ඉස් හොරි වලට

January 24th, 2009

දෙහි ගැට උළු හාල්  සමව තම්බා හිසේ අතුල්ලා නාන්න.

ඊටම

අමු නෙල්ලි කොටා හිසේ අතුල්ලා හිස සෝදා නාන්න.

ඉදි කටුවක් ඇනී කෑල්ලක් ඇතුලේ තිබේනම්

January 24th, 2009

ඉත්තෑ කූරු බෝතල් කටුවකින් හූරා ගෙන එම කුඩු තල තෙලෙන් මලවා තබා බඳින්න. කටුව ඇදේ.

සියලුම සර්ප විෂට

January 24th, 2009

අමු ඉඟුරු

සුදු ළූනු

ගම්මිරිස්

මුරුංගා පොතු

එක පමණට ගෙන කොටා උණු වතුර දමා මිරිකා පොවන්න.

එම ඉස්ම තමාගේ කටේ තබා ගෙන විෂ උරවා දමන්න.

කුඩු ඒවාම තුවාලයටද තබා බඳින්න.

නාග විෂට

January 24th, 2009

සත් සඳ මුල්, ඉරමුසු මුල්, නර මුත්‍රා වලින් අඹරා නස්න කරන්න.

එම් පතක් පමණ මුත්‍රා සමඟ පොවන්න.

කෑ මුඛය බෝතල් කටුවකින් පහලට පලා, මිරිකා ලේ හැර කුප්පමේනියා සහමුලින් ගෙන සෝදා අමු කහ දෙහි ගැට සමඟ කොටා බඳින්න.

ඊටම

වේ බඩ තලා හීනැටි හාල් කැඳට දමා ගිතෙල් සමඟ ලුනු නොදමා දෙන්න.

[ වේ බඩ = වේවැල් වල බොඩය ]

කරවැල් විෂට

January 24th, 2009

කරපිංචා කොළ, පොතු, නැටි, කලං 4 බැගින් කලං 12 ක් ගෙන, වතුර පත 8 /1 ට සිඳුවා පොවන්න.

ඊටම

මුකුණු වැන්න, දිය මෙනේරිය, කී කිරිඳිය සහමුලින් ගෙන හාල් පානු දියෙන් අඹරා ගාන්න.

පිස්සු බල්ලන් කෑවට

January 24th, 2009

ගැට තුඹ කොළ

මුරුංගා කොළ

කිරි අගුණ කොළ

දෙහි ඇඹුලෙන් අඹරා කෑ මුඛය හොඳට සබන් දමා සෝදා බේත තබා බඳින්න.

ඊටම

හීනැටි හාල් කැඳ උයා අගුණ වැල් සහමුලින් ගෙන කොටා මිරිකා ඉස්ම කැඳට දමා එලකිරි දමා ලුනු නොදමා බොන්න දෙන්න.

ඊටම

හීනැටි හාල් කැඳට, කිතුල් කොළ කොටා මිරිකා ගත් යුෂට එලකිරි දමා කැඳ ලුනු නොදමා දෙන්න.

කිරි පණු ගායට

January 24th, 2009

එරබදු දළු දෙමිටක් ගෙන ඇත්තෝර කොළ හතරක් දමා ලියා පොල් සමඟ මලවා මැල්ලුම සදා කන්න දෙනවා.

බඩ විරේකයක්

January 15th, 2009

අරළු කුඩු, වැල්මී කුඩු කලඳ බැගින් ගෙන කිතුල් හකුරු සමඟ අඹරා රාත්‍රී කෑමට පසු ගිලින්න. උණු වතුර බොන්න. වැඩියෙන් උණු වතුර බීව තරමට වැඩියෙන් විරේක වේ.

නවතින්න තැඹිලි හෝ කුරුම්බා වතුර බොන්න.

මෙය මාස තුනකට වරක්  සෑහේ.

බෙල්ල දෙපැත්තේ එන සෙම් ගෙඩි වලට

January 15th, 2009

ගම්මිරිස්

තිප්පිලි

සහිඳ ලුනු

අමු ඉඟුරු

සුදුළූනු

මුරුංගා මුලේ පොතු

මේවා එක පමණ ගෙන අඹරා කුඩා පොට්ටනි බැඳ කටේ දමා හපමින් සෙම අරින්න.

ඊටම

සර්ව  විශාදිය තෙල් බෙල්ල දෙපැත්තේ ගා, බුලත් කොළයකත් පිට පැත්තේ තෙල ගා, ඇතුල් පැත්ත ගිනි අඟුරට අල්ලා රත් කර බෙල්ල තවන්න.

තක්කාලි, මුරුංගා, බණ්ඩක්කා කෑම අගුණයි.

බඩේ අජීර්ණයක් වැනි කෑම අරුචිය ඇති විට

January 15th, 2009

සූදුරු ටිකක් කබලේ බැඳ කුඩු කර කෝපි මෙන් වත් කර සීනි කා බොන්න.

  • වත ගොත...

    මගේ cyber අවකාශයේ ඉඩ

  • ඔබ සිටින්නේ...
    Courtesy MOHA Geo.
  • Blogroll
  • Admin