගත් සිහිය ඇත්තේ වෙයි.

සිහියෙන් කටයුතු කරයි.

මිච්ඡා සතියෙන් ඉවත්  වියයුතුයි.

සම්මා සතියෙන් අකුසල් නොමැතිවම කළ යුතුයි.

නූපන් අකුසල් නොමැතිවීම.

7. ප්‍රඥාවන්ත වෙයි.

පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳව විදර්ශනා ඥානය. (උදයව්වය ඥානය)

 

සත්පුරුෂයෝ සත්පුරුෂයෝම ඇසුරු කළ යුතුයි.

ඇසුරටත් සත්පුරුෂයෝම යොදා ගත යුතුයි.

ගණිකා, සුරාසැල්, ඝාතන, සොරකම් කරන අය ඇසුරු නොකර යුතුයි. සැකයට භාජනය විය හැකියි.

සත්පුරුෂයෝ සත්පුරුෂ සිතුවිලි ඇත.

තමන්ගේ ජීවිතයට කරදරයක් විපතක් වෙන දෙයක් නොසිතයි.

අනුන්ට කරදරයක් වෙන දෙයක් නොසිතයි.

දෙපාර්ශයටම අයහපත වෙන දෙයක් නොසිතයි.

සත්පුරුෂ සාකච්ඡාම කතා කරයි.

තමාට යහපත පිණිස, අනුන්ට යහපත පිණිස, තමාට සහ අනුන්ට යන දෙපිරිසටම යහපත පිණිස කතා කරයි.

සත්පුරුෂයා සත්පුරුෂ වචනම කතා කරයි. සම්මා වාචා.

සත්පුරුෂයා සත්පුරුෂ කටයුතුම කරයි. සම්මා කම්මන්ත.

සත්පුරුෂයා සම්මා දිට්ඨිකයි.

මවට පියාට සැළකීමේ විපාක ඇත.

පින්කම් කිරීමේදී  ඵල විපාක තිබේ.

පිළිවෙලකට සකස් කර දානය දෙයි.

දානය දෙන්නෙ  තමන්ගෙම අතින් සකසා.

හිතින් බොහෝම ගරුකරමින්  ස්වාමීන්වහන්සේලාට ගරුකරමින්, මෛත්‍රියෙන් දානය දෙයි.

ඉතාම පිරිසිදුව දානය දෙයි.

අපට පින් ලැබෙනවා යයි සිතමින්ම පින් බලාපොරොත්තුවෙන්ම පින්කම් කරනවා.

(බෞද්ධයා නාලිකාවේ බණක් අසා වැටහුනු තරමින් සටහන් තැබුවෙමි)

අනාථ නොවී සිටීමට කැමතිද? එසේ නම් කළ යුත්තේ……..!

May 26th, 2013

1. සිල්වත් වීම.

2. කළ්‍යාණ මිත්‍රයෙක් වීම.

3. බහුශ්‍රැතයෙක් වීම.

4. සුවච කීකරු වීම.

5. දක්ෂයෙක් වීම.

6. ධර්මයට කැමති වීම.

7. අරභන ලද වීර්යෙන් කටයුතු කිරීම.

8. ලද දෙයින් සතුටු වීම.

9. සිහි කල්පනාවෙන් කටයුතු කිරීම.

10. බුද්ධියෙන් කටයුතු කිරීම.

හඳුනා ගත්තොත් ඔබ මා….

April 2nd, 2013

හඳුනා ගත්තොත් ඔබ මා, මගෙන් ඉවත් වෙන්නට සූදානම් වෙන බව දනිමි.

මා ඔබෙන් වහලෙකුගෙන් මෙන් වැඩ ගන්නා බව, මා හඳුනා ගත්තොත් ඔබට වැටහේවි.

වෙන කිසිවෙකු නොව මා ඔබේ සිත යි.

සිත් :-

1. කාමාවචර සිත්   54 යි.

2. රූපාවචර සිත්    15 යි.

3. අරූපාවචර සිත් 12 යි.

4. ලෝකෝත්තර සිත්  සංක්ෂේප ක්‍රමයෙන් 08 යි. විස්ථාර ක්‍රමයෙන් 40 යි.

