ඉස් හොරි වලට
දෙහි ගැට උළු හාල් සමව තම්බා හිසේ අතුල්ලා නාන්න.
ඊටම
අමු නෙල්ලි කොටා හිසේ අතුල්ලා හිස සෝදා නාන්න.
Filed under නොතේරු, වෙද හෙදකම් | Comment (0)ඉදි කටුවක් ඇනී කෑල්ලක් ඇතුලේ තිබේනම්
ඉත්තෑ කූරු බෝතල් කටුවකින් හූරා ගෙන එම කුඩු තල තෙලෙන් මලවා තබා බඳින්න. කටුව ඇදේ.
Filed under වෙද හෙදකම් | Comment (0)සියලුම සර්ප විෂට
අමු ඉඟුරු
සුදු ළූනු
ගම්මිරිස්
මුරුංගා පොතු
එක පමණට ගෙන කොටා උණු වතුර දමා මිරිකා පොවන්න.
එම ඉස්ම තමාගේ කටේ තබා ගෙන විෂ උරවා දමන්න.
කුඩු ඒවාම තුවාලයටද තබා බඳින්න.
Filed under වෙද හෙදකම් | Comment (0)නාග විෂට
සත් සඳ මුල්, ඉරමුසු මුල්, නර මුත්‍රා වලින් අඹරා නස්න කරන්න.
එම් පතක් පමණ මුත්‍රා සමඟ පොවන්න.
කෑ මුඛය බෝතල් කටුවකින් පහලට පලා, මිරිකා ලේ හැර කුප්පමේනියා සහමුලින් ගෙන සෝදා අමු කහ දෙහි ගැට සමඟ කොටා බඳින්න.
ඊටම
වේ බඩ තලා හීනැටි හාල් කැඳට දමා ගිතෙල් සමඟ ලුනු නොදමා දෙන්න.
[ වේ බඩ = වේවැල් වල බොඩය ]
Filed under වෙද හෙදකම් | Comment (0)කරවැල් විෂට
කරපිංචා කොළ, පොතු, නැටි, කලං 4 බැගින් කලං 12 ක් ගෙන, වතුර පත 8 /1 ට සිඳුවා පොවන්න.
ඊටම
මුකුණු වැන්න, දිය මෙනේරිය, කී කිරිඳිය සහමුලින් ගෙන හාල් පානු දියෙන් අඹරා ගාන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)පිස්සු බල්ලන් කෑවට
ගැට තුඹ කොළ
මුරුංගා කොළ
කිරි අගුණ කොළ
දෙහි ඇඹුලෙන් අඹරා කෑ මුඛය හොඳට සබන් දමා සෝදා බේත තබා බඳින්න.
ඊටම
හීනැටි හාල් කැඳ උයා අගුණ වැල් සහමුලින් ගෙන කොටා මිරිකා ඉස්ම කැඳට දමා එලකිරි දමා ලුනු නොදමා බොන්න දෙන්න.
ඊටම
හීනැටි හාල් කැඳට, කිතුල් කොළ කොටා මිරිකා ගත් යුෂට එලකිරි දමා කැඳ ලුනු නොදමා දෙන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)කිරි පණු ගායට
එරබදු දළු දෙමිටක් ගෙන ඇත්තෝර කොළ හතරක් දමා ලියා පොල් සමඟ මලවා මැල්ලුම සදා කන්න දෙනවා.
Filed under වෙද හෙදකම් | Comment (0)බඩ විරේකයක්
අරළු කුඩු, වැල්මී කුඩු කලඳ බැගින් ගෙන කිතුල් හකුරු සමඟ අඹරා රාත්‍රී කෑමට පසු ගිලින්න. උණු වතුර බොන්න. වැඩියෙන් උණු වතුර බීව තරමට වැඩියෙන් විරේක වේ.
නවතින්න තැඹිලි හෝ කුරුම්බා වතුර බොන්න.
මෙය මාස තුනකට වරක් සෑහේ.
Filed under වෙද හෙදකම් | Comment (0)බෙල්ල දෙපැත්තේ එන සෙම් ගෙඩි වලට
ගම්මිරිස්
තිප්පිලි
සහිඳ ලුනු
අමු ඉඟුරු
සුදුළූනු
මුරුංගා මුලේ පොතු
මේවා එක පමණ ගෙන අඹරා කුඩා පොට්ටනි බැඳ කටේ දමා හපමින් සෙම අරින්න.
ඊටම
සර්ව විශාදිය තෙල් බෙල්ල දෙපැත්තේ ගා, බුලත් කොළයකත් පිට පැත්තේ තෙල ගා, ඇතුල් පැත්ත ගිනි අඟුරට අල්ලා රත් කර බෙල්ල තවන්න.
තක්කාලි, මුරුංගා, බණ්ඩක්කා කෑම අගුණයි.
Filed under වෙද හෙදකම් | Comment (0)බඩේ අජීර්ණයක් වැනි කෑම අරුචිය ඇති විට
සූදුරු ටිකක් කබලේ බැඳ කුඩු කර කෝපි මෙන් වත් කර සීනි කා බොන්න.
Filed under වෙද හෙදකම් | Comment (0)