විෂ කටු ඇනුනාම
පිල කොළ අඹරා බඳින්න.
වල් ළූනු පොල් කිරෙන් අඹරා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)උළුක්කුවට හා තැල්මට
බැල තණ
බිම් පොල්
කොහොඹ කොළ
අමු කහ
පොල්
මේවා මිට මිට ගෙන කොටා මිරිකා කකාරා ගාන්න. එම රොඩු තල තෙලෙන් මලවා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)කැපුනාම
අමු පොල් පිත්තක් තලා මිරිකා ඉස්ම තුවාලයට දමා රෙදි කඩකින් බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)වලිප්පුවට
කිසිවක් පොවන්න එපා.
අයිස් වතුර
බේබි කොලෝන්
ඇල් වතුර
මේ එක් වර්ගයකින් හිස තෙමා තරමක් උණු වතුර බේසමක ඇඟ ගිල්වා තබන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)පණු ගායට
වලගසාල්
ගොටු දඬු
කරාබු නැටි
එක පමණ ගෙන තැම්බූ වතුරට සීනි දමා දවසට තුන් වරක් දෙන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)හිරි වාතයට අත පය වේදනාවට
නෙල්ලි
රසකිඳ
එක පමණට ගෙන තම්බා සීනී මී පැණි දමා උදේ හවස බොන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)අජීර්ණයට
අමු ඉඟුරු
ඉරි වේරිය දඬු
කරපිංචා නැටි
රතු ළූනු බික් 1
සුදු ළූනු බික් 1
කෑලි කපා අළු කෙසෙල් කොළයක ඔතා උණු උණු අළු පල්ලේ තම්බා කොටා මිරිකා මී පැණි දමා බොන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)වෙද හෙදකම්
ඩී. ඒ. හෙට්ටිආරච්චි මහතා විසින් ලියා තබන ලද පොතකින් ලබා ගන්නා ලදී. මෙය එතුමාට පිං පිණිස සහ උපහාරයක්ම පිණිස වේවා.මෙම පොත ලබා දුන් ගයනි මහත්මියට සහ පසන් හෙට්ටිආරච්චි මහතාට ස්තුති වේවා.
ගනකම තඹ ශතයක බර = කලඳයි.
මදටිය 40 ක් කලඳයි.
මදටිය ඇට 1 ක් මංචාඩි 1 යි.
සියලු සත්වයෝ නීරෝගී වෙත්වා.
Filed under වෙද හෙදකම් | Comment (0)