 

කාමාවචර සිත් 54 :-

1. අකුසල සිත් 12 යි.

2. අහේතුක සිත් 18 යි.

3. කාමාවචර සෝභන සිත් 24 යි.

 

අකුසල සිත් 12 :-

1. ලෝභමූල සිත් 08 යි.

2. ද්වේෂමූල සිත් 02 යි.

3. මෝහමූල සිත් 02 යි.

 

අහේතුක සිත් 18 :-

1. අකුසල විපාක සිත් 07 යි.

2. කුසල විපාක සිත් 08 යි.

3. ක්‍රියා සිත් 03 යි.

 

කාමාවචර සෝභන සිත් 24 :-

1. කාමාවචර කුසල් සිත් 08 යි.

2. සහේතුක කාමාවචර විපාක සිත් 08 යි.

3. සහේතුක කාමාවචර ක්‍රියා සිත් 08 යි.

 

රූපාවචර සිත් 15 :-

1. කුසල් සිත් 05 යි.

2. විපාක සිත් 05 යි.

3. ක්‍රියා සිත් 05 යි.

 

අරූපාවචර සිත් 12 :-

1. කුසල් සිත් 04 යි.

2. විපාක සිත් 04 යි.

3. ක්‍රියා සිත් 04 යි.

 

ලෝකෝත්තර සිත් සංක්ෂේප ක්‍රමයෙන් 08 :-

1. කුසල් සිත් 04 යි.

2. විපාක සිත් 04 යි.

ලෝකෝත්තර සිත් විස්ථාර ක්‍රමයෙන් 40 :-

1. කුසල් සිත් 20 යි.

2. විපාක සිත් 20 යි.

 

සංක්ෂේප ක්‍රමයෙන් සිත් :- කාමාවචර සිත් 54+ රූපාවචර සිත් 15 + අරූපාවචර සිත් 12 + ලෝකෝත්තර සිත් 08 = සිත් 89 යි.

විස්ථාර ක්‍රමයෙන්  සිත්   :- කාමාවචර සිත් 54 + රූපාවචර සිත් 15 + අරූපාවචර සිත් 12 + ලෝකෝත්තර සිත් 40 = සිත් 121 යි.

රූපාවචර සිත් 15 + අරූපාවචර සිත් 12 = මහග්ගත සිත් 27 යි.

අකුසල සිත් 12 + අහේතුක සිත් 18 = අශෝභන සිත් 30 යි.

සංක්ෂේප ක්‍රමයෙන් සෝභන සිත් 59 යි.

කාමාවචර සෝභන සිත් 24 + රූපාවචර සිත් 15 + අරූපාවචර සිත් 12 + ලෝකෝත්තර සිත් 08 = සෝභන සිත් 59 යි.

විස්ථාර ක්‍රමයෙන් සෝභන සිත් 91 යි.

කාමාවචර සෝභන සිත් 24 + රූපාවචර සිත් 15 + අරූපාවචර සිත් 12 + ලෝකෝත්තර සිත් 40 = සෝභන සිත් 91 යි.

කාමාවචර සිත් 54 + රූපාවචර සිත් 15 + අරූපාවචර සිත් 12 = ලෞකික සිත් 81 යි.

කාමාවචර සිත් 54 :-   අකුසල් සිත් 12 යි.          කුසල් සිත් 08 යි.          විපාක සිත් 23 යි.         ක්‍රියා සිත් 11 යි.

කාමාවචර සිත් 54 :-

සෝමනස්ස සහගත් සිත්  18 යි.

උපේක්ෂා සහගත සිත්     32 යි.

දෝමනස්ස සහගත සිත්   02 යි.

සුඛ සහගත සිත්                 01 යි.

දුක්ඛ සහගත සිත්              01 යි.

අසංකාරික සිත්                 37 යි.

සසංකාරික සිත්                 17 යි.

කාමාවචර සිත්  54  හි ඇති සෝමනස්ස සහගත සිත්  18 :-

අකුසල් සිත් 12 හි, ඇති ලෝභමූල සිත් 08 න්   04 ක්.

අහේතුක සිත් 18 හි, ඇති අහේතුක කුසල විපාක සිත් 08 න් 01 ක්.

අහේතුක සිත් 18 හි, ඇති අහේතුක ක්‍රියාසිත් 03 න්  01 ක්.

