දැණුම අවබෝධයට බාධාවක්ද?……..?…….?
දැණුම යනුවෙන් අදහස් වෙන්නේ කුමක්ද?
දැණුම ලැබෙන්නේ කෙසේද?
දැණුම ලැබෙන්නේ කොහෙන්ද?
දැණුම ලැබෙනවාද? ලබාගන්නවාද?
දැණුම අවබෝධයට බාධා වෙනේ කෙසේද?
දැණුම බිම තැබිය හැකිද?
දැණුම බිම තැබූ විට කුමක් සිදු වේද?
දැණුම බිම තබා හොඳ හුස්මක් ගත හැකිද?
සෑම දෙයක්ම සෑම සිදු වීමක්ම ආදී විවිධාකාර දේවල් පිළිබඳව දැන ගැනීම හඳුනා ගැනීම දැණුම ලෙස සරලව කිව හැකියි.
නාමිකව හෝ කෙටියෙන් හෝ කෙටි විස්තරයකින් හෝ දීර්ඝ විස්තරයකින් හෝ යන නොයෙක් පරාසයන් තුළ දැණුම තිබිය හැකියි.
දැණුම සහ දැණුමේ ප්‍රමාණය සාපේක්ෂක වන නිසා, විවිද පැතිකඩ ඔස්සේ විවිද මත ඉදිරිපත් කළ හැකි බවද කිව යුතුයි.
දැණුම ලැබෙන ආකාර බොහෝ ප්‍රමාණයක් ඇති නමුත් ඒ සියල්ලම නොවිධිමත් අවධිමත් විධිමත් යනාකාරයෙන් කොටස් වලට යොමු කිරීමෙන් පහසුවක් සැලසේ.
අපේ ෂඩ් ඉන්ද්‍රියන්ට ලැබෙන සෑම අරමුණකින්ම අපට දැණුම ලැබෙන අතර ඒ අරමුණු ඇති කිරීමට හෝ ඇති වීමට හෝ යනාදි දේවල් සියල්ලම දැණුම ලැබෙන ප්‍රභවයයන් ලෙසද ගත හැකියි.
දැණුම, ලබාගැනීමෙනුත් ලැබීමෙනුත් යන දෙයාකාරයෙන්ම සිදු වෙන්නකි.
දැණුම ලබා ගැනීම නොයෙක් ආකාරයට සිදු කරන බව අපි සැවොම දනිමු.
විවිධ අය විවිධාකාරයෙන් දැණුම ලබා ගැනීම සිදු කරත් පොදුවේ සියල්ලක්ම ප්‍රධාන වශ්‍යෙන් මූලිකව අධ්‍යාපන ආයතන මඟින් ලබා ගැනීමට යොමු වී ඇත.
අධ්‍යාපන ආයතන වලට යාමට ප්‍රථම නිවසේදීත් සමාජයෙනුත් නොයෙක් ආකාරයේ දැණුම් සම්භාරයක් කාහටත් ලැබී ඇත.
උපන් අවස්ථාවේදී සිඟිති දරුවාට කිරි උරා බීමේ දැණුම ලබා දුන්නේ කවුද?
අපහසුවක් දැනෙන විට ඒ බව හඟවන්නට ක්‍රමයක් එනම් අඬන්නට කියා දැණුමක් ලබා දුන්නේ කවුද?
පහසුවක් දැනෙන විට, සිනහ වෙන්නට කියා දැණුමක් ලබා දුන්නේ කවුද? (උපන් හැටියේ බිළිඳු දරුවන් පවා නින්දෙන් ලස්සනට සිනහ වෙන බව දන්නෝ දනිති)
එමනිසා දැණුම ලැබීමේ සහ ලබා ගැනීමේ ක්‍රම සහ ප්‍රභවයයන් ගැන, තවදුරටත් සෙවීමට අවශ්‍යය වන්නේනම් තම තම්න් විසින්ම සොයා ගැනීමට යොමු විය හැකියි. ( බොහෝ කරුණු විස්තරාත්මකව ඇති බැවිනි)
දැණුම කිසිම දෙයක අවබෝධයට බාධාවක් නොවන්නේමය.
කිසිම දැණුමක් නොමැති කිසිම සත්ත්වයෙක්ද සොයා ගත නොහැකියි.
දැණුම අවබෝධයට පහසුවක් ගෙන දෙයි.
දැණුම නිසා ඇති වෙන උගත්කම බුද්ධියට හරවා ගත් කළ, එය අවබෝධයට පහසුවක්ම වෙයි.
උගත්කමට වඩා බුද්ධියේ වෙනස ලෙස දැක්විය හැකි වෙන්නේ, අවශ්‍යය තැනට අවශ්‍යය දෙය අවශ්‍ය වෙලාවට සකස් කර ගත හැකි වෙන්නේ බුද්ධියට පමණි.
එමනිසා දැණුම, අවබෝධය සඳහා යොදා ගැනීමට බුද්ධිමතාට ගැටළුවක් නොවේ.
දැණුම නිසා ඇති කරගන්නා නොයෙක් ආකාරයේ මානයන් නිසා අවබෝධයන්ට බාධා ඇති විය හැකියි.
රහත් වනතුරුම සෑම කෙනෙක් ලඟම ඇති ක්ලේශයක් වන මානයේ ප්‍රමාණය මැනිය හැකි වෙන්නේ ද සම්මා සම්බුදුවරයෙකුටම පමණි.
නොයෙක් ආකාරයේ දැණුම්, උපතේ සිටම ඇති දෙයක් නිසා, එය ජීවිතය හා බැඳී පැවතෙන්නක් මිස, කරමත ඇති දෙයක් ලෙස සිතා බිම තැබිය හැකි දෙයකුත් නොවෙයි.
විවිධ අවස්ථාවන් වලදී විවිධ දේවල් පිළිබඳව නොයෙක් ආකාරයේ අවබෝධයන් ඇතත්, වටිනාම අවබෝධය ලෙස අප සිතන සංසාර දුකින් එතරවීම යන අවබෝධයේ ගමන් මඟෙහි සිටින තැන, නිවැරැදිවම කිව හැකි වෙන්නේ සම්මා සම්බුදුවරයෙකුට පමණි.
කෙනෙකුගේ කතා බහෙන් හැසිරීමෙන්, ඒ කෙනාගේ අවබෝධයේ ප්‍රමාණය කියන්නට යමෙක් පෙළඹෙන්නේ නම්, ඒ තැනැත්තා කෙරෙහි අනුකම්පාවෙන් සහ මෛත්‍රී සිතින් බැලීම පමණක් කළ යුතුයි. මක් නිසාද යත් සම්මා සම්බුදු වරයෙකු සතු හැකියාව ඇති බව පෙන්වීමට උත්සහ කිරීම නිසායි.
දැණුම ජීවිතය හා බැඳී පවතින්නක් නිසා, එය බිම තැබිය හැකි දෙයක් නොවෙයි.
දැණුම බිම තැබිය නොහැකි නම්, බිම තැබූ විට කුමක් සිදු වේද යන ප්‍රශ්නය ද නොගැලපේ.
දැණුම බිම තැබිම සිදු වෙන්නේ, මරණයත් සමගයි.
ඉන්පසු හොඳ හුස්මක් ගත් කෙනෙක් ලොව කොතැනක හෝ සිටීද?
Filed under නොතේරු | Comment (0)