කාමාවචර සෝභන සිත් 24 හි, ඇති කාමාවචර කුසල් සිත් 08 න්  04 ක්.

කාමාවචර සෝභන සිත් 24 හි, ඇති සහේතුක කාමාවචර විපාක සිත් 08 න් 04 ක්.

කාමාවචර සෝභන සිත් 24 හි, ඇති සහේතුක කාමාවචර ක්‍රියා සිත් 08 න් 04 ක්.

කාමාවචර සිත් 54 හි, ඇති සෝමනස්ස සහගත සිත් 18 =

= ලෝභමූල සිත් 04 + අහේතුක කුසල විපාක සිත් 01 + අහේතුක ක්‍රියාසිත් 01 +කාමාවචර කුසල් සිත් 04 + සහේතුක කාමාවචර විපාක සිත් 04 + සහේතුක කාමාවචර ක්‍රියාසිත් 04 ( 04+01+01+04+04+04 = 18)

 

කාමාවචර සිත් 54 හි ඇති උපේක්ෂා සහගත සිත්  32 :-

අකුසල් සිත් 12 හි, ලෝභමූල සිත් 08 න් 04 ක්.

අකුසල් සිත් 12 හි, මෝහමූල සිත් 02 න් 02 ක්.

අහේතුක සිත් 18 හි, අකුසල විපාක සිත් 07 න් 06 ක්.

අහේතුක සිත් 18 හි, කුසල විපාක සිත් 08 න් 06 ක්.

අහේතුක සිත් 18 හි, ක්‍රියා සිත් 03 න් 02 ක්.

කාමාවචර සෝභන සිත් 24 හි, කාමාවචර කුසල් සිත් 08 න් 04 ක්.

කාමාවචර සෝභන සිත් 24 හි, සහේතුක කාමාවචර විපාක සිත් 08 න් 04 ක්.

කාමාවචර සෝභන සිත් 24 හි, සහේතුක කාමාවචර ක්‍රියා සිත් 08 න් 04 ක්.

කාමාවචර සිත් 54 හි, ඇති උපේක්ෂා සහගත සිත් 32 =

=ලෝභමූල සිත් 04 + මෝහ මූල සිත් 02 + අකුසල විපාක සිත් 06 + කුසල විපාක සිත් 06 + ක්‍රියා සිත් 02 + කුසල් සිත් 04 + සහේතුක කාමාවචර විපාක සිත් 04 + සහේතුක ක්‍රියා සිත් 04 ( 04+02+ 06+ 06+ 02+ 04+ 04+ 04=32)

 

කාමාවචර සිත් 54 හි ඇති දෝමනස්ස සහගත සිත් 02

අකුසල සිත් 12 හි, ඇති ද්වේෂමූල සිත් 02 ක්.

දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත.

දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංකාරික සිත.

 

කාමාවචර සිත් 54 හි ඇති සුඛ සහගත සිත් 01

අහේතුක සිත් 18 හි, අහේතුක කුසල විපාක සිත් 01 ක්.

සුඛ සහගත කාය විඤ්ඤාණය.

 

කාමාවචර සිත් 54 හි ඇති දුඛ්ක සහගත සිත් 01

අහේතුක සිත් 18 හි, අකුසල විපාක සිත් 01 ක්.

දුක්ඛ සහගත කාය විඤ්ඤාණය.

 

කාමාවචර සිත් 54 හි ඇති අසංකාරික සිත්37

අකුසල සිත් 12හි, ලෝභමූල සිත් 08 න්  04 ක්.

1. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත.

2. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත.

3. උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත.

4. උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත.

අකුසල සිත් 12 හි, ද්වේෂමූල සිත් 02 න්, 01 ක්.

1. දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික සිත.

කාමාවචර සෝභන සිත් 24 හි, කාමාවචර කුසල් සිත් 08 න්, 04 ක්.

1. සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංකාරික සිත.

2. සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත අසංකාරික සිත.

3. උපේක්ෂා සහගත ඤාණ සම්පයුත්ත අසංකාරික සිත.

4. උපේක්ෂා සහගත ඤාණ විප්පයුත්ත අසංකාරික සිත.

කාමාවචර සෝභන සිත් 24 හි, සහේතුක කාමාවචර විපාක සිත් 08 න්, 04 ක්.

1. සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංකාරික සිත.

2. සෝමනස්ස සහගත ඤාණ විප්පයුත්ත අසංකාරික සිත.

3. උපේක්ෂා සහගත ඤාණ සම්පයුත්ත අසංකාරික සිත.

4. උපේක්ෂා සහගත ඤාණ විප්පයුත්ත අසංකාරික සිත.

කාමාවචර සෝභන සිත් 24 හි, සහේතුක කාමාවචර ක්‍රියා සිත් 08 න්, 04 ක්.

1. සෝමනස්ස සහගත ඤාණ සම්පයුත්ත අසංකාරික සිත.

2. සෝමනස්ස සහගත ඤාණ ව්ප්පයුත්ත අසංකාරික සිත.

3. උපේක්ෂා සහගත ඤාණ සම්පයුත්ත අසංකාරික සිත.

4. උපේක්ෂා සහගත ඤාණ විප්පයුත්ත අසංකාරික සිත.

අකුසල සිත් 12 හි, ඇති මෝහමූල සිත් 02 ක්.

1. උපේක්ෂා සහගත විචිකිච්ඡා සම්පයුත්ත සිත.

2. උපේක්ෂා සහගත උද්ධච්ච සම්පයුත්ත සිත.

අහේතුක සිත් 18 හි ,ඇති අකුසල විපාක සිත් 07 ක්.

1. උපේක්ෂා සහගත චක්ඛු විඤ්ඤාණය.

2. උපේක්ෂා සහගත සෝත විඤ්ඤාණය.

3. උපේක්ෂා සහගත ඝාන විඤ්ඤාණය.

4. උපේක්ෂා සහගත ජිව්හා විඤ්ඤාණය.

5. දුක්ඛ සහගත කාය විඤ්ඤාණය.

6. උපේක්ෂා සහගත සම්පටිච්ඡනය.

7. උපේක්ෂා සහගත සන්තීරණය.

අහේතුක සිත් 18 හි, අහේතුක කුසල විපාක සිත් 08 ක්.

1. උපේක්ෂා සහගත චක්ඛු විඤ්ඤාණය.

2. උපේක්ෂා සහගත සෝත විඤ්ඤාණය.

3. උපේක්ෂා සහගත ඝාන විඤ්ඤාණය.

4. උපේක්ෂා සහගත ජිව්හා විඤ්ඤාණය.

5. සුඛ සහගත කාය විඤ්ඤාණය.

6. උපේක්ෂා සහගත සම්පටිච්ඡනය.

7. සෝමනස්ස සහගත සන්තීරණය.

8. උපේක්ෂා සහගත සන්තීරණය.

අහේතුක සිත් 18 හි, අහේතුක ක්‍රියා සිත් 03 ක්.

1. උපේක්ෂා සහගත පඤ්චද්වාරාවජ්ජනය.

2. උපේක්ෂා සහගත මනෝද්වාරාවජ්ජනය.

3. සෝමනස්ස සහගත හසිතුප්පාදය.

කාමාවචර සිත් 54 හි, ඇති අසංකාරික සිත් 37 =

ලෝභමූල සිත්                                    04

ද්වේෂමූල සිත්                                     01

කාමාවචර කුසල් සිත්                        04

සහේතුක කාමාවචර විපාක සිත්     04

සහේතුක කාමාවචර ක්‍රියා සිත්        04

මෝහමූල සිත්                                     02

අකුසල විපාක සිත්                             07

අහේතුක කුසල විපාක සිත්              08

අහේතුක ක්‍රියා සිත්                            03

අසංකාරික සිත් = 37 යි. ( 04+01+04+04+04+02+07+08+03)

 

 

මාරයා

March 4th, 2013

මාරයා යනු කවරේද?

යහපත, දියුණුව, අභිවෘද්ධිය නසන යම්කිසි බලවේගයක් ස්වභාවයක් හැඳින්විය හැක්කේ මාර ලෙසයි.

මාරයෝ හඳුනා ගනිමු.

1. ක්ලේශ මාර.

2. අභිසංඛාර මාර.

3. ස්කන්ධ මාර.

4. මච්චු මාර.

5. දේවපුත්ත මාර.

1. ක්ලේශ මාර   –   කෙලෙස් ( හිතේ ඇතිවෙන නරක සිතිවිලි)

ක්ලේශ මාරයා අපේ සිත ආක්‍රමණය කරයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංච කාම අරමුණු නිසා ඇලීම, ගැටීම, මුලාවීම නිසා කෙලෙස් ඇවිස්සෙයි.

2. අභිසංඛාර මාර   –   සංඛාර (රැස්කරනවා)

සසර පැවැත්ම සඳහා කර්ම රැස් කිරීම.

අධ්‍යාත්මික ජීවිතය හෙවත් ලෝකෝත්තර නිවන බලා යන ගමන බාධා කරන කර්ම රැස් කිරීම.(සංඛාර)

3. ස්කන්ධ මාර   –   පංචස්කන්ධය

පංචස්කන්ධයම දුක් බොහෝය.

රූපය තිබෙන තැන මාරයා ඇත. රූපය තිබෙන තැන මරවන්නෙක් සිටී.

4. මච්චු මාර   –  සාමාන්‍ය මරණය.

ආයුෂ, කර්ම ආදිය ගෙවී යාමෙන් සම්මුති මරණය වේ.

5. දේවපුත්ත මාර   –   වසවර්ති මාරයා.

ලෝකෝත්තර මඟ හෙවත් නිවන සාක්ෂාත් කරගැනීම සඳහා භාවනා ආදී කුසලයෙන් ඈත් කරවීමටත්, පින් පව් කරමින් සංසාරගතව ගමන් කරනවටත් කැමැත්තක් දක්වයි.

( බෞද්ධයා රූපවාහිනී නාලිකාවෙන් විකාශය වූ බණක් ඇසුරෙන්  උපුටාගෙන, පසුකලෙකදී මතකය අවදි කරවා ගැනීම සඳහා ලියා තබමි.)

සත්පුරුෂ පුද්ගලයා දුටු සත්‍යය

February 23rd, 2013

වැරදි කල මිනිහෙක් අල්ලාගෙන රජ්ජුරුවන්ට ඉදිරිපත් කළේය.

රජ්ජුරුවෝ දඬුවම් ලෙස, සර්පයෝ හතර දෙනෙක් රැක බලා ගැනීමට බාර දුනි.

නියමිත වෙලාවට කෑම බීම දීම, නිදිකරවීම, සාත්තු සප්පායම් කිරීම ආදිය කළ යුතුයි.

එක් සර්පයෙකුට එක් දෙයක් අවශ්‍ය වන විට තවත් සර්පයෙකුට අවශ්‍ය වෙන්නේ වෙනත් දෙයකි.

මෙසේ විවිධ කාර්යන් බහුල වුවත් වැරදි කළ මෝඩ මිනිසා එය සතුටින් සහ කැමැත්තෙන් තමන්ට ලැබුණු භාග්‍යක් ලෙස සිතා කටයුතු කරයි.

ඔහුට ලැබුණු ආභරණ ලෙස සළකා, අත් දෙක දිගේ ඔතා ගත් සර්පයෝ දෙදෙනෙක්  උරහිස් දෙක මතද,  තවත් සර්පයෙක් ඉන වටා ඔතා ගෙන උදරය මතද,   බෙල්ල වටා ඔතාගත්  සර්පයෙක් හිස මුදුනෙහිද,  පෙනගොඹ තබා ගෙන සිටී.

සර්පයො දෂ්ට කළවිට දරුණු ලෙඩ හෝ මරණය සිදු වෙයි.

සුළු හෝ අතපසුවීමක් නිසා සර්පයෝ කුපිත වෙන්නේය.

මෙසේ සිටින විට සත්පුරුෂ මිනිසෙක් ඇවිත්, ඔබ ඉක්මනින්ම මෙතෙනින් පැනලා යන්න. නැත්නම් ඔබට මහත් වූ කරදරයකට පත් වීමට සිදුවන බව පැවසීය.

එබස් ඇසූ මිනිසා පැනලා දුවන්නට විය.

එවිට සර්පයෝ සතර දෙනාද පස්සෙන් එළවන්නට විය.

පැනලා දුවන මිනිසා අල්ලා ගෙන ඒමට වධකයෝ පස්දෙනෙක් පස්සෙන් එළවන්නට විය.

පැනලා දුවන මිනිසාගේ ඉතාම හිතවත් යාළුවෙක්ද යොදවා ගෙන මේ මිනිසා රවටා ගෙන හෝ  රැගෙන එන  ලෙස රජ නියමය විය.

යාළුවාට නොරැවටී  ඉක්මනින්ම දුවන ලෙස සත්පුරුෂ උපදෙස අනුව ඒ මිනිසා දුවන්නට විය.

පොඩි ගමක් හමු වූ විට , එහි ගත කිරීමට සිතූ මිනිසා ගම තුළට ගොස් බැලූ විට හිස් පාළු ගෙවල් හයක් දුටුවේය.

නැවතත් සත්පුරුෂයා කියනුයේ නවතින්න එපා  ඔය  ගෙවල් වල මංකොල්ලකාර සොරු හය දෙනෙක් සිටින නිසා ඉක්මනින්ම  දුවන්න.

එසේ දුවන විට ගඟක් හමුවිය.

ගඟෙන් එගොඩ වීමට ඉක්මනින්ම පහුරක් හදා ගෙන ගඟ තරණය කරන්නට විය.

මහත් වූ වීර්යෙන් ගඟ තරණය කරන විට ක්ෂේම භූමියක් හමු වී, එයට ගොඩ විය.

නැවත හැරී බලන විට, තමන් පසුපස එළවන පිරිස හොඳින් පෙනෙන්නටත්, ඔවුන්ගේ හඬ හොඳින් ඇසෙන්නට ත් විය.

නැවතත් සත්පුරුෂයා කියනුයේ නතර වෙන්න එපා.

මේ නිසා නැවතත් මහත් වූ වීර්යන් ගඟ තරණය  කරන විට, නැවතත් ක්ෂේම භූමියක් හමු විය.

නැවත හැරී බලන විට, පස්සෙන් එළවන පිරිසගේ හඬ නොඇසුනත් ඔවුන් ට තමන් පෙනෙන්නට විය.

නැවතත් සත්පුරුෂයා ගේ කීමට ගඟ තරණය කළේය. තුන්වෙනි ක්ෂේම භූමියත් හමුවිය.

නැවත හැරී බලන විට, හඬ නොඇසෙන බවත්, යාන්තම් ඡායා මාත්‍රයක් පමණක් පෙනෙන බවත් දැණුනි.

නතර නොවී මහත් වීර්ය ගෙන එතෙර වෙන ලෙස සත්පුරුෂ පුද්ගලයාගේ කීමට , හෙතෙම  ක්‍රියා කොට ,  රජ්ජුරුවන්ගෙන්ද,  සර්පයෝ හතර දෙනාගෙන්ද, වධකයෝ පස්දෙනාගෙන්ද, යාළුවෙක් ලෙස පැමිණි රැවටිලි කාරයාගෙන්ද, සොරු පස්දෙනාගෙන්ද, ගැලවී මහත් වූ සැඬ පහර සහිත ගංගාවෙන්ද එතර වී සැනසුමට පත් විය.

ගංගාවෙන් එතර වූ විට, පස්සෙන් එළවා පැමිණි සියල්ලෝම  විනාශ වී, අතුරුදන් විය.

 

මෙහි සඳහන් චරිත හඳුනා ගනිමු.

රජ්ජුරුවෝ   –  කර්ම බල වේගය. සංසාරික වශයෙන් අපි කර ගන්නා ලද කුසල අකුසල කර්ම ශක්තිය.

වැරදි කළ දුවන මිනිසා   –  පෘතග්ජන මිනිසා සංසාරගතව යන ගමනයි.

සර්පයෝ හතර දෙනා  – 1.  පඨවී ධාතුව  2. ආපෝ ධාතුව  3. තේජෝ ධාතුව  4. වායෝ ධාතුව. කර්මය විසින් ප්‍රතිසන්ධියෙන් ලැබුණු සතර මහ භූතයෝ.

(සර්පයො දෂ්ඨ කළ විට දරුණු ලෙඩ හෝ මරණය සිදු වන්නේ, මෙම  ධාතු  හතරේ ක්‍රියාව පිළිබඳවයි.)

සත්පුරුෂ පුද්ගලයා  –  අපේ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන්වහන්සේ.

වධකයෝ පස්දෙනා  – 1. රූප උපාදානස්කන්ධය   2. වේදනා උපාදානස්කන්ධය   3. සංඥා උපාදානස්කන්ධය   4. සංකාර උපාදානස්කන්ධය   5. විඤ්ඤාණ උපාදානස්කන්ධය.

රැවටිලි බස් කියමින් පැමිණි යාළුවා  –  නන්දි රාගය  – ලෝභය

හිස් පාළු ගෙවල් හය  –  1. ඇස  2. කණ  3. නාසය  4. දිව  5. ශරීරය  6. හිත.

මංකොල්ලකාර සොරු  –  1. රූප  2. ශබ්ද  3. ගන්ධ  4. රස  5. ස්පර්ශ  6. අරමුණු ( ධම්ම)

පහළට ගලායන  ( ඕඝය) ගඟ  –  කාම ඕඝය, භව ඕඝය, දිට්ඨි ඕඝය, අවිජ්ජා ඕඝය.

ගඟෙන් එතෙර වීමට යොදා ගත් පහුර  –  ආර්ය අෂ්ටාංගික මාර්ගය.

බලවත් වීර්ය  – සම්‍යප්‍රදාන වීර්ය.

ක්ෂේම භූමි සතර  – 1. සෝවාන් ( උපරිම ලෙස භව හතක් පමණයි  නැවත ඉපදීම. කාම භූමියට පැමිණීම)

2. සකදාගාමී ( එක වරයි කාමභූමියට එන්නෙ)

3. අනාගාමී ( නැවත කාමභූමියට එන්නෙම නැහැ)

4. මහරහත්  බවට පත් වී නිවන සාක්ෂාත් කිරීම.

මෙගොඩ (මෙතෙර)   –  සක්කාය දෘෂ්ටිය ඇතුව සංසාරගතව සිටීම.

එතෙර ( එගොඩ)  –  නිවනයි.

බෞද්ධයා මාධ්‍ය ජාලයේ විකාශය වූ බණක් අසා මට වැටහුණු ආකාරයට ලියා තබන්නේ, පසු කළෙකදී  මතකය අවදි කර ගැනීමට පහසු වීමටයි.

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

February 20th, 2013

පළමුවෙන්ම   නමෝ කීවේ සාතාගිර

තස්ස කීවේ  රාහු අසුරින්ද

භගවා කීවේ සතරවරම් දෙවිවරු

අරහං කීවේ සක් දෙවිඳු

සම්මා සම්බුද්ධ කීවේ සහම්පතී මහා බ්‍රහ්මයා

 

අනුත්තරෝ පුරිසදම්ම සාරථී

February 2nd, 2013

පංච අනුත්තර ධර්ම

අනුත්තරෝ – තථාගතයන් වහන්සේට වඩා වෙන උතුම් කෙනෙක් නැත. ගුණයෙන්, ශ්‍රේෂ්ඨ විශිෂ්ඨ අග්‍ර කෙනෙකි.

ගුණධර්ම පහක්

1. ශීල ගුණය  –  ශීල ගුණය අතින් සියළු සිල්වතුන් අතර ලෝකය යට කරන්නේය. දෙවියන්, බ්‍රහ්මයන්, මනුෂ්‍යන්, වෙන කිසිම සත්වයෙක්වත් නැත.

2. සමාධි ගුණය  –  සමාධිලාභීන් අතර බුදුරජාණන්වහන්සේ අග්‍රයි.

3. ප්‍රඥා ගුණය  –  සර්වඥතා ප්‍රඥාවෙන් අග්‍රයි.  සර්වඥතා ඤාණයෙන් හිත අහිත වූ  සෑම දෙයක්ම පෙනෙන නිසා, සර්වඥතා ඤාණයට පස්සෙ මහා කරුණා සමාපත්තිමය ඤාණයෙන් බලා කටයුතු කරයි.

4. විමුක්ති ගුණය  –  ගුරු උපදේශයකින් තොරව තමන් වහන්සේ විසින්ම දුකින් නිදහස් වූ බැවින් බුදුරජාණන් වහන්සේ අග්‍රයි.

5. විමුක්ති ඥාන දර්ශන ගුණය  –  විමුක්තිය පිළිබඳව දැන ගැනීමේ ඥානයෙන්ද අග්‍රයි.

පුරිස  – පුරුෂයෝ  තුන් ආකාරයි.

1. මනුෂ්‍ය පුරිස  – අංගුලිමාල, සච්ච්ක වැනි පුරුෂයෝ දමනය කළහ.

2. අමනුෂ්‍ය පුරිස  –  තිරිසන් නොවන, මනුෂ්‍ය නොවන, පුරුෂයෝ – දෙවියන්, බඹුන්, යක්ෂයන්. ආදීන්.  – (බක බ්‍රහ්මයා, සක්‍රය, සුචිසෝම )

3. තිරස්චීන පුරිස  –  නාලාගිරි ඇතා

දම්ම  –  දමනය කිරීම. ශාන්ත, සිල්වත්, ගුණවත් විදියට දමනය කිරීම.

දමිත දමනය  –  දමනය වූ පුද්ගලයන් ට ඉදිරියට යාමට කියා දුන්නා.

අදමිත දමනය  –  දමනය නොවූ අයද දමනය කළා.

සාරථී  –  රථයක් පදවන රියැදුරෙක්  නියමිත තැනට විපතක් නොවී, ගෙන යනවා වාගේ නිවන් මාර්ගයෙන් නිවනටම යෑම.

තථාගතයන් වහන්සේ,

1. අප්පටිමෝ  – තථාගතයන්  වහන්සේගේ සමාධි ගුණය, ශීල ගුණය, ප්‍රඥා ගුණය, විමුක්ති ගුණය, විමික්ති ඤාණ  දර්ශන ගුණය, ඇතුලත් වන ලෙස  බුද්ධ  ප්‍රතිමා පිළියෙල  කළ නොහැකියි.

2. අසම – තථාගතයන් වහන්සේ කිසිවෙකුටත් සම කළ නොහැකියි.

3. අසමසම -අසමයන්ට පමණක් සමාන වන නිසා  තථාගතයන් වහන්සේ අසමසම වේ. කිසිවෙකුටත් සම කළ නොහැකි අසම වන්නේ බුදුවරුන්   පමණක් නිසා තථාගතයන් වහන්සේ  බුදුවරුන්ට පමණක්  සමානයි.

4. අප්පටිභාගො – ධර්ම කරුණු වැරදි යයි කියා අභියෝග කළ නොහැකියි.

5. අප්පටි පුග්ගලො  – සම්මා සම්බුද්ධ නොවෙයි කියා අභියෝග කළ නොහැකියි.

අනුත්තරෝ පුරිසදම්ම සාරථී ගුණයට මාගේ නමස්කාරය වේවා.

 

පිංකම් කොට කෙතරම් ප්‍රාර්ථනා කළත් ඉටු නොවන ප්‍රාර්ථනාවන්

February 2nd, 2013

1. මහලුවීම.

2. ලෙඩවීම.

3. මරණය.

4. ක්ෂයවීම. ( සංස්කාරයන්ගේ ක්ෂයවීම)

5. විනාශවීම. ( සංස්කාර ධර්මයන්ගේ නැසෙනසුළු බවයි.)

සම්මා දිට්ඨි සූත්‍රය

January 31st, 2013

සම්මා දිට්ඨි සූත්‍රය ගැන  මගේ අධික කැමැත්ත සහ ඒ පිළිබඳව සෙවීමේ කැමැත්ත ඇති වූයේ බෞද්ධයා රූපවාහිනී  නාලිකාවෙන් ප්‍රචාරය වූ  ධර්ම දේශනා වලට සවන් දුන් බැවිනි.

සම්මා දිට්ඨි සූත්‍රය මෙසේ ලියා තැබීමට හිතුවේ, පසු කලෙකදී මගේ මතකය නැවැත අලුත් කර ගැනීමටත්, පූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන්වහන්සේලාටද, බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ ස්වාමින්වහන්සේ ඇතුළු සියල්ලන්ටමද උපහාර වශයෙනි.

 

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin